සැහැල්ලු ගුවන් යානය කඩාවැටීම ගැන හොයන්න පරීක්ෂණ කමිටුවක් කන්තලේ සූරියපුර ජනරංජන වැව ආසන්නයේ ඇලකට ගුවන් හමුදාවට අයත් පී ටී -6 නැමැති සැහැල්ලු ගුවන් යානය කඩාවැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතාගේ නියමයෙන් පරීක්ෂණ කමිටුවක් පත් කර ඇති බව ගුවන් හමුදාව පවසයි. 15 December 2020
උපරිමාධිකරණ සංකීර්ණයේ ගින්න ගැන හොයන්න සී.අයි.ඩී. කණ්ඩායම් 3 ක් උපරිමාධිකරණය සංකීර්ණයේ අබිලි භාණ්ඩ සහිත ගබඩාවක අද (15) පස්වරුවේ හටගත් ගින්න සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් තුනක් පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 15 December 2020
බම්බලපිටියේ සාප්පු සංකීර්ණයක් වසාදමයි කොරෝනා වයිරසය ආසාදනය වූ සේවයකයන් සිව්දෙනෙකු හඳුනාගැනීම හේතුවෙන් බම්බලපිටියේ සාප්පු සංකීර්ණයක් තාවකාලිකව වසා දමා තිබේ. 15 December 2020
බේරුවල දුම්රිය ස්ථානය තාවකාලිකව වහයි බේරුවල දුම්රිය ස්ථානයේ සේවය කරනු ලබන දුම්රිය සේවකයකු කොවිඩ්-19 රෝගියෙකු බව තහවුරු වීමත් සමග එම දුම්රිය ස්ථානය තාවකාලිකව වසා දැමීමට දුම්රිය බලධාරීන් අද (15) පියවර ගත්තේය. 15 December 2020
පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණය හෙට යළි අරී කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව වසා දැමූ පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණය හෙට(16) යළි විවෘත කරන බව ධීවර අමාත්‍යංශය පවසයි. 15 December 2020
ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලේ ගින්න පාලනය කෙරේ අලුත්කඩේ පිහිටා ඇති උපරිමාධිකරණ සංකීර්ණයේ පහත මාලයේ පිහිටි ගාඩනැගිල්ලක හටගත් ගින්න මේ වනවිට පාලනය කර ඇතැයි උපරිමාධිකරණ සංකීර්ණයේ ආරක්ෂක අංශ නිලධාරීන් පවසති. 15 December 2020
ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොඩනැගිල්ලක ගින්නක් කොළඹ අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොඩනැගිල්ලක හදිසි ගින්නක් හට ගෙන තිබේ. 15 December 2020
558 ක් සුවය ලබා යති කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයන් 558 දෙනෙකු සුවය ලබා අද (15) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි. 15 December 2020
නෙදර්ලන්තය සති පහකට වහයි කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තියේ අවදානම සැලකිල්ලට ගනිමින් නෙදර්ලන්තය අද (15) සිට සති 05ක කාලයක් වසා දැමීමට පියවර ගෙන ඇතැයි ගාඩියන් පුවත් සේවය වාර්තා කර සිටී. 15 December 2020
බස්වල හිටගෙන ගමන් බෑ අසුන් ප්‍රමාණයට පමණක් මගීන් රැගෙන යා යුතු බවත්, ධාවනය වන අවස්ථාවේ දී කිසිදු මගියෙකු සිටගෙන ගමන් නොකළ යුතු බවටත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පොලිස්උපතිවරයා වෙත විශේෂ උපදේශන පත්‍රිකාවක් නිකුත් කර ඇත. 15 December 2020
සැහැල්ලු ගුවන් යානයක් කන්තලේ ඇළකට කඩා වැටෙයි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් නියමුවන් පුහුණු කරන පී ටී 6 නැමැති සැහැල්ලු ගුවන් යානයක් කන්තලේ ජනරංජන වැව ඉස්මත්තේ ඇති ඇලකට කඩා වැටී ඇති බව ගුවන් හමුදාව කියයි. 15 December 2020
හොරණ කර්මාන්ත ශාලාවක 47 කට කොරෝනා හොරණ , කර්මාන්තශාලාවක් තුල ඉන්දියන් ජාතිකයන් 37 දෙනෙකු ඇතුළු 47 දෙනෙකුට නව කොරෝනා වයිරසය වැළදි ඇති බවට තහවුරු වී ඇතැයි ඉංගිරිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එල්. පි.එල් ප්‍රියන්ත මහතා පැවසීය. 15 December 2020
ඇමෙරිකාවේ කොරෝනා මරණ ලක්ෂ 3 පනී ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන අද (15) 300,000 ඉක්මවා ගියේය. 15 December 2020
රත්නපුරේ මඟුල් ගෙදරක 15 කට කොරෝනා රක්වාන මංගල උත්සවයක මනාලයා සහ මනාලිය ද ඇතුළුව උත්සවයට සහභාගි වු 15 දෙනෙකුට මේ වන විට කොරෝනා ආසාදනය වි ඇතැයි රත්නපුර දිස්ත්‍රික් වසංගත රෝග වෙද්‍ය ලක්මාල් කෝණාර මහතා අද(15) පැවසීය . 15 December 2020
ජිනවංශ හිමියන්ගේ ඝාතකයා සොයන්නයි හික්කඩුවේ උද්ඝෝෂණයක් රත්ගම පොල්ගස් දුව ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටි නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන්ගේ හදිසි අපවත්විම ඝාතනයක් බව පවසා ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ප්‍රදේශවාසින් පිරිසක් අද (15) උදේ හික්කඩුව නගරයේදි උද්ඝෝෂණයක් පවත්වන ලදි. 15 December 2020
වව්නියාවේ පාසල් 4 ක් වහයි වවුනියාව ,කට්කුලි ප්‍රදේශයෙන් කොවිඩ් - 19 වෛරස ආසාදිත පාසල් සිසුවකු වාර්තාවීමත් සමඟ වවුනියාව නගරයේ පාසල් හතරක් දින නියමයකින් තොරව අද (15) දිනයේ සිට වසාදැමූ බව වවුනියාව කළාප අධ්‍යාපන අධ්යක්ෂ එම්. රාදාක්රිශ්නන් මහතා පවසයි. 15 December 2020
හිජාස් හිස්බුල්ලා හමුවී උපදෙස් ගන්න නීතිඥවරුන්ට අවසර මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාට හෙට(16) පස්වරු 2.30 ට සිය නීතිඥවරුන් හමුවීම සදහා අවස්ථාව දීමට හැකි බව නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට අද (15) දැනුම් දුන්නෙනේය. 15 December 2020
සතොස වාහන අවභාවිතාවකට හිටපු මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ලංකා සතොස ආයතනයේ 2015- 2019 යන වසර වල සිදුවූ බව කියන වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල්ලා මොහොමඩ් මහරූෆ් සහ ෆාරුක් මොහොමඩ් ඉස්ලාම් යන දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 15 December 2020
වාහන අංක තහඩු වලින් පළාත් අකුරු ඉවතට වාහන අංක තහඩු නිකුත් කිරීමේදී වාහනය ලියාපදිංචි කෙරෙන පළාත සංඛේතවත් කිරීම සඳහා යොදන ඉංග්‍රීසි අකුරු ඉවත් කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. 15 December 2020
පානීය ජලයට ටිනර් මුසු වී සිසුවියන් 4ක් රෝහලේ හබරාදුව ලණුමෝදර ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන සිසුවියන් 04 දෙනෙකු විසින් පානය කළ ජලයට ටිනර් මිශ්‍රවීමෙන් රෝගී වීම නිසා එම සිසුවියන් සිව්දෙනා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇති බැව් හබරාදුව පොලිසිය පවසයි. 15 December 2020
’සංවර්ධනය කියලා හැම නායකයෙක්ම පරිසරය වනසනවා’ ’මේ රටේ ඉන්න හා හිටපු හැම නායකයෙක්ම ක්‍රියා කරන්නේ පරිසරය විනාශකරගෙන සංවර්ධනය සිද්ධ කරන්න. ඒ සංවර්ධනයේ ඵලක් තියෙනවාද? රටේ මිනිස්සු මැරි මැරි යන කොට කාටද ඒ සංවර්ධයේ ප්රතිලාභ ලබන්නේ?’ යැයි ආදිවාසී නායක විශ්වකීර්ති වනස්පතී වන්නිලා ඇත්තෝ දඹාන කොටබකිනිය ගම්මානයේදී පැවසීය. 15 December 2020
ප්‍රාථමික පාසල් - පෙර පාසල් ජනවාරියේ සිට පාසල් හා පෙර පාසල්වල ප්‍රාථමික අංශ ජනවාරි මාසයේදී නැවත විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසයි. ප්‍රාථමික හා පෙර පාසල් නැවත ආරම්භ කිරීමට නිවැරදි දිනය සති දෙකකින් ප්‍රකාශයට පත් කරන බවද ඇමතිවරයා කීවේය. 15 December 2020
රට මත්පැන් විස වී අයියා-මලෝ මරුට විදෙස් රටකින් ගෙනා බව කියන මත්පැන් වර්ගයක් පානය කිරීම හේතුවෙන් අසාත්මිකතාවයකට පත්ව රෝගාතුරවූ පුද්ගලයින් සිව්දෙනෙකු රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එයින් දෙදෙනෙකු මරණයට පත්ව ඇතැයි මීරිගම පොලිසිය කියයි. 15 December 2020
යාපනය ස්ටැලියන්ස් අවසන් මහ තරගයට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් යාපනය ස්ටැලියන් කණ්ඩායම ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට අද (14) රාත්‍රී සමත් විය. සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී යාපනය ක්‍රීඩකයෝ ලකුණු 37 කින් දඹුල්ල වයිකිංස් පිල පරාජය කිරීමට සමත් වූහ. 14 December 2020
තවත් කොරෝනා මරණ 2 ක් කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් අද (14) රෝගීන් දෙදෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. 14 December 2020
අද කොරෝනා රෝගීන් සංඛ්‍යාව 685 යි මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (14) පස්වරු 9.00 වනවිට එක්වූ ආසාදිතයන් 329 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 685 ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 14 December 2020
ලන්ඩන් නුවර තත්ත්වය නරක අතට ලන්ඩන් අගනුවරින් දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් ඉහළ යමින් තිබෙන බවත් තත්ත්වය පාලනය කරගත හැකි මට්ටමකට ගෙන ඒම සඳහා ආණ්ඩුව මැදිහත් විය යුතු බවත් එනුවර පුරපති සදීක් ඛාන් පවසා ඇත. 14 December 2020
මැනිං වෙළඳපොළේ තොග වෙළඳාම ඇරඹෙයි පෑලියගොඩ නව මැනිං වෙළෙඳ සංකීර්ණය තොග වෙළදාම සදහා අද(14) විවෘත විය. වාහන තදබදය අඩු කරගැනීම සදහා පළමුවෙන්ම තොග වෙළදාම පමණක් ආරම්භ කර තිබේ. එය පස්වරු 4.00 සිට රාත්‍රී 12.00 දක්වා එහි වෙළදාම් කටයුතු සදහා විවෘත වේ. 14 December 2020
ගූගල් සේවාව නැවතත් සක්‍රියයි දහස් ගණනක් පරිශීලකයින්ට බලපෑම් කරමින් ගූගල් මේල් සේවාව අද (14 වැනිදා) සවස හදිසියේම කඩා වැටිණ. මෙම කඩා වැටීම විනාඩි 20 කට ආසන්න කාලයක් තිබූ නමුත් ගූගල් සමගම විසින් එය ඉතා ඉක්මනින්ම යථා තත්ත්වයට පත්කරන ලදි. 14 December 2020
බන්ධනාගාරවල 3,000 ට වැඩි සංඛ්‍යාවකට කොරෝනා කොරෝනා වයිරසය ආසාදිත බන්ධනාගාර රැඳවියන් ගණන අද (14) 3,000 ඉක්මවූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 14 December 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026