දේශබන්දුට පහර දුන් සැකකරුවන් හදුනාගන්න මහජන සහය පතයි බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ පොලිස් අධිකාරිවරයකුට සහ තවත පොලිස් නිලධාරීන් දෙදෙනකුට ඉකුත් මැයි මස (10) දින කොල්ලුපිටිය පෙරහැර මාවතේ, මැටිපාර්ක් ක්‍රීඩාංගනය අසල ධි පහර දී තුවාල සිදුකර, පොලිස් කැබ් රථයකට ද හානි කිරීමේ සිද්ධියට අදාල සැකකරුවන් කිහිපදෙනකුගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සදහා කොළඹ අපරාධ කොට්ඨාසය මහජන සහය පතයි. 04 August 2022
යල කන්නයේ වී මිල නියම කරයි වී අලෙවි මණ්ඩලය විසින් මෙවර යල කන්නයේ වී මිලදී ගැනීමෙි දී වී කිලෝවකට උපරිම මිලක් ලබා නියම කර තිබෙි. 04 August 2022
කොටුව-බදුල්ල දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කරයි උඩරට දුම්රිය මාර්ගයේ නාය යාම හේතුවෙන් කොළඹ කොටුව සහ බදුල්ල අතර සීග්‍රගාමී දුම්රිය ගමන් මාර්ගයේ ගමන් වාර කිහිපයක් අවලංගු කිරීමට සිදුවන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යධිකාරි(ගමනාගමන) ඒ. ඩී. ජී සෙනවිරත්න මහතා ප්‍රකාශ කළේය. 04 August 2022
ආපදා තත්වයෙන් නිවාස 986 කට හානි දින කිහිපයක් තිස්සේ පැවති තද වැසි හා සුළං සහිත කාලගුණය හේතුවෙන් ඇතිවූ ජල ගැලීම් හා නායයෑම්වලින් නිවාස 986කට හානි සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 04 August 2022
සීනි, පරිප්පු, අල, ලූණු මිල පහළට පරිප්පු, සීනි, අල, ලූණු , මිරිස් ආදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල සැලකිය යුතු ලෙස පහළ බැස ඇතැයි පිටකොටුව වෙළඳ සංගමයේ විධායක කමිටු සාමාජික දේව පුරන් මහතා ප්‍රකාශ කළේය. 04 August 2022
පැතුම් කර්නර්ට ඇප පොල්දූව මංසන්දියේ දී ඉකුත් 13 වැනිදා සිදු වූ උද්ඝෝෂණයේ ප්රචණ්ඩ කාරී ලෙස හැසිරුනැයි කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් වෛද්‍ය පැතුම් කර්නර් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2 මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (4) නියෝග කලේය. 04 August 2022
විග්නේෂ්වරන්ගෙන් ජනපතිට යෝජනාවලියක් දෙමළ මහජන ජාතික පෙරමුණ ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට යෝජනාවලියක් බාරදුන් බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේෂ්වරන් මහතා පැවසීය. 04 August 2022
බොරතෙල් මිල තව පහළට ලෝක බොරතෙල් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල පෙරදිනට සාපේක්ෂව අද (04) තවදුරටත් පහළ ගියේය. 04 August 2022
ගල්කිස්ස උසාවිය තුළ වෙඩි තැබීමක් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය තුළ මීට සුළු මොහොතයට පෙර වෙඩි තැබීමක් සිදුකර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 04 August 2022
ස්ටාලින් බලන්න විපක්ෂ නායක යයි සාමකාමීව විනයානුකූලව විරෝධතා දැක්වූ ජෝසප් ස්ටාලින් වැනි වෘත්තීය සමිති නායකයින් දඩයම් කොට ඇතුලට දැමීමටත්, වර්තමානයේ පවත්නා හිංසාකාරී මර්දනයේ නියමුවා වන මහින්ද රාජපක්ෂ මහතා නිදහසේ එළියේ සිටීමටත් හේතුව කුමක්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද(4) ප්‍රශ්න කළේය. 04 August 2022
ජනපති සහ චීන තානාපති අතර හමුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන තානාපති චී ෂෙන්හොන්ග් (Qi Zhenghong) මහතා අතර හමුවක් අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. 04 August 2022
‘‘රට හදන්න අවශ්‍යනම් නම් මර්ධනයෙන් ඉවත් විය යුතුයි‘‘ සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න ජනාධිපතිවරයාට අවංක වුවමනාවක් තිබෙනවා නම් විවිධ චෝදනා නගමින් අරගලකරුවන් අත් අඩංගුවට ගැනීම වහාම නවතා දැමිය යුතුයැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ඇඹිලිපියේදී පැවැසූහ. 04 August 2022
ගාලු මුදොර කූඩාරම් ඉවත් කර ගනී ගාලුමුවදොර අරගල භූමියේ රැඳී සිටින, අරගලකරුවන්ට හෙට (5) දින සවස 5.00 පෙර ඉවත් වන ලෙසට පොලිසිය කර තිබු නිවේදනය අනුව අරගලකරුවන් එහි කුඩාරම් කිහිපයක් ඉවත් කරගෙන ඇත. 04 August 2022
අවම බස් ගාස්තුව රුපියල් 34 යි සාමාන්‍ය බස් ගාස්තු අද (4) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 11.14 කින් පහළ දමනු ලැබීය. 04 August 2022
අරගලකරුවන්ට ඉවත් වන්නැයි පොලිසිය යළිත් දැනුම්දෙයි ගාලුමුවදොර අරගල භූමියේ රැඳී සිටින , අරගල කරුවන්ට හෙට (5) දින සවස 5.00 පෙර ඉවත් වන ලෙසට පොලිසිය අද (4) දහවල් යළිත් නිවේදනය කළේය. 04 August 2022
