ජනාධිපති -සෝභිත හිමි හමුවක් අරගලයේ සැබෑ ජනතා අපේක්ෂාව ජයග්‍රහණය කරවීමට නම් එහි අයහපත් පැතිකඩ ඉවතලා යහපත් අරමුණු සමග සියලු දෙනා යළි ඒකරාශි විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 06 August 2022
අයිතිකරුට හොරෙන් සුදු ලූණු විකුණන්න ගිහින් අමාරුවේ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් ආනයනය කරන ලද සුදු ලූනු තොගයකින් කොටසක් අයිතිකරුගේ අනුදැනුමකින් තොරව වෙනත් පාර්ශ්වයකට විකිණීමට ගිය සැකකරුවන් හතර දෙනකු සහ මිලදී ගැනීමට පැමිණි ව්‍යාපාරිකයා සමග අත් අඩංගුවට ගත් බව රාගම පොලිසිය ප්‍රකාශ කළේය. 06 August 2022
සර්ව පාක්ෂික ආණ්ඩුවේ ඇමතිකම් දක්ෂතා මත සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමෙි දී සියලුදෙනාගේ අදහස්වලට ඇහුම්කන් දෙමින් කුසලතා මත වගකීම් පැවරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 06 August 2022
ෆ්ලෝටින් මාර්කට්ටුවත් අරගල කරුවන්ට මැනිං පාවෙන වෙළෙඳසල් පරිශ්‍රය (ෆ්ලෝටින් මාර්කට්)අරගලකරුවන් වෙන් කිරීමට රජය තීරණය කර ඇත. 06 August 2022
ලංකාවට සහය වෙන්න ලෑස්තියි එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට ක්ෂණික හා දිගුකාලීන සහය දැක්වීමට සූදානම් බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් (Antonio Guterres) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබ පැතුම් පණිවුඩයක් එවමින් සඳහන් කරයි. 06 August 2022
නිවාඩු ඇවිත් හරක් හොරකමේ ගිය නාවික සෙබළා මාට්ටු එළ ගවයන් තිදෙනකු සොරාගෙන රුපියල් ලක්ෂ තුනක මුදලකට අලෙවි කළ නාවික හමුදා සෙබළකු හොරොව්පොතාන විලේවැව ප්‍රදේශයේදී අද උදෑසන සැකපිට අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි. 06 August 2022
අරගල භූමියෙන් අපි ඉවත් වන්නේ නෑ ගාලු මුවදොර අරගල භූමියේ සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අනුබද්ධ කිසිදු ශිෂ්‍ය සංවිධානයක් හෝ සමාජ ව්‍යාපාරයක් ඉන් ඉවත් වීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ප්‍රේමකුමාර ගුණරත්නම් මහතා පැවසීය 06 August 2022
කෙහෙල්බද්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අයත් කෙහෙල්බද්දර ප්‍රදේශයේදී අද සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි. 06 August 2022
සර්වපාක්ෂික රජයට අතත් එකතු වෙයි ඉදිරියේදී පිහිටුවීමට යෝජිත සර්වපාක්ෂික ආණ්ඩුව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද එක් වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 06 August 2022
දේශපාලනඥයන්ගේ වැනසූ නිවාස තට්ටු දෙකට තුනට හදලා දෙන්න ඕන ප්‍රචණ්ඩකාරී න් විසින් විනාශ කරන ලද දේශපාලනඥයින්ගේ සහ ව්‍යාපාරිකයින්ගේ සියලු නිවාස ප්රජාතන්ත්රවාදයේ නාමයෙන් නැවත ඉදිකර දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය 06 August 2022
ගුවන් යානා තෙල් ගහන්න ඉන්දියාවට යාමෙන් ඩොලර් බිලියන හතක අලාභයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගුවන් යානා ඉන්ධන ලබා නොදීම නිසා ඉන්දියාවෙන් එම ඉන්ධන ලබා ගැනීමට සිදුව ඇති බැවින්, ඉන්ධනවලට යන වියදමට අමතරව මසකට ඩොලර් බිලියන හතක අලාභයක් විඳීමට ශ්‍රී ලංකා ගුවන් සේවයට සිදුව ඇතැයි වාර්තා වෙයි. 06 August 2022
