(ඩයනා උදයංගනී)
ඉදිරියේදී ඉන්ධන හිඟයක් ඇතිවිය හැකි බවට පළවූ පුවත් හේතුවෙන් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් අසල ඊයේ (19) රාත්‍රියේ සිට ඉතා දිගු පෝලිම් දක්නට ලැබිණි.
රට තුළ පෙට්ට්‍රල් සහ ඩීසල් තොග ඇත්තේ දින කිහිපයක් සඳහා පමණක් බවට තවත් ඉන්ධන ගෙන්වීමට රජයට මුදල් නොමැතිවීම නිසා ඉදිරියේදී ඉන්ධන හිඟයක් ඇතිවිය හැකි බවටත් ජාතික සේවක සංගමයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සිදුකළ ප්‍රකාශයක් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයවීමත් සමඟ බොහෝ පිරිස් ඉන්ධන ලබාගැනීම සඳහා පැමිණීම හේතුවෙන් මෙම තත්වය ඇතිවිය.
ඉන්ධන ලබාගැනීම සඳහා පැමිණ සිටි පිරිස් පැවසුවේ ද ඉන්ධන හිඟයක් ඇතිවනු ඇතැයි බියෙන් තමන් මෙසේ පැමිණි බවයි.
මෙරට පවතින ඩීසල් ප්‍රමාණය දින 11කටත්, පෙට්ට්‍රල් ප්‍රමාණය දින පහකටත් පමණක් සෑහෙන බවටත්, ක්‍ෂණික මිලදී ගැනීම් සඳහා ලංසු කැඳවා ඇතත් අදාළ සමාගමට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් මිලියන 350ක මුදල ගෙවීමට නොහැකිවීමෙන් ඒවා නොලැබෙන තත්වයක් මතුවී ඇති බවත් ආනන්ද පාලිත මහතා පවසා තිබිණි.
මේ සමඟ කලබලයට පත් ජනතාව ඉන්ධන පිරවුම්හල් වෙත ඇදී යාම හේතුවෙන් ඒවා ඉදිරිපිට ඉතා දිගු පෝලිම් දක්නට ලැබුණු අතර අද (20) පස්වරුව වන තුරුම එම පෝලිම් පැවතිණි.
මේ අතර බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබුණේ රට තුළ ඉන්ධන හිඟයක් මතුවී නොමැති බවයි.
තෙල්මිල වැඩිවන බව රටට දැනුම් දුන් අයුරින්, විදේශ විනිමය අර්බුදයක් ගැන මුලින්ම රටට කියූ අයුරින් තෙල් හිඟයක් ඇත්නම් එය මුලින්ම රටට කියන්නේ තමා බවද අමාත්‍යවරයා එහි සටහන් කර තිබේ.
එමෙන්ම විශ්‍රාමික සේවකයකුගේ බොරුවලට පිළිතුරුදීමට සිදුවීම කණගාටුවක් බව ද අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහන් කර ඇත.
(ළහිරු හර්ෂණ)



(ප්‍රදීප් දිල්රුක්ෂ)



රාගම ඉන්ධන පිරවුම් හලට පැමිණි පිරිස නිසා එය පැවැති තදබදය (විමුක්ති එස්.රුද්‍රිගු)



(තුසිත ද සිල්වා)



(බිමල් ශ්‍යාමන් ජයසිංහ)



(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)


කඩවත ඉන්ධන පිරවුම් හල් අසල පැවැති දිගු පෝලිම් (විමුක්ති එස් රුද්‍රිගු)



සාලියවැව ඉන්ධන පිරවුම්හල අසල පැවැති වාහන පෝලිම (ජයරත්න වික්‍රමාරච්චි)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නම් බූරුවන් ටිකක්... මේ විදිහට ගහගෙන ඕනේ නම්, සුමාන 2ක්, 3ක් දුවයි. ඊට පස්සේ...? මේකෙන් වෙන්නේ තියෙන ටිකටත් නිකන්ම ඉවර වෙන එක...
තෙල් මිල තව වැඩිකොට, කරත්ත හා බයිසිකල්වලට ජනතාව හුරුකළ යුතුයි. දේශීය දේ අගයන දේශප්‍රේමී ජනතාවක් වෙසෙන රටකට විදේශ ආනයන සියල්ල තහනම් කිරීම තමයි වඩාත් සුදුසු වන්නේ... ඒ තුලින් වඳ ඇඳුම්, ඇතුළු අපේ සිංහල ජාතිය වඳ කරන කිසිවක් අප රට තුළට ගලා එන්නේත් නැහැ. අතරින් පතර කෝවිඩ් රෝගය නිසා කිහිප දෙනෙකු මියගියත් දැන් අපිට තුන්වේල බඩ පැලෙන්න කිරිබතුත් කාලා ජීවත් වෙන්න රටක් තියනවා. අර අන්තවාදීන්ගෙන් බුද්ධාගමට තර්ජනයකුත් නැහැ. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිළිබඳ ගැටළුවකුත් දැන් නැහැ. බෝම්බ ගහපු මහා මොලකරුවෝත් අවුලක් නැතිව ඉන්නවා. එහෙම එකේ, රජයෙන් පිනට ලබාදෙන වැක්සින් දෙකම ගහගෙන ජොලියෙන් ජීවත් වෙන්න බැරි ඇයි කියලයි මම මේ රටේ බුද්ධිමත් ජනතාවගෙන් අහන්නේ?
ඉන්ධන හිඟයක් නැත්නම් මේ තරම් බොරු කියකියා ජනතාව පිරවුම්හල් ළඟ පෝලිම් ගස්සවා පහත් සතුටක් ලබන අමනයින්ට දෙන දඬුවම කුමක්ද? කෝවිඩ්වලින් ජනතාව හෙම්බත් වී සිටිනවා මදිවට නැති ප්‍රශ්ණ ඇතිකරන්නේ මොවුන්ට වෙන රාජකාරියක් නැති නිසාද?
දැන් සැපද.?
මෙවැනි අසත්‍ය ප්‍රකාශ කරන අයට වහාම නීතිය ක්‍රියාත්මක කර දඬුවම් දිය යුතුය. දැන් තෙල් ගහගෙන ගේ වටේට යන්න පුළුවන් නේද .
ඔය වගේම පෝලිම්වල රස්තියාදු වෙලා තමයි ඔයාලා මේ ආණ්ඩුව පත් කර ගත්තේ. දැන් සැපද?