(අංජුල මහික වීරරත්න)
රටෙි තිස් දහසක ජනතාවක් මිය යාමට තිබෙන අනතුර දැක එම ජනතාව බේරා ගැනීමේ අරමුණින් යෝජනාවලියක් සකස් කර රජයේ අවධානයට යොමුකිරීම "ඩීල්" එකක් යැයි කියන තරමට ඇතැම් දේශපාලනඥයින් බංකොලොත් වී ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.
ඇත්ත " ඩීල්" එක මිනිසුන් තිස් දහසක් මැරෙනතුරු බකන්නිලා බලා සිටීමද? නැතිනම් ජීවිත රැක ගැනීම වෙනුවෙන් හැකි අයුරින් දායක වීම දැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා ප්‍රශ්න කළේය.
වීඩියෝ තාක්ෂණය ඔස්සේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා කීවෙි එජාප යෝජනා මාලාව ගැන කතා කිරීමට ජනාධිපතිවරයා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට අවස්ථාවක් ලබාදී තිබු අතර එම යෝජනා ක්‍රියාත්මක කරනවා ද නැද්ද යන්න තීරණය කළ යුත්තේ ජනපති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විපක්ෂ පට්ටියට ගියේ කවුද? ඒ හැම කෙනාම ජනතාව පිළිබඳව ඇත්තේ පුදුම ආදරයක්නේ.. ඒ වුණාට උද්ඝෝෂණ, වැඩවර්ජන වලදී ජනතාවට රෝග බෝවුණාට ගැටළුවක් නැති විදියට නේද නුඹලා ක්‍රියා කලේ... දැන් මෙතන ඌරු, කඳුළු හෙලනවා. නොදකින් කාලකන්නි දේශපාලුවන්... පුත්තලමට අදාළ ඒ තිරිසන් සත්වයාටත් නිගාවක් නිවට "දෙපත් ගැරඬින්ගේ" අසික්කිත හැසිරීම්...
බොර දියේ මාලු බාන්න එපා. පුළුවන් නම් දේශීය බෙහෙතක් හොයාගන්න. රටම ගොඩ... ස්තූතියි..!!!
සමහර අයට තවමත් හැම දෙයක්ම දේශපාලනිකයි .කාලකන්නි
97 වරක් අනතුරු අඟවද්දී රට ගැන හිතුනේ නැද්ද?
මේ අයගෙනුත් පරිස්සම් වෙන්න ඕනෑ. මේ අයවත් විශ්වාස කරන්න එපා මොවුන් බොරදියේ මාළු බාන අය...