නිකවැරටිය තුඹුල්ල මහා විද්‍යාලය තාවකාලිකව වහයි කොරෝනා වෛරසය ආසාධිත පොලිස් නිලධාරියෙකුගේ සහෝදර ආශ්‍රිතයෙකු වූ පාසල් ආරක්ෂක නිලධාරීයා පාසලේ රාජකාරි කටයුතු කිරීම හේතුවෙන් නිකවැරටිය තුඹුල්ල මහා විද්‍යාලය තාවකාලිකව අද (10 ) වසා දැමීමට පියවර ගත් බව සෞඛ්‍ය අංශ සහ පාසල් පාලන අධිකාරිය පැවසීය . 10 December 2020
හරීන් ප්‍රනාන්දුගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක් තමාට අපහාස වන අයුරින් වැරදි සංඛ්‍යාලේඛන දක්වමින් පාර්ලිමේන්තුවේ නිල ට්විටර් ගිණුමේ ගූගල් බැලුන් ව්‍යාපෘතිය පිළිබඳ අසත්‍ය තොරතුරු පළ කිරීමට විරෝධය පළ කරමින් සමගි ජනබලවේගයේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අද(10) පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළේය. 10 December 2020
’බජට් පාටිය තියන්න එපා’ අයවැය විවාදය මාසයකට ආසන්න කාලයක් පැවැත්වීමෙන් පසු සාම්ප්‍රදායිකව සෑම වසරකදීම කථානායක නිල නිවසේදී සියලු මන්ත්‍රීවරුන් හා හිතවතුන් වෙනුවෙන් පැවැත්වූ භෝජන සංග්‍රහය කොවිඩ් 19 වසංගත තත්ත්වයක් පවතින මෙවැනි වකවානුවක නොපවත්වන්නේ නම් සුදුසු යැයි සමගි ජනබලවේගයේ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අද(10) පාර්ලිමේන්තුවේදී යෝජනා කළේය. 10 December 2020
කොරෝනා අසාදිතයින් නිසා අලුත්ගම-බේරුවල ව්‍යාපාරික ස්ථාන 7 ක් වහයි අලුත්ගම හා බේරුවල ව්‍යාපාරික ස්ථාන හතකින් කොවිඩ් 19 ආසාදිතයින් 10 දෙනෙකු හමුවීම හේතුවෙන් එම ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට කටයුතු කළ බව බේරුවල මහජන සෞඛ්‍යය පරීක්ෂක මුදිත අමරසිංහ මහතා අද (10)පෙරවරුවේ පැවසීය. 10 December 2020
අයවැය 3වැනි වර කියවීමේ ඡන්ද විමසුම අද දින 21ක් පුරා පැවැති 2021 වසර සඳහා වන අයවැය විවාදය අද(10) පස්වරු 5ට අවසන් වීමට නියමිත අතර අයවැය තුන්වැනිවර කියවීමේ කාරක සභා අවස්ථාවේ ඡන්ද විමසීම අද පස්වරු 5ට පැවැත්වීමට නියමිතය. 10 December 2020
වතුපිටිවල ආයෝජන කලාපයේ නවාතැන්පලවලට අවසරගැනීම අනිවාර්යයි වතුපිටිවල ආයෝජන කලාපය ආසන්නයේ අලුතෙන් තාවකාලික නවාතැන්පලවල් ආරම්භ කරන්නේ නම් නිසි අවසරයක් ලබා ගන්නා ලෙස ලෙසට අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ප්‍රදේශයේ ජනතාවට උපදෙස් දෙයි. 10 December 2020
කෝටියක හෙරොයින් පාර්සල් කරමින් සිටියදී අල්ලයි මහබාගේ වැලිසර ප්‍රදේශයේදී කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු රුපියල් කෝටියකට ආසන්න මත්කුඩු තොගයක් සමග මහබාගේ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය. 10 December 2020
ලක්ෂ 70 ක කහ තොගයක් මාරවිලින් අල්ලයි මාරවිල මුහුදුකටුව වෙරළ තීරයෙදී ලක්ෂ 70 කට ආසන්න වටිනාකමකින් යුත් කහ තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු මාරවිල පොලිසිය අද(10) අලුයම අත් අඩංගුවට ගෙන ඇත. 10 December 2020
වැලිගම ග්‍රාම නිලධාරී වසම් 6කට සංචරණ සීමා වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ ගම්මාන 06ක් දැඩි සංචරණ සීමා පැනවීමට කටයුතු කරඇති බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පැවසීය. 10 December 2020
ආසාත්මිකතා ඇති අයට කොරෝනා එන්නත ලබා නොගන්නැයි බ්‍රිතාන්‍ය කියයි ඖෂධ, ආහාර හෝ එන්නත් වලට ආසාත්මිකතා දක්වන පුද්ගලයින් ෆයිසර්/බයෝන්ටෙක් එන්නත ලබා නොගත යුතු බව එහි නිශ්පාදකයෝ පවසති. 10 December 2020
