‘‘අබ්බා‘‘ පොලිස් වෙඩි පහරින් මරුට දුලාන් සමීර සම්පත් නොහොත් ‘‘අබ්බා‘‘ නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බළකාය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකදී මරුමුවට පත්ව ඇතැයි එගොඩඋයන පොලිසිය පවසයි . 11 February 2022
දින පහේ මන්ත්‍රීට කෝටි 6ක වාහන බලපත්‍රයක් පසුගිය රජය සමයේදී එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පත්වී මේ සභාවේ දින පහක් පමණක් සිටි මන්ත්‍රීවරයකු ගෙදර ගොස් ඇත්තේ ඔහුට රජයෙන් ලැබුණු වාහන බලපත්‍රය කෝටි හයකට විකුණා බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය. 10 February 2022
චාල්ස් කුමරුන්ට යළි කොරෝනා බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරුන් දෙවැනි වරටත් ‘කොවිඩ් 19’ ආසාදිතයකු වී ඇතැයි ක්ලැරනස් හවුද් මන්දියට නිවේදනය කළේය. වෛද්‍ය උපදෙස් අනුව කුමරුන් හුදෙකලා වී සිටින බවත් එම නිවේදනයේ සඳහන් වෙයි. 10 February 2022
නැකත්කරුගේ බිරිය කෝටි ගණනක දේපළ අරන් පැනයයි ප්‍රසිද්ධ ජ්‍යෝතිෂ්‍යවේදියකුගේ බිරිද රුපියල් කෝටි දෙකක දේපල සමග සිය දරුවන් දෙදෙනා ද රැගෙන පලායෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි මුල්ලේරියාව පොලීිසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා ඉදිරියේ ඊයේ (10) කරුණු වාර්තා කර ඇත. 10 February 2022
වැල්ලයි පාරයි ඔට්ටුයි නම් ඡන්දයකට එන්න වැල්ලත් ඔට්ටුයි,මහ පාරත් ඔට්ටුයි ඡන්දයකට එන්නැයි අගමැතිවරයා අනුරාධපුර ජන රැලියේදී කළ අභියෝගය සතුටින් භාර ගන්නා බව සමගි ජන ජනබලවේගයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා පැවසීය. 10 February 2022
අලියකුට කරදර කළ රියැදුරාට ලක්ෂ දෙකක් දඩ ත්‍රිකුණාමල - හබරණ ප්‍රධාන මාර්ගයේ සැරිසරමින් සිටි වන අලියකු පසු පස කැබ් රථයකින් ලුහු බඳිමින් එම වන අලියාට හිංසා කිරීමට යම් උපක්‍රමයක් භාවිතා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ කැබ් රථ රියදුරකු එකී චෝදනාවට වරද පිළිගත් පසුව ඔහුට මුදලින් රුපියල් ලක්ෂ දෙකක දඩයක් ගෙවන ලෙස කැකිරාව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් සමන් වැරණියගොඩ මහතා අද නියම කළේය. 10 February 2022
සහරාන්ගේ බිරියගෙන් ප්‍රකාශයක් ගන්න සී.අයි.ඩීයට අවසර පාස්කු ඉරුදින තස්ත්‍ර ප්‍රහාරය වැළැක්වීමට අවස්ථාව තිබියදී අපරාධ පරික්ෂණ දෙපාර්ත්මේන්තුවේ උසස් නිලධාරීන් කණ්ඩායමක් ඒ පිළිබදව නිසි පරිදි විමර්ශනය නොකිරීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි එම දෙපාර්තමේන්තුව කුලියාපිටිය මහේස්ත්‍රාත් ජනනි ශෂිකලා විජේතුංග මහත්මිය ඉදිරියේ අද (10) කරුණු වාර්තා කළේය. 10 February 2022
ත්‍රස්ත අලුත් පනතින් රැඳවුම් කාලය අඩුවෙයි ත්‍රස්තවාදය වැළැක්වීමේ ( තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පත යටතේ යම් පුද්ගලයකු රඳවා තබාගත හැකි මාස 18 ක උපරිම කාලය මාස 12ක් දක්වා අඩු කිරීමට රජය තීරණය කර ඇත. 10 February 2022
කොරෝනා මරණ 31ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 31 දෙනකු ඊයේ (9) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (10) තහවුරු කළේය. 10 February 2022
