IMG-LOGO

පොලිස් වෙඩි පහරින් කොල්ලකරුවෝ දෙදෙනෙක් මරුට

(දිලිප් ජයසේකර)

සූරියවැව වැවේගම පාර මහවැලිකඩආර හන්දියේදි රන්මාල කොල්ලකරුවන් සහ පොලිසිය අතර ඇති වූ වෙඩිහුවමාරුවක් කොල්ලකරුවන් දෙදෙනා මියගොස් ඇතැයි පොලිසිය කියයි.

තිස්සමහාරාම දෙබරවැව ප්‍රදේශයේ රන්මාලයක් කොල්ල කා යන බවට ප්‍රදේශවාසීයකුගෙන් ලද තොරතුරක් මත අවට පොලිසිය ද දැනුවත් කර මෙම කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනිම සඳහා මෙහෙයුමක් ආරම්භ කර ඇත

ඒ අනුව සූරියවැව පොලිසියේ කණ්ඩායමක්  කොල්ලකරුවන් පිටුපස ලුහුබඳ යද්දී යතුරු පැදියෙන් ගමන් ගත් කොල්ලකරුවන් පොලිසිය දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර පොලිසිය එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් කොල්ලකරුවන් දෙදෙනා මියගොස් ඇත.

කොල්ලකරුවන්ගේ වෙඩි ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ එම වෙඩි ප්‍රහාරයෙන් බේරීමට ගිය පොලිස් ජිප් රියද පාරෙන් ඉවතට පැන ගසක ගැටී ඇත. 

 

 



අදහස් (24)

පොලිස් වෙඩි පහරින් කොල්ලකරුවෝ දෙදෙනෙක් මරුට

mihira Tuesday, 17 August 2021 05:32 PM

අනේ වාසනාවන්, තෙරුවන් සරණයි... ඔය කාලකණ්ණි මරන්නමයි ඕනේ... උසාවි දාලා වැඩක් නෑ. එළියට එනවා.

:       14       104

මරාWednesday, 18 August 2021 07:00 AM

කුඩු ගෙන්නන උන්ටික අපි පාර්ලිමේන්තු යවමු.....

:       6       6

Raveendra Tuesday, 17 August 2021 06:01 PM

මෙහෙයුමට සහභාගී වූ සියලු නිලදරුවන්ට යහපතක්ම වේවා.......!!! සමාජයට අහිතකර මෙවන් කාලකණ්ණින්ව මරා දැමිය යුතුමය. මෙවන් ඝාතන මගෙන් සමාජයට යහපතක් ලැබෙනු ඇත.

:       11       94

kamal Tuesday, 17 August 2021 06:49 PM

මේ සාර්ථක මෙහෙයුමට සහය වූ සැමට උපහාරය. නඩු, උසාවි වියදම් ලෝයර් ගාස්තු බන්ධානාගාර වියදම් නැත. වරදට නිසි දඩුවම එතනම ලබාදී ඇත.

:       9       80

ganegoda Tuesday, 17 August 2021 07:10 PM

රටේ යම් දෙයක් හෝ වෙනවා කියලා සතුටු වෙමු

:       7       62

Nihal Tuesday, 17 August 2021 08:34 PM

කුඩු කාරයෝ කරන්නෙම චේන් කැඩීම, කුඩු ගේන අයට මේ දඬුවම දෙන්න ඕනෑ..

:       6       71

BamunuarachchiWednesday, 18 August 2021 07:43 AM

දඬුවම් දීල බලන්නකෝ අපේ සත් ගුණවත් ධාර්මිකයෝ මානව හිමිකම් යන හැටි

:       1       8

Sri LankaWednesday, 18 August 2021 08:09 AM

එතකොට කුඩු ගෙන්නන අය? ඒ අයව එකතුවෙලා පාර්ලිමේන්තු යවමු නේ?

:       3       2

ganegodaWednesday, 18 August 2021 04:05 PM

යවන්න දෙයක් නැහැ... එයාලා පාර්ලිමේන්තුවේ තමයි ඉන්නේ...