වයිකිංග් පිලට කඩුලු 4 ක ජයක් දුර්වල පන්දු රැකීම හේතුවෙන් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අද (9 වැනිදා) පැවැති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 17 වැනි තරගයේදී ගාල්ල ග්ලැඩියේටර්ස් පිලට එරෙහිව කඩුලු 4 ක ජයක් හිමිකර ගැනීමට දඹුල්ල වයිකිංග් පිල සමත්විය. 09 December 2020
වැලිගම ප්‍රදේශ 2 ක් හුදෙකලා කරයි වැලිගම ගල්බොක්ක සහ අලුත් වීදිය අද (09) දින සිට හුදකලා ප්‍රදේශ බවට පත් කළේ යැයි දකුණු පළාත් ආණ්ඩුකාර අචාර්ය විලී ගමගේ මහතා පැවසීය. 09 December 2020
තවත් කොරෝනා මරණ 2 ක් කොරෝනා ආසාදිත තවත් මරණ දෙකක් ඊයේ (8) සහ අද (9) දෙදින තුළදී සිදුවී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. 09 December 2020
ලෝකයේ බලවත්ම කාන්තාවන් 100 දෙනා අතරට ශෙමාරාත් එක්වෙයි ලෝ ප්‍රකට ‘ෆෝබ්ස්’ සඟරාව වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන ලොව බලවත්ම කාන්තාවන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කාන්තවක ද ඇතුළත් ව ඇත. 09 December 2020
අද දිනයේදී කොරෝනා ආසාදිතයන් 694 ක් මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (09) පස්වරු 9.00 වනවිට එක්වූ ආසාදිතයන් 335 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 694 ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 09 December 2020
කරාපිටිය ශික්ෂණ රෝහලේ 24 වාට්ටුව වසා දමයි කරාපිටිය ශික්ෂණ රෝහලේ ස්නායු රෝග පිළිබඳ 24 වාට්ටුවේ සතියක් පුරා ප්‍රතිකාර ලබාගත් කාන්තාවක් කෝවිඩ්-19 ආසාදිත බව අද (09) තහවුරු වීමෙන් පසු එම වාට්ටුවට රෝගීන් භාරගැනීම නවතා දැමූ බවත්, එහි සේවය කරන ලද වෛද්‍යවරුන් කිහිප දෙනෙක් සහ හෙදියන් පිරිසක් ස්වයං නිරෝධායන ලක් කිරීමට කටයුතු කළ බවත් රෝහල් අධ්යක්ෂ වෛද්‍ය සම්පත් රණවිර මහතා පැවසීය. 09 December 2020
මහනුවර ක්‍රීඩකයෝ දෙවැනි ජය ලබති යාපනය ස්ටැලියන්ස් කණ්ඩායමට එරෙහිව අද (9 වැනිදා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ 16 වැනි තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට මහනුවර ටස්කර්ස් කණ්ඩායම සමත් විය. මේ දක්වා තරග 7 කට සහභාගි වී ඇති මහනුවර කණ්ඩායම එහිදී ලැබූ දෙවැනි ජය මෙය විය. 09 December 2020
කල්පිටිය වෙරළේදී ධීවරයෝ ගැටෙති බලපත්‍ර නීතී උල්ලංඝණය කරමින්, ධීවර කටයුතුවල නිරත වන ධීවර යාත්‍රාවක් කල්පිටිය තලවිල වෙරළ ආසන්න මුහුදේ ධීවර කටයුතුවල නිරත වීමේ සිද්ධියක් මුල්කර ගෙන තලවිල ධීවර තොටුපළේ අද(9) උණුසුම් තත්ත්වයක් පැණ නැගිණි. 09 December 2020
පෑලියගොඩ නව මැනිං වෙළෙඳපොළ සඳුදා සිට ආරම්භ කෙරේ පෑලියගොඩ නව මැනිං වෙළෙඳපොළෙහි කටයුතු ලබන සඳුදා(14) සිට ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ. 09 December 2020
කෝට්ටේ හිටපු නගරාධිපති සජිත්ට එක්වෙයි එක්සත් සංවර්ධන පෙරමුණේ සභාපති සහ කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක මහතා සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා හමුවී එම පක්ෂයට සහයෝගය පළ කළේය. 09 December 2020