සුව සේවක වර්ජනයට වාරණ නියෝගයක් කෝවිඩ් වසංගත තත්ත්වයක් පවතින අවස්ථාවක අනීතික ලෙස වැඩ වර්ජන කිරීම වළාක්වාලමින් කොළඹ දිසාවිනිසුරු අරුණ අලුත්ගේ මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා එහි සභාපති සමන් රත්නප්‍රිය මහතාට එරෙහිව වාරණ නියෝගයක් අද නිකුත් කළේය. 10 February 2022
රනිල් මසකට වරක් ණය සම්බන්ධ වාර්තාවක් ඉල්ලයි හැම මාසයකම පළමු සතියේ දී රාජ්‍ය ණය සහ ණය සේවා පිළිබඳව වාර්තාවක් පාර්ලිමේන්තුවට ලබා දෙන ලෙස හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (10) පැවසීය. 10 February 2022
අධිවේගයේ කෙරවලපිටිය හුවමාරුව වැහෙයි අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය අන්තර් හුවමාරුවේ සේවකයන් කිහිප දෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනා ගැනීම හේතුවෙන් එම හුවමාරුවේ මුදල් ලබාගැනීමේ කවුළු තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව අධිවේගී මාර්ග කාර්යාලයේ නිලධාරියෙක් පැවැසීය. 10 February 2022
කෝප් - කෝපා සභාපතිවරු පත් වෙති පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ(කෝප් කමිටුව) සභාපතිවරයා ලෙස මහාචාර්ය චරිත හේරත් මහතාද රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ( කෝපා කමිටුව) සභාපතිවරයා ලෙස මහාචාර්ය තිස්ස විතාරණ නැවතත් පත්වූහ. 10 February 2022
අධිභාරයට එරෙහි උද්ඝෝෂණයට ඇමති නිමල් ගොඩ වෙයි සේවක අර්ථසාධක අරමුදල (ඊ.පී.එෆ්) සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල (ඊ.ටී.එෆ්) මගින් අයකිරීමට යෝජිත සියයට 25 අධිභාර බද්ද වහා අහෝසි කරන ලෙස ඉල්ලමින් අන්තර් සමාගම් සේවක සංගමය සංවිධානය කළ උද්ඝෝෂණ කරුවන් අතර කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ද පැමිණියේය. 10 February 2022
වාසු නැකතට ගොයම් කපයි ඇහැලියෙගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මාහර හල්දොල ලියැද්ද වෙල්යායේ කාබනික පොහොර යොදා වගා කළ කුඹුරුවලට වී අස්වනු නෙලීමේ මංගල්ලයක් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද(10) දී සිදුකෙරිණි. 10 February 2022
තැඹිලිගහේ සිහිසුන් වූ තරුණයා බේරාගන්න මෙහෙයුමක් තැඹිලි වල්ලක් කපමින් සිටියදී පාදයට පිහිපහරක් වැදී අධික රුධිර වහනය වී ගස උඩ සිහිමුර්ජාවී සිටි තරුණයකු කළුතර නගර සභාවේ ගිනිනිවන ඒකකය සහ පොලිසිය එක්ව බේරාගැනීමට හැකිවූ බව දොඩම්ගොඩ පොලිසිය කියයි. 10 February 2022
මව්පියන්ගේ මිත්‍යා ඇදහිල්ලෙන් දරුවකුගේ දිවි අහිමි වෙයි කලක් තිස්සේ සෙම රෝගී තත්ත්වයකින් පෙලුනු දස හැවිරිදි දරුවකුට නිසි ප්‍රතිකාර ලබා නොදී යාඥා කරමින් සිටියදී නිවසේදී මරණයට පත්වීමේ සිද්ධියක් පිළිබදව සැකපිට එම දරුවාගේ මව පියා හා මිත්තනිය අත්අඩංගුවට ගත් බව බඩල්ගම පොලිසිය පවසයි. 10 February 2022
වෛද්‍ය සාෆිගේ පෙත්සම විභාගයට දින දෙයි තමන්ට එරෙහිව කුරුණෑගල ශික්ෂණ රෝහල් අධ්යක්ෂ චන්දන කැදැන්ගමුව මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලබන විමර්ශනය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා නාරිවේද විශේෂඥ වෛද්‍ය සාෆි සහබ්ඩීන් මහතා ගොනු කර තිබූ පෙත්සම මේ මස 17 දින සලකා බැලීමට අභියාචනාධිකරණය අද (10) තීන්දු කළේය . 10 February 2022