ලක්ෂ 12ක ගෑස් සොරකම් කළ හතරක් මාට්ටු රාත්‍රී කාලයේ වෙළඳසල් බිඳ රුපියල් ලක්ෂ 12 කට ආසන්න වටිනාකමින් යුත් ගෑස් සිලින්ඩර් සොරකම් කළ සැකකරුවන් හතර දෙනකු අත් අඩංගුවට ගත් බව රාගම පොලිසිය ප්‍රකාශ කළේය. 04 August 2022
කඩා වැටුණු ඩ්‍රෝනාව දියවන්නා පතුලෙන් මතුවේ පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයේ ආරක්ෂාවට යොදවනු ලැබ සිටියදී දියවන්නා ඔයට කඩා වැටුණු ඩ්‍රෝන යානය නාවික කිමිදුම්කරුවන් කණ්ඩායමක් විසින් අද දහවල් සොයාගනු ලැබීය. 04 August 2022
ඉන්දියාව , ලංකාව සහ රුසියාව සමග ඩොලර් බිලියන 9ක වෙළෙඳාමකට සැරසෙයි ඉන්දියාව , ශ්‍රී ලංකාව සහ රුසියාව සමඟ ඉදිරි මාස දෙකක කාලය තුළදී ඩොලර් බිලියන 8 - 9 අතර ද්වි පාර්ශ්වික වෙළඳාමක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ඉන්දීය වෙළඳ ලේකම් බී.වී.ආර් සුබ්‍රමනියම් මහතා ප්‍රකාශ කළේය. 04 August 2022
වෘත්තී සමිති නායකයන් නිදහස් කරන්නැයි කොටුවේ විරෝධතාවක් ජෝසෆ් ස්ටාලින් ඇතුළු වෘත්තී සමිති නායකයන් හා අරගලකරුවන් වහා නිදහස් කරන ලෙස රජයට බල කරමින් වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව සංවිධානය කරන ලද විරෝධතාවයක් කොළඹ කොටුව දුම්රිය ඉදිරිපිට අද (04) පැවැත්වේ 04 August 2022
ගම්පහ මහ රෝහලේ කොරෝනා දැඩි සත්කාර ඒකකයක් යළිත් අරඹයි කොරෝනා රෝග තත්ත්වය යළිත් ව්‍යාප්ත වන බවක් පෙනී යාම හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි ආසාදිතයින්ට ප්‍රතිකාර ලබාදීම පිනිස දැඩි සත්කාර ඒකකයක් ආරම්භ කිරීමට පියවර ගත් බව රෝහල් අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතා පැවසීය. 04 August 2022
ජීවිත දෙකක් බේරූ දුම්රිය අනතුර අම්බලන්ගොඩ මාදමපාගම නීග්‍රෝධාරාම මාවතේ දුම්රිය හරස් මාර්ගයේ දි මෝට රථයක් දුම්රියේ ගැටි ඇතැයි පොලිසිය කියයි. 04 August 2022
බස් ගාස්තු පහළ දමයි සාමාන්‍ය බස් ගාස්තු අද(4) මධ්‍යම රාත්‍රියේ සිට පහළ දමන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කරයි. 04 August 2022
නිරිත දිගට සහ බස්නාහිරට අදත් වැසි සමග සුළං දිවයිනේ නිරිත දිග කොටසේත්, බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් අද (4) දිනයේත් වැසි සහ සුළං ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 04 August 2022
සංචාරකයන්ට ගුවන්තොටේදී විශේෂ ඉන්ධන බලපත්‍රයක් විදේශ සංචාරකයන්ට ගුවන් තොටුපලේදී ඩොලර්වලින් මිලදීගැනීමට හැකි ඉන්ධන අවසර පතක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බව බලශක්ති අමාත්‍යංශය පවසයි. 04 August 2022
විදුලිය,ඛනිජ තෙල්, රෝහල් අත්‍යාවශ්‍ය කරයි විදුලිබල සැපයුම, ඛනිජ තෙල් සැපයුම සහ රෝහල් සාත්තු සේවා කටයුතු අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය. 04 August 2022
ජනපති කතාව මධ්‍යස්ථයි ජනාධිපතිවරයකු කාලයකට පසු කරන ලද ඉතාම මධ්‍යස්ථ කතාවක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සිය රාජාසන කතාවෙන් කළත් අභියෝගය එල්ල වන්නේ එය ක්‍රියාත්මක කිරීමට යාමේදී බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. 04 August 2022
යුපුන් මීටර් 100 ලෝකඩ පදක්කම දිනයි පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 100 ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් විය 04 August 2022
මැතිසබේ ආරක්ෂාවට ආ ඩ්‍රෝන යානයක් දියවන්නාවට කඩා වැටේ පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ගුවන්ගත කෙරුණු ඩ්‍රෝන යානයක් ඊයේ (3) පෙරවරුවේ දියවන්නා ඔයට හදිසියේම කඩාවැටී අනතුරට ලක්විය. 04 August 2022
යුපුන් මීටර් 100 අවසන් තරගයට පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ මීටර් 100 අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් විය. 04 August 2022
අනතුරට පත් ධීවරයන් තිදෙනෙකු නාවික හමුදාව බේරා ගනියි ත්‍රිකුණාමලය පිටත වරාය ප්‍රදේශයේ ධීවර කර්මාන්තයේ නියැලෙමින් සිටියදී, අනතුරට පත් වූ කුඩා ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් තිදෙනෙකු නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත්වූ බව නාවික හමුදාව පවසයි. 03 August 2022
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026