පොහොට්ටු මන්ත්‍රීවරු පොලිස්පති ගැන කනස්සල්ලෙන් පොලිස්පතිවරයා සම්බන්ධයෙන් වහාම තීරණයක් ගන්නැයි පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පිරිසක් මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ටිරාන් අලස් මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ . 06 August 2022
ජවිපෙ මන්ත්‍රීවරු ආදර්ශයක් දෙති පාර්ලිමේන්තු මන්තීවරුනට රුපියල් ලක්ෂ දෙකක ඉන්ධන දීමනාවක් ලබා දීමට ගෙන ඇති තීරණයට අනුව ජනතා විමුක්ති පෙරමුණ එම දීමනාව ලබා නොගැනීමට තීරණය කර ඇත. 06 August 2022
මැතිසබයේ ලොකු කමිටු කිහිපයක මුල් පුටු ගැලවේ වාර අවසාන කිරීම සමග අහෝසි වූ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) සහ රාජ්‍ය ගිණුම් කාරක සභාව (කෝපා) ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා කිහිපයක මුල් පුටු ඉදිරියේදී වෙනස් වනු ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ. 06 August 2022
ගෝඨාභයට තවත් දින 14ක් ඉල්ලයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවේ රැඳී සිටීමට තවත් දින 14ක කාලයක් ලබා දෙන්නැයි රජය සිංගප්පූරු රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ. 06 August 2022
වෛද්‍ය දීපාල් ඩොලර් හොයන මඟක් කියයි ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා ඩොලර් සොයා ගැනීමට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා රජයට යෝජනාවලියක් ඉදිරිපත් කරයි. 06 August 2022
අදත් වැස්ස ටික ටික පවතී සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් අද (6) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 06 August 2022
හදිසි නීතිය දිගටම තියන්නේ නෑ හදිසි නීතිය අඛණ්ඩව පවත්වාගෙන යාමට තමාගේ බලාපොරොත්තුවක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 06 August 2022
පොල්දූව අධි ආරක්ෂක කලාපයට රිංගූ දෙකක් අල්ලයි පාර්ලිමේන්තු සංකීර්ණය අසල පොල්දූව අධි ආරක්ෂක කලාප ජල තීරයට ඇතුළුවී සිටි සැකකටයුතු පුද්ගලයෝ දෙදෙනෙක් දියවන්නා ඔයේ ආරක්ෂක කටයුතුවල යෙදී සිටි නාවික හමුදා නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබූහ. 06 August 2022
නාඳුනන මළසිරුරක් දික්ඕවිට වෙරළේ හිසට හා පාදවලට සුදු ඉටි බෑග් දෙකක් බහා එහි දෙපස ගැටගසා තිබූ මළ සිරුරක් වත්තල දික්ඕවිට වෙරළේ පාවෙමින් තිබියදී වත්තල පොලිසිය සොයාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. 06 August 2022
සර්ව පාක්ෂික ආණ්ඩුවට ෆොන්සේකාගෙන් පොල්ලක් සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීම ප්‍රයෝජනවත් දෙයක් නොවේ යැයි සමගි ජන බලවෙිගයේ පාර්ලිමේන්තු සරත් ෆොන්සේකා මහතා ජනාධිපති සමඟ සාකච්ඡාවෙිදී පැවසීය. 05 August 2022
