(ඩයනා උදයංගනී)
මෙම මාසයේ මුල් දින 16 ක කාලයේදී මෙරටින් කොවිඩ් මරණ 1,926 ක් වාර්තා වී ඇත.
කොවිඩ් වැළඳීමෙන් මියයන ප්‍රමාණය දිනෙන් දින ශීඝ්‍රයෙන් ඉහළ යන බවක් සංඛ්‍යාලේඛන අනුව පෙනෙන්නට ඇත.
මුල් දින 16 දී සිදුවූ මරණ සංඛ්‍යාවන් පිළිවෙලින් 63, 74, 82, 94, 98, 98, 94, 111, 118, 124, 156, 155, 160, 161, 167 සහ 171 ක් වන අතර ඒ අනුව දිනෙන් දින සිදුවූ මරණ සංඛ්‍යාවේ කැපී පෙනෙන ඉහළයාමක් දක්නට ලැබේ.
මේ වන විට පැයක දී මෙරට මරණයට පත්වන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 7ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති අතර ඒ අනුව සෑම මිනිත්තු 8කටම වරක් එක් ආසාදිත මරණයක් සිදුවෙමින් පවතී.
මෙසේ මියගිය අය අතුරින් 1,482 දෙනෙක්ම වයස අවුරුදු 60 ඉක්මවූවෝ වෙති.
වයස අවුරුදු 30ත් 59ත් අතර 430 දෙනෙක් සහ වයස අවුරුදු 30ට අඩු 14 දෙනෙක් ද මිය ගිය අය අතර වෙති. කොවිඩ් වැළඳී මරණයට පත්වූ මෙම පිරිස අතරින් 1,101 දෙනකුම පිරිමි පුද්ගලයන් වන අතර කාන්තාවන් 819 දෙනකු ද ඒ අතර වේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.