ලෝකය බේරාගත් රාජ්‍යය වීමේ ගෞරවය අපට අහිමි වුණා දේශීය වෛද්‍යවරු කොවිඞ් 19 වයිරසයට ප්‍රතිරෝධී, එකිනෙකට වෙනස් විකල්ප බෙහෙත් වර්ග 50කට ආසන්න ප්‍රමාණයක් හඳුන්වා දුන් නමුත් රාජ්‍යය සිසාරා පැතිර ඇති බටහිර වෛද්‍ය ක්‍රමය හේතුවෙන් ලෝකය බේරාගත්, රාජ්‍යය යන ගෞරව නාමය අපට අහිමි වූ බව රජයේ මාධ්‍ය ප්‍රකාශක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය. 09 December 2020
අයිතිකරුවන් බාර නොගත් කොරෝනා ආසාදිතයන්ගේ සිරුරු ආදාහනය කරන්න අයිතිකරුවන් විසින් බාර නොගන්නා ලද, මේ වනවිට පොලිස් මෘත ශරීරාගාරයේ ඇති මෘත ශරීර නිරෝධායන නීතිය යටතේ ආදාහනය කිරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට අද(09) උපදෙස් දී ඇත. 09 December 2020
මැරෙන තුරු දෙමළ සන්ධානයට යන්නේ නෑ තමන් ජීවතුන් අතර සිටිනතාක් කල් ඉලංගෙයි තමිල් අරසු කච්චි හෝ දෙමළ ජාතික සන්ධානය හා එක් නොවන බව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී මහතා පැවසීය. ඒ මහතා මේ බව කියාසිටියේ යාපනයේදි පැවැත්වු මාධ්‍ය හමුවේදීය. 09 December 2020
එංගලන්ත කණ්ඩායම 3 වැනිදා එයි කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය මාර්තු මාසයේදී හදිසියේම කල් දමන ලද එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරය ලබන ජනවාරි මාසයේදී පැවැත්වේ. මේ සඳහා විශේෂයෙන්ම වෙන්කරවාගත් ගුවන් යානයකින් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ජනවාරි 3 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතය. 09 December 2020
දකුණු කළුතර කුරේ මාර්ගයට සංචරණ සීමා කොරෝනා ආසාදිතයන් කිහිපදෙනෙකු හමුවීම හේතුවෙන් කළුතර දකුණ පොලිස් වසමේ කුරේ මාර්ගයට සංචරණ සීමා පැනවූ බව කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජී.සිංහබාහු මහතා පැවසීය. 09 December 2020
වාලච්චේන ප්‍රාදේශීය සභාපතිනියට පහර දෙති වාලච්චේන ප්‍රාදේශිය සභාවේ සභාපතිනි සෝබි ජෙයරංජනී මහත්මියට පහර දුන් බව කියන එම ප්‍රාදේශිය සභාවේ උපසභාපතිවරයා සහ තවත් මන්ත්‍රීවරයෙකු වාලච්චේන පොලිසිය විසින් සැකපිට අත් අඩංගුවට ගෙලන ඇත. ඇය දෙමළ මහජන විමුක්ති පක්ෂය නියෝජනය කරන්නියකි. 09 December 2020
ආයෝජන මණ්ඩලයට නව සභාපතිවරයෙක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ 21 වැනි සභාපතිවරයා ලෙස සංජය මොහොට්ටාල මහතා පත්කර තිබේ. 09 December 2020
කොරෝනාවෙන් සුවය ලැබු 542 ක් ගෙදර යති කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූ 542 ක් අද (9) දිනයේ සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 09 December 2020
සේවාදායකයා ජනපති වී සිටියදී අලි සබ්රි අධිකරණ ඇමැති වීම ගැටලුවක් තමන්ගේ සේවාදායකයා ජනපති වී සිටිද්දී අලි සබ්රි අධිකරණ ඇමැති වීම ගැටලුවක් යැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද(9) පාර්ලිමේන්තුවේදී අයවැය කාරක සභා අවස්ථාවේ අධිකරණ අමාත්‍යංශ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් පැවසීය. 09 December 2020
මහයියාවට සංචරණ සීමා මහනුවර මහයියාව ප්‍රදේශයේ එක් ප්‍රදේශයකට පමණක් සංචරණ සීමා පනවා තිබූ මහයියාව ප්‍රදේශයේ ආසාදිතයින් වැඩි සංඛ්‍යාවක් එකවර හමුවීමත් සමඟ එහි අනෙක් ප්‍රදේශත් ආවරණය වන පරිදි සංචරණ සීමා පැනවූ බව මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න මහතා පවසයි. 09 December 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026