මත් කුඩු ප්‍රවාහනයෙන් නව වසර අරඹයි මත් කුඩු කිලෝ එකහමාරක් යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටි අයෙකු අද (1) අලුයම් කාලයේදි අම්බලන්ගොඩ තිලකපුර ප්‍රදේශයේදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය කොට්ඨාස විශේෂ විමර්ෂණ ඒකකය කියයි. 01 January 2021
පාර්ලිමේන්තුවේ වැඩ ඇරඹෙයි නව වසර සඳහා රාජකාරී ආරම්භ කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අද(1) පෙරවරුවේ රාජකාරී ආරම්භ කළේය. ඒ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි. 01 January 2021
රටට සෙත්පතා සෙත්පිරිත් සඤ්ඡායනාවක් තංගල්ලේදී 2021 නව වසර ආරම්භයත් සමඟ රටට සහ ජනතාවට සෙත්පතා තංගල්ල කාර්ල්ටන් නිවෙසේදී අද(1) පෙරවරුවේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් සෙත් පිරිත් සඤ්ඡායනාවක් පැවැත්විණි. 01 January 2021
රඹුක්කන තැඹිලිකුඹුරට සංචරණ සීමා රඹුක්කන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල සීමාවට අයත් කොත්තනවත්ත ග්‍රාම නිලධාරි වසමට අයත් තැබිලිකුඹුර වත්ත ග්‍රාමයට සංචරණ සීමා පැනවිමට කටයුතු කල බව පින්නවල මහජන සෞඛ්‍ය පරික්ෂක උදය කුමාර මහතා පවසයි. 01 January 2021
තවත් ආසාදිතයෝ 171 දෙනකු හඳුනා ගනිති කොරෝනා ආසාදිත වු පුද්ගලයින් 171 දෙනකු අද (31) පස්වරු 7.40 වන විට හඳුනාගෙන තිබේ. 31 December 2020
කොරෝනා මරණ 200 පනී ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගලයන් 5 දෙනෙකු මිය ගොස් ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව අද (31) නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. 31 December 2020
මුන්නේශ්වරම් කෝවිලෙන් කාලි මාතා පිළිමය සොරාගෙන හලාවත මුන්නේශ්වරමේ පිහිටි කාලි මාතා කෝවිලේ තිබු කාලි මාතා පිළිමයක් කිසිවකු සොරා ගෙන ගොස් ඇතැයි හලාවත පොලිසිය කියයි. 31 December 2020
ගල්ලෑල්ලේ රැඳවියන් ගිය බස් රථයේ මගීන් නිරෝධායනය වන්න පොළොන්නරුව ගල්ලෑල්ල නිරෝධායන මධ්‍යස්ථානයෙන් පලාගොස් සිටි රැඳවියන් අලුයම 5.45 ට පමණ ගමන්ගත් පොළොන්නරුවෙන් ධාවනය වු අංක NB 9268 දරණ බස් රථයේ ගමනගත් මගීන්ට ස්වයං නිරෝධායනය වන ලෙසට පොලිසිය ඉල්ලා සිටියි. 31 December 2020
අධිවේගී මගේ ගැලනිගම පොලිස් මුරපොළේ 6 කට කොරෝනා අධිවේගී මාර්ග ප්‍රධාන පාලක ස්ථානයේ ගැලනිගම පොලිසියේ නිලධාරීන් 6 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි දක්ෂිණ අධිවේගී මාර්ග රථවාහන පොලිසිය කියයි. 31 December 2020
ඛණිජ තෙල් සංස්ථාවේ ප්‍රධාන කාර්යාලය වසාදමයි ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ දෙමටගොඩ පිහිටි ප්‍රධාන කාර්යාලය හා මුතුරාජවෙල ලහිසි තෙල් අංගණය වසා දමා ඇත. 31 December 2020
මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ 12 වාට්ටුව වසාදමයි මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ 12 වාට්ටුව අද(31) සිට තාවකාලිකව වසා දමා එම වාට්ටුවේ රෝගීන් වෙනත් වාට්ටුවකට යොමු කර එම වාට්ටුව විෂබීජ හරණය කිරීමට පියවර ගෙන ඇතැයි මාතලේ දිස්ත්‍රික් රෝහල් අධ්‍යක්ෂක අසේල දිසානායක මහතා පැවසීය. 31 December 2020
