( තිළිණි ද සිල්වා )
විදෙස්ගත වූවන් මෙරටට පැමිණීමේදී බලපැවැත්වෙන නිරෝධායන රෙගුලාසි සංශෝධනය කරමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නව උපදෙස් මාලාවක් නිකුත් කර ඇතැයි විදේශ අමාත්‍යාංශය පවසයි.
එම රෙගුලාසි 19 වැනි දා සිට බලපැවැත්වෙන ලෙස නිකුත් කර ඇති නව උපදෙස් මාලාවට අනුව විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන සෑම පුද්ගලයකුම ගුවන් තොටුපොළේදී පී.සී.ආර් පරීක්ෂණයකට ලක්විය යුතු වේ.
අනතුරුව එහි ප්‍රතිඵල ලැබෙන තෙක් ඔවුන් නිරෝධායනය වීමට සැලසුම් කරන හෝටලයේ හෝ ස්ථානයේ රැඳී සිටිය යුතු වේ.
පූර්ණ එන්නත්කරණයට ලක්වූ අයකු පී.සී.ආර් පරීක්ෂණයෙන් කොවිඩ් ආසාදිතයකු නොවන්නේ නම් දින 14 ක් නිරෝධායනය වීම අවශ්‍ය නොවන බව නව උපදෙස් මාලාවේ දැක්වෙන බව එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.
පී.සී.ආර් පරීක්ෂණයෙන් කොවිඩ් ආසාදිත නොවී පූර්ණ එන්නත්කරණයට ලක්වී නොමැති අයකු නම් දින 14 ක කාලයක් නිරෝධායනය වීම අත්‍යාවශ්‍ය බවද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නව උපදෙස් මාලාවේ සදහන් වන බවද එම අමාත්‍යාංශ නිලධාරියා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ මෙච්චර වැක්සීන් අරගෙන පිසීආර් කරලා එන්නම වටිනා රට.
එන්නත් දෙකම ගත්ත අයටත් රෝගය වැළඳෙන අවස්ථා තියෙනවා නේද? එතකොට පිටරට ඉඳලා එන කෙනාට එහෙන් පිටත්වෙන දවසකට කළින් වෛරස් ආසාදනය වුණා නම් පහුවදා PCR පොසිටිව් වෙයිද? එම පුද්ගලයින් නිරෝධායනය නොකර මුදා හැරියොත් රෝගය වැළඳී බෝවෙන්න හැකියාවක් නැතිද? රෝගය බෝවෙන්න ඇති සෑම ඉඩකඩක්ම අහුරාලිය යුතුය. විශේෂයෙන් විදේශ රටවල සිට එනකොට මොන විෂබීජ අරන් එනවද?
අදාළ නීතිරීති සියල්ලෙහිම වරදක් නොමැත. නමුත් "අනතුරුව එහි ප්‍රතිඵල ලැබෙන තෙක් ඔවුන් නිරෝධායනය වීමට සැලසුම් කරන හෝටලයේ හෝ ස්ථානයේ රැඳී සිටිය යුතු වේ." යන්න මගින් මිනිසුන්ව ඉතා නින්දිත විදිහට සූරාකෑමට ලක්වනු නියතයි. මක්නිසාදයත් "තාම PCR ප්‍රතිඵල ලැබී නැත යන කරුණ" උපයෝගී කර ගනිමින් හෝටල් හා අදාළ PCR ප්‍රතිඵල නිකුත් කරන ආයතන තුළ සිටිනා සත්ගුණවත් තක්කඩින් විසින් මුදල් ගසාකනු ඇත. අදාළ බලධාරීන්ට මෙම අදහස් කියවීමට හැකි වේවා..!!!
එතකොට අර උදයංග වීරතුංගගේ සංචාරකයින්ටත් මේ නීතිය වලංගුද? මොකද්ද එක රට එක නීතිය කියාගනනේ බලයට ආවේ. දැන් ඕක අමතක වෙලා.
යුරෝපයේ වැක්සින් දෙකම ගත්ත අයට රටකින් රටකට යද්දී PCR කරන්නේ නැහැ. නිරෝධායනය කරන්නෙත් නැහැ. ඔය PCR සහ නිරෝධායනය කියන්නේ ලංකාවේ නම් තනිකරම බිස්නස් එකක්. යුරෝපයේ කිසිම වෙලාවක PCR පොසිටිව් වුණා කියලා ඉස්පිරිතාලවලට අරන් ගියේ නැහැ. ගෙදර ඉන්න කියනවා. අමාරු වුනොත් තමයි ඉස්පිරිතාලේ නැවැත්තුවේ. දැනටත් PCR පොසිටිව් වුණොත් ගෙදර ඉන්න කියලා කියන්නේ. අඩුගානේ ගෙදර දොරේ කොල අලවන්නෙත් නැහැ. හැබැයි මේ මිනිස්සු තේරුම් අරන් ඉන්නේ තමතමන් පරිස්සම් වෙන්න ඕනෑ කියලා. බීලා වෙරි වුණාම තමයි මෙහෙ සෙට් එකට අමතක වෙන්නේ මොකද කරන්නේ කියලා. ලංකාවේත් එ්කම තමයි, දැක්කනේ බාර් පෝලිම...
උදේට නැගිටිනකොට අලුත් ගැසට් එකක් හවසට තව එකක්, කොහොම හරි වටෙන් ගිහිල්ලා අහිංසක රටවිරුවෝ හොටෙල් වලට දක්කලා අතේ තියෙන තුට්ටු දෙකට විදින්නයි හදන්නේ.