සර්ව පාක්ෂික ආණ්ඩුවකට ජනාධිපති-සජබ සාකච්ඡා කරයි ඉදිරියේ දී පිහිටුවීමට යෝජිත ආණ්ඩුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් ලෙස නම් කිරීමට එකඟ නොවන්නේ නම් එය සර්ව පාක්ෂික පාලනයක් ලෙස නම් කරන මෙන් තමන් යෝජනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 05 August 2022
සාම්පල 24කින් 20ක්ම සැර කොරෝනා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශය කොවිඩ් රෝගීන් 24 දෙනෙකුගේ ජෛව පටල සාම්පල ජාන විශ්ලේෂණයට ලක් කිරීමේදී ඉන් සාම්පල 20 කම තිබී හමුවී ඇත්තේ වේගවත් පැතිරීමක් සහිත ප්‍රබල ඔමික්‍රොන් බී.ඒ 5 කොවිඩ් අනු ප්‍රභේදය බව එම අංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය. 05 August 2022
ගල්කිස්ස අධිකරණයේ වෙඩි තැබීම: පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ වැඩ තහනම් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය තුළ පසුගිය (4) දා විත්තිකරුවකු ඉලක්ක කර සිදු කරන ලද වෙඩි ප්‍රහාරය සිදු වූ අවස්ථාවේ දී ගල්කිස්ස අධිකරණ සංකීර්ණ මුර පොලෙහි සේවයේ යොදවා සිටි පොලිස් නිළධාරීන් දෙදෙනා ගේ වැඩ තහනම් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 05 August 2022
’’අරගලකරුවන් ආර්ථික අරගලය ජයගන්න එක්කාසු කරගන්නවා’’ අරගලකරුවන් සහ තරුණ පරපුර සමග විනිවිදභාවයෙන් කටයුතු කිරීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 05 August 2022
කිව්.ආර්. කේතය මකන්නේ මෙහෙමයි ජාතික ඉන්ධන බලපත්‍රයට අදාළ කිව්.ආර්. කේතයට ලියාපදිංචි වී සිටින වාහන හිමියෙකුට සිය කිව්.ආර්. කේතයට පිවිස එහි ඇති ගිණුම අවසන් කිරීමට ඇති ස්ථානයෙන් එය මකාදැමිය හැකි බවත් ඉන් පසුව අවශ්‍ය තොරතුරු නැවත ඇතුලත් කර ලියාපදිංචි වියහැකි බවත් බලශක්තිය අමාත්‍යාංශයේ උසස් නිලධාරියකු පැවසීය. 05 August 2022
පාද යාත්‍රාවෙන් කතරගම එන බැතිමතුන්ගේ රැකවරණෙට මුදල් වෙන් කරයි කතරගම ඇසළ උත්සවය සඳහා උතුරු නැගෙනහිර සිට පාද යාත්‍රාවෙන් පැමිණෙන බැතිමතුන්ට ආරක්ෂාව හා ජල සම්පාදනය ඇතුළු යටිතල පහසුකම් සැපයීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි රුපියල් මිලියන 2.04ක මුදලක් වෙන් කර ඇත. 05 August 2022
ශ්‍රී ලංකන් අප්‍රසාදයට පත්කිරීමේ මෙහෙයුමක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ව්‍යාපාරික පන්තියට ආහාර නොදෙන බවට මේ දිනවල වන ප්‍රචාරයන් ප්‍රතික්ෂේප කරන බවත් එම ගුවන් සේවය පිළිබඳව ජනතාව තුළ අප්‍රසාදයක් ඇති කිරීම සඳහා මෙවැනි ප්‍රචාර සිදුකරන බවත් ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 05 August 2022
පෞද්ගලික බස් රථ වර්ජනය අවසන් කරයි ප්‍රමාණවත් ඉන්ධන නොලැබීමට විරෝධය දක්වමින් පෞද්ගලික බස් රථ හිමියන් අද (5) පෙරවරුවේ ආරම්භ කළ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව බස් රථ හිමියන්ගේ සංගම් පවසයි. 05 August 2022
කෘෂි ඇමති උමන්දාව බලන්න යයි යුරියා පොහොර ආනයනය සඳහා ඩොලර් මිලියන 48 ක මුදලක් රජයට වැය කිරීමට සිදු වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 05 August 2022
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026