(සුජිත් හේවාජුලිගේ )
නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන කාලයේ දී සිදුකළ හැකි අත්‍යවශ්‍ය සේවාවන් පිළිබඳව සඳහන් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනයක් අද නිකුත් කරනු ලැබීය.
ඒ අනුව නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක පවතින කාලයේදී බේකරි නිෂ්පාදන සඳහා ජංගම බෙදාහැරීමේ සේවාවලට අවසර හිමිවෙයි.එහෙත් බේකරි නිෂ්පාදන විකිණීමට වෙළෙඳසල් විවෘත කිරීමට අවසර හිමිවන්නේ නැත .
මේ අතර සාමාන්‍ය සායන නොපැවැත්වෙන නමුත් මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා සඳහා අත්‍යාවශ්‍ය නිවාස චාරිකා සිදුකළ හැකියි.
මීට අමතර ව පොලිසිය, ග්‍රාම නිලධාරී මෙන්ම අවශ්‍ය කාර්ය මණ්ඩලය සහිත ව පළාත් පාලන ආයතන පවත්වාගෙන යා හැකි වනු ඇත .
සීමිත මූල්‍ය ගනුදෙනු සඳහා පමණක් බැංකු විවෘතව තැබෙන අතර මාර්ගගත බැංකුකරණය සඳහා ගනුදෙනුකරුවන් දිරිමත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.
විදුලිය - ජලය - විදුලි සංදේශ - ඉන්ධන පිරවුම්හල් ඇතුළු උපයෝගිතා සේවා පවත්වාගෙන යාමට ද බාධාවක් නැත
ගොවිතැන, පශු සම්පත් මසුන් ඇල්ලීම ඇතුළු කෘෂිකාර්මික කටයුතු දිස්ත්‍රික් මායිම් නොඉක්මවා යමින් දුරස්ථභාවය රඳවාගනිමින් සිදු කරන ලෙස දැනුම්දී ඇත
අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහරින්නන්ට අවසර හිමිවන අතර සිල්ලර භාණ්ඩ මෙන්ම බේකරි නිෂ්පාදන බෙදා හැරීම සඳහා ඩිලිවරි සේවාවන්ද ක්‍රියාත්මක කළ හැකිය.
ප්‍රවාහන කටයුතු සඳහා අවසර හිමිවන්නේ අවසර ලත් අත්‍යාවශ්‍ය සේවාවන්ට සහ ඩිලිවරි සේවාවන් සඳහා පමණයි.
කොවිඩ් නොවන මරණයක දී අවමංගල්‍ය කටයුතු පවුලේ සමීපත ම ඥාතීන්ගේ පමණක් සහභාගීත්වයෙන් පැය 24ක් ඇතුළත අවසන් කළ යුතු වෙයි.
වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයින්ට සෞඛ්‍ය හේතුවක් මත මිස කිසිදු හේතුවකට නිවසින් බැහැරට නො යන ලෙස උපදෙස් ලබා දී ඇත .
ඉදිකිරීම් ස්ථානවල දෛනික වැටුප් ලබන කම්කරුවන්ට නිශ්චිත වැඩකටයුතු සඳහා අවසර ලබා දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
කෙසේ වෙතත් මෙම ක්‍රමවේදය යටතේ කිසිදු අවස්ථාවක මහජන ඒකරාශීවීම් තහනම් බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ග්‍රාම නිලධාරීන් සම්බන්ධව සිටින්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලටයි. ඔවුන්ට උපදෙස් නිකුත් කරන්නේද එම කාර්යාල වලිනි. ඒ ගැන උපදෙසක් නැත්තේ ඇයි?
ඔතනට තව බාර් විවෘත කීරිම් පමණක් නේ අඩු... ඒකත් අත්‍යාවශ්‍ය සේවා කියලා දැම්මා නම් සම්පූර්ණයි. මේක සංචරණයට වඩා විහිලුවක් වෙයි වගේ....
වැඩේ තියෙන්නේ මෙහෙමයි ඔය විවෘත කරලා තියෙන අයට වැඩ කරන්න අනිත් අයගේ සහය ඕන.