ලලිත් ගමගේ තොරතුරු-සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති ධුරයට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය ලලිත් ගමගේ මහතා පත්කරනු ලැබ ඇත.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෙම පත් කිරීම සිදු කර ඇත. 31 December 2020
ගල්ලෑල්ල නිරෝධායන මධ්‍යස්ථානයෙන් පළාගිය අයෙක් අත්අඩංගුවට පොලොන්නරුව ගල්ලෑල්ල නිරෝධායන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (31) අලුයම පලා ගොස් සිටි රැඳවියන් පස් දෙනාගෙන් එක් අයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 31 December 2020
උතුරුමැද පළාත් සභාවේ ගිණුම් අංශය සම්පුර්ණයෙන් වහයි උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ගිණුම් අංශයේ සේවය කළ නිලධාරිණියකට කොරෝනා රෝගය වැළදිමේ හේත්වෙන් එම ගිණුම් අංශය සහ ආයතන අංශය සම්පුර්ණයෙන් වසා දමා එහි සේවය කළ නිලධාරින් හා සේවකයන් පනස් දෙනෙකු සිය නිවෙස්වලම ස්වයං නිරෝධායනයට ලක්කොට තිබේ. 31 December 2020
අයිස් මත්ද්‍රව්‍ය ගෙන ගිය ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ සිව් දෙනෙක් අත්අඩංගුවට අයිස් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන යමින් සිටි ට්‍රෝලර් යාත්‍රාවක් ගාල්ල වරාය ආසන්න ජාකොටුව වැල්ලේදී අද (31) උදෑසන නාවික හමුදාවේ ද සහය ඇතිව කොටුකරගත් බව පොලිසිය පවසයි. 31 December 2020
කලවාන රෝහලේ වාට්ටුවක් වහයි කලවාන මූලික රෝහලේ පිරිමි වාට්ටුව වෙත ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි පුද්ගලයින් දෙනෙකු වෙත කොරෝනා ආසාදිත බවට තහවුරු වීමත් සමඟ එම වාට්ටුව වසා දැමීමට පියවර ගත් බව කලවාන මූලික රෝහල පැවසීය . 31 December 2020
වනාතවිල්ලුවේ මියගිය කුරුල්ලන්ට කුරුළු උණ නෑ විල්පත්තුව ජාතික උද්‍යාන මායිමේ පේරක කලාපය ආසන්නයේ පිහිටි වනාතවිල්ලුව රාල්මඩුව කුඹුරු යායක මරණයට පත්වු පක්ෂීන්ට කුරුළු උණ වලදි නැති බව වනජීවි පශු වෛද්‍ය ඉසුරු කොට්ටේගොඩ මහතා පැවසිය. 31 December 2020
මුහුද ගොඩ ගලා මුතුපන්තිය යටවෙයි මුහුද ගොඩ ගැලීමෙන් අද(31 ) අලුයම මුතුපන්තිය දුපතේ නිවාස රැසක් ජලයෙන් යටවී ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා පවසයි. 31 December 2020
කාත්තාන්කුඩි ප්‍රා. ලේ. කොට්ඨාසය දින 5කට හුදකලා කරයි කාත්තාන්කුඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අද(31) සිට ඉදිරි දින 5 ක් දක්වා හුදකලා කර ඇති බව මඩකලපුව දිස්ත්‍රික්ක දිසාපති කේ කරුණාකරන් පැවසීය. 31 December 2020
රත්නපුර මහ රෝහලේ වාට්ටු දෙකක් වසා දමයි රත්නපුර මහ රෝහලේ වාට්ටු අංක හයේ සේවය කළ කාර්ය මණ්ඩලය නිරෝධායනයට ලක්කිරීම හේතුවෙන් එම වාට්ටුව ද තාවකාලිකව වසා දැමූ බව රෝහල් අධ්යක්ෂ වෛද්‍ය අනෝජ් රොඞ්රිගු මහතා අද(31)දා පැවසුවේය. 31 December 2020
ගල් ලෑල්ල නිරෝධාන මධ්‍යස්ථානයෙන් රැඳවියෝ 5 ක් පලා යති පොළොන්නරුව ගල්ලෑල්ල නිරෝධායන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියන් 5 දෙනෙකු අද (31) ඉන් පලා ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය. 31 December 2020
