(ජේ.කේ.එල්. චාමින්ද)

ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය එච්.එම් සෝමරත්න මහතාට කොවිඩ් වයිරසය ආසාදනය වි ඇති බවට  තහවුරු  වූ බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පවසයි.

දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා අද දින (21)  රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයක් සිදුකරගෙන ඇති අතර එම පරික්ෂණයේ දි ඔහුට කොවිඩ් වයිරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පවසයි.

දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාට කොරෝනා වයිරසය ආසාදනය විම නිසා එම ධුරයේ වැඩබැලිම සදහා දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරියක් පත්කොට ඇති බවද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පවසයි.

කොරෝනා ආසාදිත දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා අයි.ඩි එච් රෝහලට වෙත යොමු කරනවාද නිවසේ සිට ප්‍රථිකාර ගන්නවාද යන්න තවමත් තිරණය කොට නොමැති බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය.