(සුජිත් හේවාජුලිගේ )
රට දින 14 කට වැසිය යුත්තේ මැති ඇමතිවරුන් මන්ත්‍රීවරුන් හා රජයේ සේවකයන් තමන්ගේ මාසික වැටුපෙන් අඩක් රජයට පරිත්‍යාග කිරීමට එකඟවේ නම් පමණක් බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය.
එවැනි පරිත්‍යාගයක් කළ හොත් එම මුදල් එදිනෙදා හම්බ කරගෙන ජීවත් වෙන ලක්ෂ 80කට වැඩි පිරිසගේ සුභ සාධනය සඳහා යෙදවිය යුතු බවද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරා කාපු සල්ලි එලියට අදින්න .හිඟා කන්න ඕනේ නෑ දැන්
මෙ වගේ අයට ඡන්දෙ දෙනවට හොද පාඩම්
හරියට හරි.
සුපිරි අදහසක්. වහන්න වහන්න කියලා කෑමොර දෙන කිසි කෙනෙක් එහෙම දෙයක් කරන්නෑ.
ඉතා හොද යෝජනාවක්. අපි කැමතියි. මේ ව්‍යසන අවස්ථාවේදී හැමෝම කැපකීරීම් කරන්න ඕනේ.
අසරණ රජයේ සේවකයන්ගෙන් පඩියෙන් බාගයක් ඉල්ලන්නේ ඔබට ලැජ්ජ නැද්ද? මේ රටේ දේපල හොරා කාලා රට හා ජනතාව අසරණ දුප්පත් කලේ ඔබ වැනි දේශපාලකයන් නොවේද? විශේෂයෙන් රාජපක්ෂලා . මේ මැරෙන සෑම ජිවිතයක් ගානේ ඔබලා වග කිව යුතුයි. එයින් නිදහස් වීමට ඔබලාට මරණ මන්චකෙදිවත් බැරිය. ඒ පාපය ඔබලාද ඔබලාගේ පරම්පරාද ගෙවිය යුතුමය.
සූර සරදියල්
නොකියා කියන්නේ වහන්නෙම නෑ කියලනේ... අපි නොදන්න මැටි ඇමැටිලා...!
එතකොට ඩොක්ටර්ස්ලා, නර්ස්ලා, හමුදාවේ අයත් භාගයක් දෙන්න කියලද මේකේ ප්‍රතිචාර දාන අයට බෙරිහන් දෙන්නේ...?
ඡන්ද ගණන නොබලා අවශ්‍යතා වෙනුවෙන් අදහස් ප්‍රකාශ කළාට ඔබටත්, ප්‍රසන්න ඇමැතිතුමාටත් ස්තුතියි...!!!
දින 14 ක් රට වසාතැබුවොත්... නැතිබැරි ජනතාවට කන්න බොන්න දෙන්න බැරි රටක්ද මේක...? මෙයට නිදහසෙන් පසු වසර 73 ක් රට පාලනය කළ සියලුම දේශපාලකයින් වගකිව යුතුයි...
කෝටි ගණන් ගසාකාපු අය තමන්ගේ සල්ලි පිටරට බැංකුවලින් ගෙනැල්ලා බෙදුවා නම් හරිනේ...!
ඔය සිසිර ඇමැතිගේ දැනුම හැටියට ඔය වගේ දෙයක් තමයි අහන්න තියෙන්නේ... පුදුම වෙන්න දෙයක් නැහැ...
ඒ එක්කම සියලුම දේශපාලකයින්ගේ වත්කම් ප්‍රකාශ ලබාගත්තොත් හොඳයි. ඔවුන් ජීවත් වෙන්නේ පඩියෙන් නොවේ. ඔවුන් රට වෙනුවෙන් කරඇති කැපකිරීම් මොනවාද (කයිවාරුව ඇරුණාම). අනෙක් අතට රට වහන එකට ජනතාව ගෙවන්න ඕනේ කියන එක වැරැදියි. රජයට තත්වය පාලනය කළ හැකිනම් රට ඇරලා තැබීමේ ඇති වරදක් නැහැ.. තත්වය පාලනය කරනවා කියන්නේ බොරුකීම නොවේ. අපට විදේශ මුදල් නැතේ ඇයි..? එයට වගකිවයුත්තේ ජනතාවද? බදු අඩුකර රජයේ අදායම් නැතිකරගත්තේ රජයද? ජනතාවද?
මේ වගේ මැටි ඇමැතියෝ... රජපවුලේ හොරාකාපු සල්ලි ඉල්ලගනිව්... මිනිස්සු කබලෙන් ලිපට ඇදලා දැම්මා මදිවට... මෙයාලාට ගහන්න ඕනේ මඩු වලිගෙන්...
වැටුප් ගෙවන්නේ නම් සේවකයාගෙන් අදාල සේවය ලබාගැනීම සේවා යෝජකයාගේ කාර්යකි. වැටුප් පමණක් කලට වේලාවට ගෙවා සේවකයා කරන සේවය ක්‍රමවත්ව නියාමනය නොකිරීමේ පලවිපාක ගෙවමින් සිටියි. පෞද්ගලික අංශය කොරෝනා පටන්ගෙන සති කිහිපයක් තුළ තම ව්‍යාපාර වලට සිදුවිය හැකි පාඩුව පුරෝකථනය කරමින් වැටුප් කප්පාදුවක් සිදුවිය. පෞද්ගලික අංශයේ සමහර ආයතන සේවක කප්පාදුව නිසා සමහරුන්ට රැකියා අහිමිවිය. එදිනෙදා ආදායම හම්බකරගත් අයට කිසිඳු ආදායමක් නැතිවිය. නමුත් රජයේ සේවක වැටුප් කිසිඳු කප්පාදුවක් නැතිව ගෙවමින් ඔවුන්ගේ සේවය නිසි අයුරින් නියාමනය නොකරන ලදී. මෙවන් දීර්ඝ කාලීන ආපදාවකදී සෑම අංශයක්ම හැකි අයුරින් මාර්ගගතව ක්‍රියාත්මක කිරීමට, නියාමනය කිරීමට පියවර ගත යුතුයි. වැටුපක් ලබාගන්නා අයෙකුගෙන් ස්වේච්ඡා සේවයක් පමණක් නොසෑහේ...
අගුලු දාන කාලය තුළ නිවාඩු ලැබෙන රජයේ සහ පුද්ගලික ආයතනවල රුපියල් ලක්ෂයට වඩා අයගේ පඩියෙන් පූජාකළාට අවුලක් නෑ...
සේවයට නොපැමිණ නිවෙස්වලට වී සුපිරි වැඩ්ඩන් සේ දඟලන අයට මේ නීතිය අදාළ කළොත් නියමයි. මේ දුෂ්කර කාලෙදීත් සියල්ල කැප කරමින් සේවයේ යෙදෙන හමුදාව, පොලිසිය, සෞඛ්‍යය, තවත් බොහෝ අත්‍යාවශ්‍ය සේවා වලට මේක අදාල කළයුතු නැහැ. විශේෂයෙන් තමන් තරම් සියල්ල දත්ලා... නැහැයි කියලා හිතන අර ඔන්ලයින් අධ්‍යාපන අමාරුකාරයන්ටයි, පාරවල කෑ මොර දෙන අයටයි අදාල විය යුතුමයි. කිසිම ඵලදායී සේවයක නොයෙදෙන සියල්ලන්ටම අදාල කළ යුතුයි. අඩුම ගානේ පඩියෙන් භාගයක් නැතත් වැටුප් ගැන කතා කරනකොට කවදාවත් කියන්නේ නැති දීමනා සියල්ල නවතා දමා ඒ මුදල් එදා වේල හම්බ කරගන්න දුප්පත් අයට ආහාරපාන ලබාදීමට යොදවන්න. ශක්තිමත් පනතකින්ම ඕක කරන්න. නැත්නම් උසාවි ගානේ යන්න ගියාම එතැනදීත් කෝවිඩ් තමයි පැතිරෙන්නේ....
