(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දුම්රිය දෙපාර්තමේන්තුවේ රේල් පීලි ඇතුළු අබලි යකඩ ප්‍රථම වතාවට ජාත්‍යන්තර ටෙන්ඩරයකින් ඩොලර්වලට අලෙවි කිරීමට තිරණය කර ඇතැයි ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
මේ අතර හිඟය පියවා ගැනීම සඳහා රේල්පීලි දස දහසක් ආනයනය කිරීමට කටයුතු කරගෙන යන බවද හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ සමගි ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
අද කෝච්චි පීලි පනිනවා. රේල්පාරවල තියෙන්නෙ පැරැණි පීලි. කලින් හිටපු ලේකම්වරයා පීලි ටෙන්ඩරයක් අවලංගු කළා. පීලි හිඟයට එයත් හේතුවක්. අමතර කොටස් , තෙල් ප්‍රශ්න තිබියදීත් දෙපාර්තමේන්තුවේ කටයුතු මෙලෙසින් හෝ පවත්වාගෙන යාම ගැන කාර්ය මණ්ඩලයට ස්තුතිවන්ත විය යුතුයි.
2025 දෙසැම්බර් මස 18
359
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්රියේ අබලිවලට ජාත්‍යාන්තර ටෙන්ඩරයක්
Hafeel Wednesday, 21 September 2022 04:23 PM
එහෙමනම්, තවත් සුදු ළූණු ගනුදෙනුවක් වගේ නොවේවා...!
චන්දන Wednesday, 21 September 2022 05:04 PM
දකුණේ මුහුදුබඩ මාර්ගය පූර්ණ අලුත් වැඩියාවේදී ඉවත් කළ ටොන් ලක්ෂ ගණන් පීලිවලට මොකක්ද වුනේ?
pakeerWednesday, 21 September 2022 10:21 PM
හොඳ ප්‍රශ්නයක්. ඒවා ලඟම රටකට නිකම් වගේ දීලා කොමිස් ගත්ත.