හම්බන්තොට නගරාධිපති එරාජ් ඉල්ලා අස්වෙයි හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා සිය නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස් වෙයි. 10 February 2022
නිරෝධායනය අවසන් කළ කතානායක මැතිසබයට කොවිඩ් ආසාදනයවීම නිසා නිරෝධායනයට යොමු කෙරුණු කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දින දහයක පමණ නිරෝධායන කාලය අවසන් කිරීමෙන් පසු පාර්ලිමේන්තුවට ඊයේ (10) නැවතත් පැමිණියේය. 10 February 2022
විදුලිසැර යොදා මසුන් මැරූ 9 ක් අත්අඩංගුවට සැර විදුලි ධාරා එල්ල කරමින් මසුන් මැරීමේ නිරතවූ ධීවරයින් 9 දෙනෙකු අද(10) අලුයම අත්අඩංගුවට ගැනීමට වෙරළ ආරක්ෂක බළකාය සමත්ව ඇත. 10 February 2022
පළාත් කිපයක විටින් විට වැසි උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 10 February 2022
සූර්ය කුණාටුවෙන් චන්ද්‍රිකා අඩපණ වෙලා ඇමෙරිකාවේ ‘ස්පේස් එක්ස්’ සමාගම පෘථිවි කක්ෂයේ ස්ථානගත කළ සන්නිවේදන චන්ද්‍රිකා පද්ධතිය ‘සූර්ය කුණාටවක’ බලපෑමට ලක් වී ඇති බවත්, එම චන්ද්‍රිකා පද්ධතියට අයත් චන්ද්‍රිකා 40 ක් පමණ පාලනයෙන් ගිලිහී ගොස් ඇති බවත් වාර්තා වේ. 10 February 2022
හඬපටයෙන් කියන කෝටි තුනක් වංචා කළ ලොක්කා කවුද රාජ්‍ය ආයතනයක ප්‍රධානියකුගේ කෝටි තුනහමාරක අයථා ගනුදෙනුවක් සිදුවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිකරන හඬ පටයක් එම ආයතනයේ නිලධාරීන් අතට පත්ව ඇතැයි ආරංචිමාර්ග සඳහන් කරයි. 09 February 2022
ඇමැති - සභාපතිට කොළේ වහලා:ලක් සතොස බදු දෙන්න දැන්වීම් දාලා තමන්ද නොදැන තම ආයතනයේ ප්‍රධාන කාර්යාලය වෙනත් තැනකට ගෙන යාමට පුවත්පත් දැන්වීම් පළ කර ඇතැයි ලංකා සතොස සභාපති අද්මිරාල් ආනන්ද පීරිස් මහතා පවසයි. 09 February 2022
කොරෝනා ආසාදිතයෝ අදත් 1000 පනිති කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1263 දෙනකු අද (9) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 09 February 2022
සුව සේවක වර්ජනයෙන් රත්නපුර හදිසි ඒකකයක් වැහෙයි රත්නපුර ශීක්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකක තුනෙන් එකක් වසා එහි ප්‍රතිකාර ලැබූ රෝගීන් ඔවුන් දැඩි සත්කාර ඒකක දෙකකට යොමු කළ බව රෝහල් අධ්යක්ෂ වෛද්‍ය අනෝජ් රොඞ්රිගෝ මහතා පවසයි. 09 February 2022
‘‘වැඩවර්ජන කරන අය ජනතාව ගැන හිතන්න‘‘ අවුරුදු පහක් රට පාලන කර කෘෂිකර්මාන්තට කිසිම දෙයක් නොකළ විපක්ෂය අද ගොවි ජනතාව රවටා රට අරාජික කිරීමට උත්සහ කරනවා.වර්තමාන රජය ලබාගත් ජයග්‍රහණ බොරු ප්‍රචාරවලට රැවවී පාවාදීමට සූදානම් නොවිය යුතුයැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. 09 February 2022
කොරෝනා මරණ 36ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 36 දෙනකු ඊයේ (8) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (9) තහවුරු කළේය. 09 February 2022
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026