රජයේ සේවකයොත් එදා වේල කන්නේ බොන්නේ හරි අමාරුවෙන්... නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පඩියෙන් ගහයි. ඒ ගොල්ලන්ට දෙන වරප්‍රසාද? කෑම බීම වලට යන වියහියදම් එහෙම් පිටින්ම කප්පාදු කළොත් ඔය වැඩේ ලේසියෙන්ම කරන්න පුළුවන් ඇමැතිතුමෝ... කරුමෙකට සියලු පක්ෂ මේ ගැන නිකමටවත් යෝජනාවක් විදිහට ගේන්නේ නැහැනේ...
පැණිය ඉවරද? මේ වගේ අය පාර්ලිමේන්තු මොකට එවනවද?
මාසෙට 50,000ට වඩා පඩි ගන්න අයගෙන් මේක අය කරන්න. මොකද අනිත් අයට කන්නත් සල්ලි නැහැ. එ් මිනිස්සු අතපාන්න යන්නෙත් නැහැ. ඒ නිසා අනුන්ගෙන් ඉල්ලා දන්දෙන එක නවත්තලා තමන් කැමති අය පමණක් දන් දීපල්ලා...
එහෙම නෙවෙයි... ඇමැතිලාගේ සැප වාහන, අයිතිකාරයින් නැති ගෙවල්, මධූෂ්ගේ සල්ලි, කේපී ගේ රත්තරන්.. ඒවා ටික වෙන්දේසි කරලා එන සල්ලි වලින් මිනිස්සුන්ට කන්න දෙමු. ආ... පාර්ලිමේන්තුවේ කැනිට්මත් වහලා දාමු..කෝටි ගාණක් යන තැනක්නේ. ගෙදරින් කෑම ගේන්න.. හරිම සරළයි...
225 අතරේ යන්තම් ඔලුව තිබිච්ච කෙනෙක් ඉඳලා තියෙනවා. ඔය වහන්න කියලා දඟලන මහත් හොරු අත දිගෑරලා දේවි ගන්න කියලා. ගෙදර නිකන් ඉඳලා ලැබෙන වැටුප මදියි කියලා පෙළපාලි යන අය ඉන්න රටකට ඕවා වැඩක් නෑ. ජනාධිපති කිව්වොත් රට වහනවා.., වැටුප දෙන්න බැහැ කියලා. හෙට උදේ ඔය ටයි, කෝට් අඳින අය සහ ඔය සේරම කෙළිකාරයෝ ටික හෙට උදේ දෙවුන්දර තුඩුවේ ඉඳලා පේදුරු තුඩුවට රෙද්ද කරේ තියන් පෙළපාලි යාවි.. මේ රටේ අහිංසක එදාවේල හම්බකරගනිපු මිනිහාට දෙයියන්ගේම පිහිටයි.
කවුරුවත්, කාගේවත්... දේවල් බලෙන් ගත යුතු නැත. ඕනම මිනිසෙකුගේ ජීවිත කාලය අවුරුදු 60ක් 80ක් පමණ වේ. එම කාලය තුළ ඇතිවන අභියෝග පුද්ගලයන් වශයෙනුත්, රටක් වශයෙනුත් ජය ගැනීමට, මිනිසුන් එකතු වීමට තරම් මිනිසුන් බුද්ධිමත් විය යුතුය. මිනිස්සු තමන්ට ආදරය කරන නායකයන් සැබෑ ලෙසින් හඳුනා ගන්නාතුරු, සරදියල්ලා ඉදිරියටත් බලයට පත්වනු ඇත. ඔවුන් කියන දේ නිවැරැදිව අසන්න. නිවැරැදිව තේරුම් ගන්න. නැවත නැවතත් ඉතිහාසයේ සිදුවූ වරද සිදු වන්නට ඉඩනොතැබීමට කටයුතු කරන්න. මේ අප කාලය ගත කරන්නේ රාජාණ්ඩුවක නොවේ. ඡන්ද බලයක් ඇති යුගයකයි. නිවැරැදි පුද්ගලයින් නිවැරැදිව තෝරමු... එදිනට මේ රට නිවැරැදි මාවතකට පිවිසෙනු ඇත.. අද පවතින තත්වයට ඔබද, මමද, අප සියල්ලෝම වගකිව යුතු වන්නෝය. මිනිස්සු හැමදාමත් තමන්ගේ නායකයින්ට ආදරය කරති. එසේම මිනිසුන්, සැබෑ නායකයන් නොහඳුනති. මිනිසුන් සැබෑ නායකයන් තෝරාගන්නා තුරු රැවටෙති..