:       0       2

නිරේ 1050 Tuesday, 17 August 2021 10:07 PM

අනිවාර්යයෙන් මේ අයට දසවද දීලා මරන්න ඕනෑ. පොලිසියට ස්තූතියි. අහිංසක ‍දුප්පත් ළමයින්ගේ මාල කඩන එවුන්ට...

:       0       2

Roshan Tuesday, 17 August 2021 11:04 PM

ඕකුන් මරලා දාන්නම ඕනෑ...

:       0       4

nilam Tuesday, 17 August 2021 11:07 PM

පොලිස් නිලධාරීන්ට ස්තුතියි...

:       0       4

සුධීර Wednesday, 18 August 2021 12:03 AM

පොලිසියට උපහාර පුදමි...!!!

:       0       4

Demuni Uduwara Wednesday, 18 August 2021 12:52 AM

වාර්තාගත අරමුණක් සඳහා නිෂ්පාදනය අධිකරණයට ඉදිරිපත් කරන්න.

:       0       3

beau Wednesday, 18 August 2021 02:11 AM

ඇයි මැරුණු අය පෙන්වන්නේ නැත්තේ...? මහජනයාට අවශ්‍ය අයට දේවදඬුවම් දුන් හැටි බලන්න.

:       0       2

beau Wednesday, 18 August 2021 02:12 AM

බොහෝම හොඳයි, ඔයවගේ ඕවා කරන අනිත් අයටත් ඔය දඬුවම දෙන්න ඕනෑ...

:       0       6

Dileepa Wednesday, 18 August 2021 05:12 AM

පොලීසියට මල් මිටක්

:       0       7

මුණසිංහ Wednesday, 18 August 2021 07:19 AM

විවිධ බාධක මැද පොලිස් නිළධාරින් කළ මෙම කර්තව්‍යයට අපගේ ප්‍රණාමය! මේ ආකාරයට මංකොල්ලකරුවන් සහ කුඩු කාරයන් සමාජයෙන් ඉවත් කිරීම හැර වෙන ප්‍රතිකර්ම දැනට නැති බවයි පේන්නේ.

:       0       8

Bamunuarachchi Wednesday, 18 August 2021 07:47 AM

ලොයර්ලට ඌරු ජුවල් ඇති කතා කරන්න තිබුන නඩු ගණනාවක් නැති වෙච්ච එකට. ඒගොල්ලොත් ජීවත් වෙන්නේ මාල කඩන , ගෙවල් බිඳින, පොකට් ගහන, කුඩු විකුණන මිනිස්සු නිසා.

:       0       8

K. Ranaweera Wednesday, 18 August 2021 09:26 AM

පොලිස් නිලධාරීන්ට අපේ ආචාරය...!!!

:       1       11

ලුම්බිණි Wednesday, 18 August 2021 10:22 AM

මෙහෙම මරලා කේස් එක ඉවර කරනවා නම් උසාවි මොකටද?

:       13       10

BamunuarachchiThursday, 19 August 2021 09:39 AM

ඔය ඉන්නේ අනුකම්පා කාරයෝ. මේගොල්ලන්ගේ ගෙවල් වලට හොරු පන්නම .. නැහැ නැහැ මෙගොල්ලොත් අර කට්ටියේම වෙන්න ඕනේ.

:       0       0

sharm warn Thursday, 19 August 2021 11:52 AM

මේක පිළිගන්න ක්‍රමවේදයක් ද ?මාලයක් මංකොල්ල කාපුවම වෙඩි තියලා මරන්නත් කෝච්චියේ මාල කඩපුවාම පාර්ලිමේන්තු යවන්නත් ,දෙවිදියක් වෙන්නේ මොකද ?

:       1       0

hesa Saturday, 21 August 2021 11:03 PM

තවත් සෙට් එකක් ඉන්නවා උසාවි නොයා කෙලින්ම පාරෙදීම නඩු අහලා විසඳලා සමාජයෙන් ඉවත් කරන්න ඕනෑ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 57 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 467 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 903 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site