(සුජිත් හේවාජුලිගේ )
කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ලබාගෙන ජාන විශ්ලේෂණ පරීක්ෂණවලට ලක් කෙරුණු කොරෝනා ආසාදිතයන්ගේ සාම්පල 88 කින් 84 කම ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය තිබී හමුවූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
මේ අනුව මෙරටින් මේ දක්වා සොයාගෙන ඇති ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ පුද්ගලයන් සංඛ්‍යාව 201ක් දක්වා ඉහළ යනු ඇත.
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෙයට පෙර ඩෙල්ටා ආසාදිතයයෝ 117 දෙනෙක් සොයා ගනු ලැබූහ.
ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය හමුවූ සාම්පලවලින් වැඩි ප්‍රමාණයක් කොළඹ ප්‍රදේශයෙන් ලබා ගත් ඒවා බව පැවසූ ආචාර්යවරයා ඩෙල්ටා හමුවූ සෙසු සාම්පල මහනුවර මාතලේ, රත්නපුර, නුවරඑළිය, ගාල්ල, වව්නියාව, මහරගම, මාලඹේ, ගම්පහ යන ප්‍රදේශවලින් ලැබී තිබුණු ඒවා බවද සඳහන් කළේය.
ලංකාවේ පැතිර යන ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයේ විකෘති අවස්ථා තුනක් පසුගියදා සොයා ගත් බවත් එකම සෛලයක විකෘති අවස්ථා තුනක් එකවර හඳුනා ගැනුණු ලෝකයේ පළමු අවස්ථාව මෙය බවත් චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළේය.
මෙම විකෘති අවස්ථා තුනෙන් ඒ 7015 විකෘතිය මෙතෙක් හමුවී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් පමණක් බවද ඔහු පැවසීය.
ඩෙල්ටා වයිරස සෛලයේ 1078S විකෘතිය මෙතෙක් හමුවී ඇත්තේ මැලේසියාවෙන් සහ ශ්‍රී ලංකාවෙන් පමණක් බව පැවසූ හෙතෙම 222V විකෘතිය ඩෙල්ටා පැතිරීම වේගවත්වීමට ප්‍රධාන වශයෙන් හේතු වන්නට ඇතැයි විශ්වාස කරන බවද ප්‍රකාශ කළේය.
මෙම විකෘතිතා සහිත ඩෙල්ටා ප්‍රභේදය හමුවී ඇත්තේ කොළඹ ප්‍රදේශයෙන් බවත් ඉදිරියේදී මෙම විකෘති නව ප්‍රභේදයක් ලෙස වර්ධනය වීමට ඉඩකඩ ඇති බවත් ඔහු සඳහන් කළේය.
මෙම ප්‍රභේදයේ වෙනස්කම් සම්බන්ධයෙන් දිගටම පරීක්ෂණ සිදුකරන බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් පැවසුවේය.
මෙම නව ඩෙල්ටා ආසාදිතයන් 84 දෙනා සම්බන්ධයෙන්වූ වාර්තාවක් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අද (20) බාරදෙනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"එකම සෛලයක විකෘති අවස්ථා තුනක් එකවර හඳුනා ගැණුනු ලෝකයේ පළමු අවස්ථාව...", අද රෑට කතාවේදී කියන ‘‘අපි තමයි හොඳටම කළේ‘‘ කියන එකට හොඳම උදාහරණයක් තමයි මේක...
රට බේරගන්න කියලා ඡන්දේ දීලා දැන් පණ බේරාගන්න මාර සටනක් දෙන්න වෙලා තියෙන්නේ. අනේ අපොයි...!
ඉදිරිය කෙතරම් බියකරුද යන්න මීටවඩා නිගමන අවශ්‍යයිද? මේ විද්‍යාත්මක පැහැදිලි කිරීම්වලට වඩා ගොබ්බ දේශපාලන තීන්දු නිසා පහුගිය දින කීපයේ අහිමි වූ ජීවිත කෙතරම්ද?
සර් උඩඟු නොවී මීට සති 2-3කට පෙර ලොක්ඩවුන් කර, එන්නත් කරන අය වේගවත් කළා නම් මෙහෙම වෙන්නේ නැහැ නේද? සර් හැදුවේ ගුරුවරුන්ට පාඩමක් උගන්වන්නනේ. අන්තිමට පාඩම ඉගෙන ගත්තේ සර්... අසරණ වුණේ රටේ ජනතාව..
හොයාගන්නවා වගේ ඒවාට බෙහෙත් හදන්න. පිටරටින්ම ඕඩර් කරන්නේ නැතිව.. ස්තූතියි.
අපිට නම් එපා විශාලා මහනුවරක්.. පරිස්සම් වෙමු.. මාස්ක් කීයටවත් නොගලවමු.
හිතාමතාම මේක පැතිරෙන විදිය අත්හදා බලනවාවත්ද මන්දා.
රට වැහුවා, දැන් ඔබටත් ගෝලයන්ටත් නින්ද යයි හොඳට.
අප්‍රේල් මාසේ සිට ඉන්දියානුවන්ට රට වැහුවානම් මේක වෙන්නේ නැහැ.