මහ රැජන ජනපතිට සුබ පතයි එළිසෙබෙත් මහ රැජන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබ පැතුම් පණිවිඩයක් එවා තිබේ. 03 August 2022
සර්ව පාක්ෂික කතාවලට තව පක්ෂ තුනක් ජනපති හමුවෙයි සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම පිළිබඳව සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධානය ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා කළේය. 03 August 2022
අපනයනවලින් ලැබෙන ඩොලර් රුපියල් කිරීම ප්‍රායෝගික නෑ අපනයනවලින් ලැබෙන ඩොලර් ආදායම සම්පූර්ණයෙන්ම රුපියල් බවට පරිවර්තනය කළ යුතු බවට ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා කරන යෝජනව ප්‍රායෝගික නොවන පදනම් විරහිත ප්‍රකාශයක් යැයි අපනයනකරුවෝ පවසති. 03 August 2022
තේ පාටියේ රසමුසු තැන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් පසු සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. 03 August 2022
ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කොළඹ කොටුව පොලීසිය මගින් අද (3) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. 03 August 2022
හිටපු ඇමැතිගේ නිවෙසට පැන ලක්ෂ 160 ක රන්-මුදල් උස්සලා මුස්ලිම් කොංග්‍රසයේ හිටපු (නැසිගිය) ඇමතිවරයකු වන නුර්දින් මෂූර් මහතාට අයත් පුත්තලම නාගවිල්ලව ප්‍ර ෙද්ශයේ සුවිසල් නිවසට ඇතුළු වි රුපියල් ලක්ෂ 160 ට අධික රන්,මුදල් හා අනිකුත් දෑ සොරා ගෙන ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය අද (3) පැවසිය. 03 August 2022
කිව්.ආර්. දෙවැනි දිනයේ ඉන්ධන ලීටර ලක්ෂ 50 ක් දීලා ‘ජාතික ඉන්ධන බලපත්‍රය’ හෙවත් කිව්.ආර්. කේත ක්‍රමය ක්‍රියාත්මක කළ දෙවැනි දිනය වූ අද (3) පෙරවරු 6.00 දක්වා පැය 24 ක කාලය තුළ ඉන්ධන ලීටර 5,038,481 ක් නිකුත් කර ඇති බව බලශක්ති අමාත්‍යංශය පවසයි. 03 August 2022
කොරෝනා මරණ අටක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත මරණ 8ක් ඊයේ (2) වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි. 03 August 2022
ගෝල්ෆේස් අරගලකරුවන්ට පොලිසියෙන් රතු එළියක් ගාලු මුවදොර පිටිය හා ඊට ආසන්න ප්‍රදේශයේ අනවසරයෙන් සිදුකර ඇති ඉදිකිරීම් හා බෝග වගා වහාම ඉවත් කරගන්නා ලෙස ගාලු මුවදොර විරෝධතා ස්ථානයේ රැඳී සිටින විරෝධතාකරුවන් වෙත පොලීසිය අද (3) පස්වරුවේ දැනුම් දී තිබේ. 03 August 2022
රාජ්‍ය ත්‍රස්තවාදය හකුලා ගන්නැයි ගෝල්ෆේස් උද්ඝෝෂණ අරගලයට එරෙහිව රාජ්‍ය ත්‍රස්තවාදය හකුලා ගන්නා ලෙසත් හදිසි නීතිය හකුලා ගන්නා ලෙසත් රනිල් රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යන ලෙසත් ඉල්ලමින් ගෝල්ෆේස් අරගලකරුවන් ගෝඨා ගෝ ගම ගෝල්ෆේස් අරගල භූමිය ඉදිරිපිට අද(3) පස්වරුවේ උද්ඝෝෂණයේ යෙදී සිටි අවස්ථාව. 03 August 2022
මහනුවර ඇසළ පෙරහැරට විශේෂ දුම්රිය රැසක් මහනුවර දළදා මාලිගාවේ ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ දුම්රිය රැසක් මේ මස 7 වැනිදා සිට 11 වැනිදා දක්වා ධාවනය කරන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනෙවිරත්න මහතා පැවසීය. 03 August 2022
