ශෂී වීරවංශගේ නඩුවල තීන්දුව මාර්තුවේදී ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් සකස්කළ බවට චෝදනා ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිය වූ ශෂී වීරවංශ මහත්මියට අදාළ නඩු දෙකෙහි නඩු විභාගය අවසන් වීමෙන් පසු එහි නියෝගය ලබන මාර්තු මස 10 වැනිදාට ලබාදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා අද (11) දින නියම කළේය. 11 February 2022
කුඩු චෝදනාවට මාලේ ජාතිකයා දිවි ඇති තෙක් සිරගෙට කුඩු ග්‍රෑම් 256ක් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනා ලැබ සිටි මාලදිවයින් ජාතිකයන් දෙදෙනකුගෙන් එක් අයකුට ජිවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අනෙක් විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට නියම කළේය. 11 February 2022
‘කෝප්’ කමිටුවේ නිර්දේශ නඩු බවට පත්කරනවා' ‘කෝප්’ කමිටුවේ නිර්දේශ ඉතාම නිවරදිව ඉතා ඉක්මණින් නඩු ක්‍රියාමර්ගවලට ගොස් නීතියම ක්රියාවේ යෙදවීමේ බලය ජනාධිපතිවරයාට ඇති බවත් වර්තමාන රජය ඒ සඳහා දැඩි උනන්දුවක් සහ අවධානයක් යොමුකර ඇති බවත් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා අද (11) පැවසීය. 11 February 2022
‘‘මදුරු මර්දන සහායකයන් ස්ථීරකරන්න සුදුසුකම් නෑ‘‘ සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ සේවය කරන මදුරු මර්දන සහායකයන් පිරිසකට ස්ථීර කිරීම සඳහා අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් නැතැයි සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. 11 February 2022
බෙදන්න තිබු ලිපි වෙරළට විසි කරලා පානදුර ප්‍රධාන තැපැල් කාර්යාලයෙන් බෙදා හැරීමට නියමිතව තිබූ ලිපි තොගයක් පිංවත්ත මුහුදු වෙරළ ආසන්නයේ වැටකෙයියා පඳුරක් ආසන්නයේ තිබීයදී පිංවත්ත පොලීසිය විසින් සොයාගන්නා ලදී. 11 February 2022
නාමල් මංගල ගැන කතා කරයි තමා දේශපාලනයට ගෙන එන්නැයි පියාට මුල්ම යෝජනා කළේ හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතා බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය. 11 February 2022
ඉන්දීය සුපිරි තරු දෙකක් ලංකාවට ඉන්දීය සුපිරි නළු අනිල් කපූර් සහ ආදිත්‍ය රෝයි කපූර් ශ්‍රී ලංකාවට අද පැමිණයහ. 11 February 2022
පාර්ලිමේන්තුවෙන් තවත් කොරෝනා පොකුරක් පාර්ලිමේන්තුවෙන් කොවිඩ් ආසාදිත සේවකයන් තවත් 38 දෙනකු අද (11) සොයා ගෙන ඇතැයි එහි ආරංචි මාර්ගවලින් පැවසේ. 11 February 2022
වවුනියාවට ගිය ජනපතිට විරෝධයක් වවුනියාවට ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විරෝධය පලකරමින් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පිරිසක් වවුනියාව පම්පමඩුවේ අද විවෘත කළ විශ්ව විද්‍යාලය ඇතුළුවීමට උත්සහ කළ අවස්ථාවේ මාර්ග බාධක යොදා නතර කිරීමත් සමග අතුරුදහන්වූ ඥාතීන් සහ පොලිසිය අතර දැඩි නොසන්සුන්තාවක් ඇති තත්ත්වයක් වූහ. 11 February 2022
ජගත් පුෂ්පකුමාර පෙත්සම් කාරක සභාවේ සභාපති ධූරයට නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයේ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර මහතා නිතරඟයෙන් පත්විය. 11 February 2022