කිසිම වැදගත් කමකට නැති පැණියක් ප්‍රවර්ධනය කරලා, හොයාගත්තු සල්ලි කන්දරාව මේ අයට බෙදලා දෙන්න අහිංසක රජයේ සේවකයන්ගේ සොච්චම් වැටුපට අනින්නේ නැතිව... නමින් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය... නමුත් කිසිම සායනික පරීක්ෂාවකට ලක් නොවූ ජරාවක් කෝවිඩ් වලට හොඳ බෙහෙතක් කිව්වා... ඒ කිව්වේ සෞඛ්‍ය ගැන මොනවා දැනගෙනද?
පිස්සු වැඩක්...
අනේ පැණියා...!! ආයුර්වේද රෝහල්වල සිටි පණ අදින කෝවිඩ් ලෙඩ්ඩු බටහිර වෛද්‍ය රෝහල් වලට මාරු කර යවලා, “ආයුර්වේද ප්‍රතිකාර ගත් කිසිඳු රෝගියෙක් මියගියේ නැහැ” කියා මහජනතාව මුලාවෙන ප්‍රකාශයක් නිකුත් කළේත් මේ පැණියාම තමයි...!
හොඳ අදහසක්... එකතු වෙලා එදාවේල හොයාගන්න ජනතාවට දෙන්න... බලමුකෝ ප්‍රතිචාර...?
හොඳ අදහසක්... ජොබ් එකට ගියාම පඩියෙන් භාගයක් වියදම් වෙනවා. බස්ගාස්තු, ලන්ච්, මේකප්, සුවඳවිලවුන්, සැලූන් වලට... ඒ නිසා භාගයක් ගත්තට කමක් නැහැ.
හෙල්පින්ග් හම්බන්තොට, සිරිලිය ගිණුම තියෙන්නේ ඉල්ල ගන්න බැරියෑ... දුශිත දේශපාලුවන් හොරකම්, වංචා, දූෂණ වලින් පරම්පරා ගාණකට ඇති වෙන්න හරිහම්බ කරගත්තා. ඡන්දෙ දීලා පත්කෙරුවාට ජනතාවට සලකන එකනේ කරන්න ඕනේ...!!!
ඔව්, ඔබතුමා වැනි මාසිකව ලක්ෂයට වඩා වැටුප් ගන්න අයගෙන් භාගයක් කපාගෙන ඒක කරන්න...
මාගේ වැටුපෙන් භාගයකටත් වඩා බැංකු ණය සඳහා අය වෙනවා. ඉතිරි කොටසත් කැපුවොත් පස් තමයි කන්න වෙන්නේ... පාලකයින් වගකීම් විරහිතව කටයුතු කරලා එ්ක සාමාන්‍ය ජනතාව පිට පටවන්න හදනවා..
බලයට පත් වුනාම වෙස්සන්තරල වගේ රාජ්‍ය දේපොළ හා තනතුරු ඥාති මිත්‍රාදීන්ට බෙදාගෙන. ලක්ෂ ගණන් ගෙවන එම තනතුරු අවලංගු කොට ඒ මුදල සාමාන්‍ය ජනතාවගේ යහපත ට යොදවන්න. මන්ත්‍රි , ඇමති අගමැති යන ඔක්කොමගේ පඩි සහ වරදාන වෙනුවෙන් කියක් ගෙවනවද ? ඒවත් ජනතාවට ගෙවන්න.
ලොක්ඩවුන් කාලසීමාවේ සේවයට කැදවන සේවකයන්ට වැඩකරන දින වලට පමණක් වැටුප් ගෙවිය යුතු චක්‍රලේඛයක් හදන්න. සුලු ව්‍යාපාරිකයො වශයෙන් වැඩ නොකර පඩි ගෙවන්න අපට අපහසුයි.
මෙයා නේද අර ධම්මික පැණිය හොදයි කියලා ලනුවක් දීලා ජනතාව අමාරුවේ දැම්මේ.?