(සුජිත් හේවාජුලිගේ )
නිරෝධායන ඇඳිරි නීතිය කඩ කරන්නන් සොයා ඔවුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට අද(20) උපදෙස් දුන්නේය.
මේ අනුව ඒ සම්බන්ධයෙන් විශේෂ මෙහෙයුම් අරඹන ලෙස පොලිස්පතිවරයා සියලුම ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුන්ට ,නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට හා කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට අදම උපදෙස් ලබාදී ඇති බව දැනගන්නට ඇත.
මේ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් සූදානම් කරන ලෙසටද පොලිස්පතිවරයා දැනුම් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සඳහා පොලිසියේ ධාරිතාවය ප්‍රමාණවත් නැත. හමුදාව කැඳවන්න.
කවුරුහරි මේවෙලාවේ සතුටු වෙනවානම් රට වැහුවා කියලා ඒ හැමෝටම කියන්න තියෙන්නේ කොරෝනා ව්‍යපාරය ජයගත්තා කියලා.
අපේ අම්මා ලෙඩෙක්. කොයි වෙලේ හදිස්සියේ හොස්පිටල් ගෙනියන්න වෙයිද කියන්න බෑ තියෙන අසනීප වලට.
එහෙම කොහොමද කරන්නේ...? අපිට ඔය නීති අදාළ නැහැ අපි ජනතාවගේ දුක සැප සොයා බලන්න ඕනේ ඒ මිනිස්සුන්ට ලෙඩ හැදුනට අපිට මොකද අපි උද්ගෝෂණ කරනවා මිනිසුන්ව පාරට බස්සනවා මිට "බල පෙරේත" මෝඩ... සමාවෙන්න සමාවෙන්න උගත් පුතානෝ ගේ අතීසාර සහචරයා වන දියව් "කුමරු" ප්‍රමුක රැල .....
මහත්තයෝ බලන්නකෝ සඳුදා කොච්චර වාහන තියෙයි ද කියලා පාරේ... කොම්පැණි කාරයින් දැනටම වැඩ කරන මිනිස්සුන්ට මේල් යවලා ඉවරයි... ලියුම පෙන්නලා වැඩට එන්න සඳුදා සිට කියලා.. මේවා ගොඩක් ඒවා අත්‍යාවශ්‍ය සේවා නොවේ... ඒවා පොඩ්ඩක් පොලිසියට කියලා තියන්න. ඒවා නියාමනය වෙන්නේ නෑ හරියට...