(ඉන්දිකා රාමනායක)
නිරෝධායන ඇඳිරි නීති සමයේ වැඩි මිලට අලෙවි කිරීම සඳහා රජයේ අරක්කු බෝතල් 628 ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.
මොවුන් ඉංගිරිය, වත්තල, මහව යන ප්‍රදේශවලදී ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
ඉංගිරිය ප්‍රදේශයේදී වෑන් රථයකින් අරක්කු බෝතල් 208ක ප්‍රමාණයක් සමඟ සැකකරුවකු ද, මහව නාගොල්ලාගම ප්‍රදේශයේ අරක්කු බෝතල් 424 සමග සැකකරුවකු ද, වත්තල නගරයේ දී අරක්කු බෝතල් 96 සමඟ ද වශයෙන් මෙම අරක්කු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.
මෙම අරක්කු වෑන් රථවලින් ප්‍රවාහනය කළ ද ඒ වෙනුවෙන් ඔවුන් සන්තකයේ කිසිදු බලපත්‍රයක් තිබේ නොමැත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට හෙන ගැහැව්වාට අපිට මොකෝ... අපිට ඕනේ ගානක් හොයාගන්න සහ බොන්න විතරයි. කාලකන්නින්ට ස්වභාව ධර්මයා විසින් නිසි දඬුවම් ලබාදෙනු ඇත.
ඕකූන්ට එකපාර ඔය ටික පොවන්න.. යන්න දෙන්න එපා. කාලකණ්ණි..
වධක බෙරේ දැක සොරා ගන්ට... එය කදිමයි ලොබ සිතුවාලූ... අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්, මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්...
සමාජ සේවයට කැමැති හිත හොඳ මිනිහෙක්...