යේමනයේ ගුවන්තොටුපළකට එල්ල වූ ප්‍රහාරයකින් 22ක් මරුට යේමනයේ දකුණු දිග ඒඩ්න් නගරයේ ගුවන්තොටුපලට එල්ලවූ ප්‍රහාරයකින් 22දෙනකු පමණ මියගොස් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි එරට බලධාරීහු පවසති. 31 December 2020
මහව මුර සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරියෙකුට පිහියෙන් අනී මහව නගරයේ රාත්‍රි මුර සංචාරයේ නිරතව සිටි පොලිස් නිලධාරින් දෙදෙනෙකුගෙන් එක් අයකුට පිහි ප්‍රහාරයක් එල්ල කල සැකකරුන් දෙදෙනෙකු අද(31) අලුයම අත් අඩංගුවට ගත් බව මහව පොලිසිය කියයි. 31 December 2020
කොටියා සපා කෑ ගොවියා මරුට අම්පාර දිස්ත්‍රික්කයේ පානම පොලිස් වසමට අයත් හැලව ප්‍රදේශයේ කුඹුරක රාත්‍රියේ පැල් රකිමින් සිටි ගොවියෙකු, කොටියෙකු විසින් සපාකෑම හේතුවෙන් මියගොස් ඇති බව පානම පොලීසිය කියයි. 31 December 2020
නිවසට කඩාවැදුණු නාගරික මන්ත්‍රී අත්අඩංගුවට දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයේ නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී එම නිවසේ දේපළවලට රුපියල් ලක්ෂ තුන හමාරකට වඩා වැඩි අලාභයක් අනර්ථයක් සිදු කළේ යැයි චෝදනා මත දඹුල්ල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි දඹුල්ල පොලිසිය කියයි. 31 December 2020
කොරෝනා මරණ සංඛ්‍යාව 200 ට කිට්ටු කරයි කොරෝනා ආසාදිත තවත් රෝගීන් සිවුදෙනකු මිය ගොස් ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව අද (30) නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 30 December 2020
අධිකරණ වෛද්‍යවරුන්ගේ ආයතනයෙන් විරෝධතාවක් අපරාධ නීතියේ කොටසක් වන මරණ කළමනාකරණ ක්‍රියාවලියට අධිකරණ අමාත්‍යවරයා සෘජුව මැදිහත්වීම හා බලපෑම් කිරීම සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළකරමින් ඊට විරෝධය දැක්වීමේ යෝජනාවක් ශ්‍රී ලංකා අධිකරණ වෛද්‍යවරුන්ගේ ආයතනයේ වෛද්‍යවරුන් විසින් අද (30) කොළඹදී පැවති විශේෂ රැස්වීමකදී සම්මත කරගෙන තිබේ. 30 December 2020
අද දිනයේදී ආසාදිතයන් 636 ක් මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (30) පස්වරු 8.30 වනවිට එක්වූ ආසාදිතයන් 282 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 636 ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 30 December 2020
ආසාදිතයන් සියයට 80 කට වඩා සුවයි කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 698 දෙනෙකු සුවය ලබා අද (30) දිනයේදී පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි. 30 December 2020
රත්නපුර රෝහලේ වාට්ටුවක් වසා දමයි රත්නපුර ශික්ෂණ රෝහලේ වාට්ටුවක රෝගීන් 9 දෙනකුට එම වාට්ටුවේ සේවය කල කාර්ය මණ්ඩලයේ පස්දෙනෙකුටත් කොවිඩ් 19 ආසාදිත බව හඳුනාගත් පසුව එම පිරිස අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමුකර ඔවුන් සිටි වාට්ටුව වසා දැමූ බව රෝහල් ආරංච් මාර්ග පවසයි. 30 December 2020
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026