මෝටර් ගේඩරයට ගුවන් හමුදා භටයා බිළි දඹුල්ල මාතලේ ප්‍රධාන මාර්ගයේ කපුවත්ත ප්‍රදේශයේදී අද(11 ) මෝටර් ගේඩර යක් සහ යතුරු පැදියක් අනතුරට ලක්වීමෙන් යතුරු පැදියේ ගමන් කරමින් සිටී ගුවන් හමුදා භටයකු මියගොස් ඇතැයි දඹුල්ල පොලිසිය කියයි. 11 February 2022
වව්නියාව සරසවිය විවෘත කරයි ශ්‍රී ලංකාවේ 17 වන රාජ්‍ය විශ්වවිද්‍යාලය ලෙස වව්නියා විශ්වවිද්‍යාලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (11) පෙරවරුවේ විවෘත කළේය. 11 February 2022
විගමනික ශ්‍රමිකයිට රුපියල් කෝටියක රක්ෂණ වන්දි විදේශ රැකියාවල නියුතුව සිටියදී මරණයට පත්වූ, රෝගීවූ සහ අනතුරුවලට ලක්වූ රක්ෂණ වන්දි සඳහා හිමිකම් නොලබන විගමනික ශ්‍රමිකයින් සඳහා සේවක සුබසාධන අරමුදලෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් වන්දි ලෙස පසුගියදා පිරිනැමීය. 11 February 2022
“අර්ථසාධක අරමුදල” අධිභාර පනතින් ඉවත් කරන්න විශ්‍රාම වැටුපක් නොමැති අසරණ සේවකයන්ගේ එකම බලාපොරොත්තුව වන “අර්ථසාධක අරමුදල” අධිභාර පනතින් ඉවත් කරන ලෙස රජයෙන් දැඩිව ඉල්ලා සිටින බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා කොළඹදී පැවසීය. 11 February 2022
ආංශික අධීක්ෂණ කාරක සභා අත්හිටුවයි පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා අත්හිටුවා ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය. 11 February 2022
පිටි නැතිව බේකරි හිමියෝ අමාරුවේ මෙරට පිහිටි ප්‍රධාන තිරිගු පිටි සමාගම් ඉල්ලුමට සරිලන තිරිගු පිටි තොග නිකුත් නොකිරිම නිසා තම ව්‍යාපාර කටයුතුවලට බාධා එල්ලවී ඇතැයි හැටන් ප්‍රදේශයේ බේකරි හිමියෝ සහ සිල්ලර සහ තොග වෙළෙන්දෝ කියා සිටිති. 11 February 2022
අලවතුපිටිය උප දුම්රිය ස්ථානය වහයි පුත්තලම මාර්ගයේ අලවතුපිටිය උප දුම්රිය ස්ථානයේ සියලුම සේවකයන් ‘කොවිඩ්’ ආසාදිතයන් වීම නිසා එම උප දුම්රිය ස්ථානය වසා දැමීමට පියවර ගත් බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ඒ. ඩී. ජී. සෙනවිරත්න මහතා පැවසීය. 11 February 2022
යාචකයාගේ හොර සාක්කුවෙන් ලක්ෂ හතරක් මතු වෙයි හක්මන නගරයේ ජීවත් වූ යාචකයකු හදිසියේ මියගොස් ඇති අතර ඔහුගේ කලිසම් සාක්කුවලින් රුපියල් ලක්ෂ හතරකට ආසන්න මුදල් ප්‍රමාණයක් සොයාගත් බව පොලිසිය කියයි. 11 February 2022
බදුල්ල රෝහලේ වෛද්‍යවරු 20 කට ‘කොරෝනා’ බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරු 20 දෙනෙක් ‘කොවිඩ්’ ආසාදනය වී ඇති බව එම රෝහල් උසස් නිලධාරියෙක් පැවසීය. 11 February 2022
භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් පිලී පනී මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වු භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් වටවල දුම්රිය ස්ථානයේදි අද (11) දින පිලි පැනිම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසිය. 11 February 2022
‘ලක්ෂ 10 ක් පළමු එන්නත් මාත්‍රාව ලබාගෙන නෑ’ ‘කොවිඩ්’ මර්දන එන්නත ලබාගත යුතු වයස් සීමාවේ සිටින ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 10 කට අධික පිරිසක් මේ දක්වා පළමු එන්නත් මාත්‍රාව හෝ ලබාගෙන නොමැති යැයි හෙළි වී තිබේ. 11 February 2022
