(ඩයනා උදයංගනී)
පාස්කු ප්‍රහාරයට මාස 28ක් සම්පූර්ණ වූ අද (21) දිනයේදී කතෝලික සභාව මගින් නිහඬ කළු විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
පාස්කු ඉරුදින ප්‍රහාරයට වගකිව යුත්තන් නීතිය හමුවට ඉදිරිපත් කර සාධාරණය ඉටුකරන්නැයි ඉල්ලා මෙලෙස විරෝධතාව ක්‍රියාත්මක කරන ලෙස මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ ඉකුත්දා ජනතාවගෙන් ඉල්ලීමක් කළහ. මෙම විරෝධතාවට එක්වෙමින් රටපුරා දේවස්ථානවල කලු කොඩි ඔසවා තිබූ අතර උදෑසන 8.45ට සියලු දේවස්ථානවල සීනු නාදකර උදෑසන 9.45 දක්වා යාඥා මෙහෙයක් ද පැවැත්විණි.
ජනතා සහභාගීත්වයෙන් තොරව පියතුමන්ලා හා කන්‍යා සොහොයුරියන් විසින් මෙම දේව මෙහෙයන් පවත්වනු ලැබිණි.
එමෙන්ම නිවෙස්, වෙළඳ ව්‍යාපාරික ස්ථාන හා වාහනවල කළු කොඩි ප්‍රදර්ශනය කරමින් ජනතාවද මෙම විරෝධතාවට එක්ව සිටියහ. ප්‍රහාරයෙන් මියගිය අය හා රට වෙනුවෙන් අද රාත්‍රී 7.00 සිට 8.00 දක්වා නිවෙස්වල සිට යාඥා කරන ලෙසත් කතෝලික සභාව ජනතාවට දැනුම්දීමක් කරයි.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
කොච්චිකඩේ පල්ලිය







(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කටුවාපිටිය පල්ලිය







(ඩී.ජී.සුගතපාල)
සාන්ත ලුසියා ආසන දෙව්මැදුර-ගාල්ල




හැටන් ප්‍රදේශයේ බැතිමතුන් (රංජිත් රාජපක්ෂ)



රාගම නගරය (විමුක්ති එස් රුද්‍රිගු)



(තිලකරත්න දිසානායක)
ගම්පහ සිරිකුරුස දේවස්ථානය



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයට ඔව්වා ඇහෙන්නේ නැහැ.
දෙවිවරු උඩ ඉන්නවනේ..!!!
බොරුව රජ කරන රටක යුක්තියට සාධාරණයට ඉඩක් නැත.
දෙවියන් ඉන්නේ ගොඩක් දුර, ලංකාවට දැන්ම එන පාටක් නැහැ.
රටේ වියසනාකාරී තත්වයක් තුළ ආගමික නායකයින් මීට වඩා සංයමයෙන් හැසිරිය යුතු නොවේද ?
සුමුදු, ඔයාගේ අදහස දැක්කම මේ ප්‍රහාරයේ මහ මොලකරු අපිවගේම ඔයත් දන්නවා කියලයි හිතෙන්නෙ. ඔබ ඔහුව බේරා ගැනීමේ නින්දිත උත්සාහයක යෙදෙනවා. කලු කොඩි එසවීමෙන් කොරෝනා පැතිරීමක් සිදුවෙන්නේ නෑ
සත්‍ය සොයන්න දැනගන්න අවශ්‍ය නම් කුරානය කියවන්න. අන්න එහි ලියා තිබෙනවා අල්ලා විශ්වාස නොකරන මිනිස්සු මරපල්ලා කියන එක තමයි සත්‍ය... එ්ක ඉස්ලාම් කාරයින් අකුරට හිතෙන් පිළිපදිනවා සමහරු ක්‍රියාත්මක කරනවා. සහරාන් ඒ කියමන ක්‍රියාත්මක කළ පුද්ගලයෙක්. ඊට වඩා දෙයක් ඔබලා දන්නවා නම් එළිපිට කියන්න.