කඳුළු ගෑස් උණ්ඩ පැහැරගත් සැකකරු හඳුනාගැනීමේ පෙරැට්ටුවකට පාර්ලිමේන්තුව ඉදිරිපිට පොල්දූව මංසන්ධියේ ඉකුත් 13 දා පැවති උද්ඝෝෂණය අතරතුරදී පොලිස් ත්‍රිරෝද රථයකට පහර දී එහි තිබූ කඳුළු ගෑස් උණ්ඩ හා කඳුළු ගෑස් අත් බෝම්බ පැහැර ගත්තැයි වැලිකඩ පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරුවකු හදුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ලබන 8 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතා අද (03) නියෝග කළේය. 03 August 2022
කළුවැල්ල තාක්ෂණික විද්‍යාලයේ ගින්නකින් උපකරණ රැසක් අළු ගාල්ල කළුවැල්ල තාක්ෂණික විද්‍යාලයේ ගොඩනැගිල්ලක අද (3) සවස ඇතිවු ගින්නකින් එම ගොඩනැගිල්ලට සහ උපකරණ රැසක් විනාශයට පත්විය. 03 August 2022
මහින්දගේ බැසිල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කරයි හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ට අධිකරණයකින් අවසරයකින් තොරව විදෙස්ගත වීම වළකාලමින් නිකුත් කර තිබූ තහනම් නියෝගය ලබන අගෝස්තු මස 11 වැනිද දක්වා තවදුරටත් දීර්ඝ කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) දැනුම් දුන්නේය. 03 August 2022
බන්ධනාගාරයට ෆයිසර් එන්නතේ සිව්වන මාත්‍රාව බන්ධනාගාර නිළධාරීන්ට හා බන්ධනාගාරගත රැදවියන්ට කොවිඩ් මර්දන එන්නතේ සිවුවන මාත්‍රාව ලබාදිම ආරම්භ කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 03 August 2022
ෆොන්සේකාගේ ප්‍රකාශය ආණ්ඩුපක්ෂ රැස්වීමේදී දැඩි කතාබහට ජනතාව ලබන 9 වැනිදා කොළඹට ඒකරාශිවී අරගලය අවසානය කරා ගෙන යා යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා කර ඇති බරපතළ ප්‍රකාශය සම්බන්ධයෙන් ආරක්ෂක අංශවල අවධානය යොමුව ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අද (03) ප්‍රකාශ කර ඇත. 03 August 2022
ජනාධිපති කතාව ධනාත්මකයි ජනාධිපතිවරයාගේ සමස්ත කතාවම ඇසු විට එය ධනාත්මක හරාත්මක කතාවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 03 August 2022
බරණ ඝාතනයට කොස්තාපල්වරයකු සොයයි කලාවැව රක්ෂිතයට සහ ඒ අවට පරිසරයට ගාම්භීරත්වයක් සහ සුන්දරත්වයක් එක් කරමින් වසර ගණනාවක් තිස්සේ එම ප්‍රදේශවල සැරි සැරූ බරණ නමින් ප්‍රචලිත දළ ඇතාගේ ඝාතන සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලිස් කොස්තාපල්වරයකු බවට හඳුනා ගෙන ඇතැයි ගල්කිරියාගම වනජීවි කාර්යාලය සඳහන් කරයි. 03 August 2022
ජනපතිගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ අලුත් කිසිවක් නැහැ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්රකාශනයෙන් අලුත් කිසිවක් කියැවුණේ නැතැයි ජාතික ජන බලවෙිගයේ පත් කළ මන්ත්‍රිනී හරිනි අමරසූරිය මෙනවිය කීවාය. 03 August 2022
ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන තෙදින විවාදයක් ලබන සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් තෙදින විවාදයක් පාර්ලිමේන්තුවේදී ලබන සතියේ පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (3) තීරණය කළේය. 03 August 2022
ජනපතිගේ වැඩපිළිවෙළට උදව් කරන්න පක්ෂයක් ලෙස සාකච්ඡා කරනවා ජනාධිපතිවරයා වැඩපිළිවෙළට උදව් කිරීම සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස ඉදිරියේදී සාකච්ඡා කරන බව සමගි ජන බලවෙිගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසීය. 03 August 2022
අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලට පැන්න සැකකරුවන් අල්ලන්න මහජන සහය පතයි කොළඹ 07 මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය ලේකම් කාාර්යාලයට ඉකුත් (13) දින කඩා වැදී එහි දේපළ වලට අනර්ථය සිදුකිරීම සම්බන්ධයෙන් හදුනාගෙන ඇති සැකකරුවන් කිහිපදෙනකුගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සදහා අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුව මහජන සහය පතයි. 03 August 2022
ජනාධිපති අතිරේක ලේකම් නිශාන්ත මෝටර් රථ කොමසාරිස් ජනරාල් ධූරයට නව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ලෙස නිශාන්ත වීරසිංහ මහතා පත්කර ඇති අතර ඒ මහතා හෙට (4) නිලවශයෙන් වැඩ භාරගැනීමට නියමිතය. 03 August 2022
නව දුම්රිය සාමාන්‍යාධිකාරී ගුණසිංහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළ ධම්මික ජයසුන්දර මහතා එම තනතුරෙන් ඉවත් කර ප්‍රවාහන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකු ලෙස පත්කර ඇති බව වාර්තා වේ. 03 August 2022
බඩ ඉරිඟු මිල තීරණය කරයි මෙවර මහ කන්නයේ බඩ ඉරිඟු කිලෝවකට රුපියල් 160ක මුදලක් ලබා දීමට කටයුතු කරන බව බඩ ඉරිඟු ආනයනය කරන ව්‍යාපාරිකයන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පොරොන්දු වූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 03 August 2022
උඩරට දුම්රිය මාර්ගයේ ගල් ඉවත් කරයි වර්ෂාව හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයට පෙරලුණු විශාල ගල් ඉවත්කිරීම තව දුරටත් ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 03 August 2022
ගුවන් යානා ඉන්ධන ගන්න ගිවිසුම් ගත වෙයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව ගුවන් යානා ඉන්ධන වසර කාලයක් සඳහා ලබාගැනීමට සඳහා සැපයුම්කරුවන් සමඟ ගිවිසුම්වලට එළඹි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 03 August 2022
නීතිපතිගේ උපදෙස් නොතැකීම ගැන වාර්තාවක් ඉල්ලයි අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොර පිටියේ පැවති සාමකාමී විරෝධතා ව්‍යාපාරවලට ඉකුත් මැයි මස 09 වැනිදා පහර දීමේ සිද්ධියට අදාළ ගැටුම වලක්වා නොගැනීම සහ රාජකාරිය පැහැරහැරීම පිළිබඳව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා අවස්ථා තුනක දී නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට ලබා දෙනු ලැබූ උපදෙස් මේ වන තෙක් ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් අධිකරණයට වහාම වාර්තාවක් ලබාදෙන ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත 03 August 2022
ඉන්ධන අර්බුදය හෝටල් කර්මාන්තයටත් බලපාලා ඉන්ධන අර්බුදය හේතුවෙන් උත්සව ශාලා සහ ආහාර සැපයුමේ ක්ෂේත්රය කඩා වැටීමට ලක්ව ඇති බැවින් මෙම ක්ෂේත්රයේ නිරත ලක්ෂ පහක පමණ පිරිසකට රැකියාවන් පවා අහිමි වන තත්ත්වයක් උදාවී ඇති බව සමස්ත ලංකා උත්සව ශාලා සහ ආහාර සැපයුම් කරුවන්ගේ සංගමයේ උප සභාපති සාලිය රවීන්ද්‍ර මහතා සදහන් කරයි. 03 August 2022
පාර්ලිමේන්තුව අවට විශේෂ ආරක්ෂාවක් නව වැනි පාර්ලිමේන්තුවේ තෙවන සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද 03 උදෑසන ආරම්භ විය 03 August 2022
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026