(සුජිත් හේවාජුලිගේ)
නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන කාලසීමාවේදී දේශීය ඖෂධ වර්ග ජනතාවගේ නිවෙස් වලටම ගොස් ලබාදීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශිය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාට උපදෙස් දී ඇත.
මේ අයුරින් දේශීය ඖෂධ වර්ග නාගරික මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවටද ලබාදීමට පියවර ගන්නා ලෙස දැනුම් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැහැදිලි නෑ. මේ කවර ප්‍රයෝජනයක් ලැබීම පිණිස කරන දෙයක්ද?
මිනිසුන්ගේ ප්‍රතිශක්තිකරණයට ආහාර අත්‍යාවශ්‍යයි. බේත් බොන්න කලින් කෑම ගන්න ඕනේ.
රජයෙන් ජනතාවට දෙන මෙවැනි සහන සහ ආධාර " ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරින් මගින් පමණක් " ජනතාව වෙත ලබාදෙන්න. ඇතැම් විහාරස්ථාන, ආගමික ස්ථාන වෙත සහ දේශපාලන කණ්ඩායම් වෙත ලබාදෙන ආධාර ජනතාව වෙත නිසි අයුරින් ලැබෙන්නේ නැහැ...
ඔබ කිව්වා හරි. ගම්පහට අවසන් වතාවේ ගංවතුර ගලාපු වෙලාවේ, ඇතැම් පන්සල්වල හිමිවරු මුල්වෙලයි කෑම පිළියෙල කලේ. ග්‍රාමසේවක නෝනලා මහත්තයලා සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ව රවටලා ඒ කෑම පිළියෙල කරපු අය තමන්ගේ හිතවත් අයට පමණක් බෙදලා තිබ්බා. අන්තිමේදී බැණුම් ඇහුවේ බොහෝ කැපකිරීම් කළ රජයේ නිලධාරින්... ඉතිරි ආහාර ද්‍රව්‍ය පවා ඇතැම් පන්සල්වලින් හිත්වත් දායක සහ නෑදෑයින් ගේ නිවෙස්වලට යවා තිබුණා. බොහෝ දේශපාලකයින් දුන්නු ආධාරත් මිනිස්සුන්ට ලැබුනේ නැහැ. ඒත් පින් දීලා ෆේස්බුක් නම් දාලා තිබ්බා ලැබුණයි කියලා. මිනිස්සු කියන්නේ "ගංවතුර ආධාරත් වතුරෙ ගියා" කියලයි. මේවා මඩ නොවේ. රටම දැනගන්න ඕනෑ ඇත්ත... !
මහජන මුදල් නාස්ති කරන්න එපා ! ඔය දේවල් වලින් කෝවිඩ් වසංගතය මර්දනය කරන්න බැහැ...
කොරෝනා ආසාදිත රෝගීන්ටද ලබාදෙන හෙළ ඖෂධ දැනට නිපදවා ඇත. මේවාද රජයේ ආරෝග්‍යශාලාවල කැමති අයට ලබාදීමට අවශ්‍ය කටයුතු සලසන්නේ නම් කාලෝචිතයි...
ඕක කියන්න තිබුණේ ආයුර්වේද වෛද්‍යවරයෙක් නේද? මෙයත් නොදන්න දෙයක් නැහැ...!
ආයුර්වේද දොස්තරලා පණු අමාරුවට දෙන්නේ (එයාලත් බොන්නේ) වර්මොක්ස්. ඒ වුණාට කතාව සිංහල බේතෙන් කොවිඩ් හොඳකරන්න...!
කොරෝනා අස්සේ ගෙදරට ගිහින් බෙදන්න ඉස්සරවෙලා රජයේ ආයුර්වේද රෝහල්වලට අවශ්‍ය බෙහෙත් ටික සපයන්න.
ජනාධිපතිතුමනි මේක කරන්න පුළුවන් එකම කෙනා ඔබ විතරයි.
2020 ආරම්භක කාලයේ සිට ප්‍රජා සෞඛ්‍ය අංශය මගින් හැකි උපරිමයෙන් සිදුවිය. තවදුරටත් වඩාත් පුළුල්ව ඉටුකිරීමට අවශ්‍ය පහසුකම් සැලසිය යුතුයි.