උතුරු නැගෙනහිර ඇතුළු පළාත් කිපයකට වැසි උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 11 February 2022
‘‘අබ්බා‘‘ පොලිස් වෙඩි පහරින් මරුට දුලාන් සමීර සම්පත් නොහොත් ‘‘අබ්බා‘‘ නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බළකාය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකදී මරුමුවට පත්ව ඇතැයි එගොඩඋයන පොලිසිය පවසයි . 11 February 2022
දින පහේ මන්ත්‍රීට කෝටි 6ක වාහන බලපත්‍රයක් පසුගිය රජය සමයේදී එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පත්වී මේ සභාවේ දින පහක් පමණක් සිටි මන්ත්‍රීවරයකු ගෙදර ගොස් ඇත්තේ ඔහුට රජයෙන් ලැබුණු වාහන බලපත්‍රය කෝටි හයකට විකුණා බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය. 10 February 2022
චාල්ස් කුමරුන්ට යළි කොරෝනා බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරුන් දෙවැනි වරටත් ‘කොවිඩ් 19’ ආසාදිතයකු වී ඇතැයි ක්ලැරනස් හවුද් මන්දියට නිවේදනය කළේය. වෛද්‍ය උපදෙස් අනුව කුමරුන් හුදෙකලා වී සිටින බවත් එම නිවේදනයේ සඳහන් වෙයි. 10 February 2022
නැකත්කරුගේ බිරිය කෝටි ගණනක දේපළ අරන් පැනයයි ප්‍රසිද්ධ ජ්‍යෝතිෂ්‍යවේදියකුගේ බිරිද රුපියල් කෝටි දෙකක දේපල සමග සිය දරුවන් දෙදෙනා ද රැගෙන පලායෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි මුල්ලේරියාව පොලීිසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා ඉදිරියේ ඊයේ (10) කරුණු වාර්තා කර ඇත. 10 February 2022
වැල්ලයි පාරයි ඔට්ටුයි නම් ඡන්දයකට එන්න වැල්ලත් ඔට්ටුයි,මහ පාරත් ඔට්ටුයි ඡන්දයකට එන්නැයි අගමැතිවරයා අනුරාධපුර ජන රැලියේදී කළ අභියෝගය සතුටින් භාර ගන්නා බව සමගි ජන ජනබලවේගයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා පැවසීය. 10 February 2022
අලියකුට කරදර කළ රියැදුරාට ලක්ෂ දෙකක් දඩ ත්‍රිකුණාමල - හබරණ ප්‍රධාන මාර්ගයේ සැරිසරමින් සිටි වන අලියකු පසු පස කැබ් රථයකින් ලුහු බඳිමින් එම වන අලියාට හිංසා කිරීමට යම් උපක්‍රමයක් භාවිතා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ කැබ් රථ රියදුරකු එකී චෝදනාවට වරද පිළිගත් පසුව ඔහුට මුදලින් රුපියල් ලක්ෂ දෙකක දඩයක් ගෙවන ලෙස කැකිරාව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් සමන් වැරණියගොඩ මහතා අද නියම කළේය. 10 February 2022
සහරාන්ගේ බිරියගෙන් ප්‍රකාශයක් ගන්න සී.අයි.ඩීයට අවසර පාස්කු ඉරුදින තස්ත්‍ර ප්‍රහාරය වැළැක්වීමට අවස්ථාව තිබියදී අපරාධ පරික්ෂණ දෙපාර්ත්මේන්තුවේ උසස් නිලධාරීන් කණ්ඩායමක් ඒ පිළිබදව නිසි පරිදි විමර්ශනය නොකිරීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි එම දෙපාර්තමේන්තුව කුලියාපිටිය මහේස්ත්‍රාත් ජනනි ශෂිකලා විජේතුංග මහත්මිය ඉදිරියේ අද (10) කරුණු වාර්තා කළේය. 10 February 2022
ත්‍රස්ත අලුත් පනතින් රැඳවුම් කාලය අඩුවෙයි ත්‍රස්තවාදය වැළැක්වීමේ ( තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පත යටතේ යම් පුද්ගලයකු රඳවා තබාගත හැකි මාස 18 ක උපරිම කාලය මාස 12ක් දක්වා අඩු කිරීමට රජය තීරණය කර ඇත. 10 February 2022
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026