(ඩයනා උදයංගනී)
පහළ වායුගෝලයේ පවතින කැලඹිලි තත්වයක් හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (21) සහ හෙට (22) දිනවල තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව මධ්‍යම, සබරගමුව උතුර, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවල මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවන බවද හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ඔහු පැවසීය.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල තාවකාලික තද සුළං හා අකුණු අනතුරු ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියා කරන්නැයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට කරන්නේ අධාර්මික පාලකයෙක් නිසා සොබාදහමත් කැළඹිලා..! මහජනතාව ඉපදුණු දවසෙ ඉඳං කරපු කැපකිරීම් වලින් මේ අය සැප අරන් තවත් ලැජ්ජා නැතුව එනවා රෙද්දක් ඇඳන් කැපකරන්න ඉල්ලාගෙන. මඩු වලිගෙන් ගහන්න ඕනෑ.... ඒත් අපි තමයි හොඳටම කරලා තියෙන්නේ...
කොරෝනා සුලගටත් එනවා කිව්වනේ ලෝක සෞඛ්‍ය සංවිධානය එහෙනම් සුළඟත් වහමු.