උඩරට මාර්ගයේ සීඝ්‍රගාමී දුම්රිය ධාවනය නොවේ අධික වර්ෂාව හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයට පස් කඳු කඩාවැටීම නිසා කොළඹ කොටුව සහ බදුල්ල අතර දුම්රිය ධාවනය තවදුරටත් අත්හිටුවා ඇති බවත් අද (5) සහ හෙට (6) ධාවනය වීමට දුම්රිය අවලංගු කළ බවත් නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනෙවිරත්න මහතා අද (5) පස්වරුවේ පැවසීය. 05 August 2022
ජනතාවගේ පැත්තේ සිට රජයට උදව් කරන්නට සූදානම් අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා ජනතාවගේ පැත්තේ සිට රජයට උදව් කිරීමට තම කණ්ඩායම සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 05 August 2022
පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ට කොවිඩ් සිවුවැනි එන්නත පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් සඳහා කොවිඩ් සිවු වෙනි මාත්‍රාව ලබන 12 වැනිදා සිකුරාදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී ලබාදීමට පියවර ගෙන ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය. 05 August 2022
’’අරගල භූමියේ අනවසර ඉදිකිරීම් 10 තෙක් ඉවත් කරන්නෑ’’ ’’ගෝඨා ගෝ ගම’’ අරගල භූමියේ ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් නිසි අධිකරණ අවසරයකින් තොරව ලබන දහ වැනිදා තෙක් ඉවත් නොකරන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට අද (05) පොරොන්දු විය. 05 August 2022
සති අන්තයේ විදුලි කප්පාදුවක් නෑ එළඹෙන සති අන්තයෙ විදුලි කප්පාදුව නොකරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (5) පස්වරුවේ පැවසීය. 05 August 2022
ගොදුරක් සොයා ආ කොටියා වතු නිවසක කාමරයට වැටිලා තලවකැලේ, ලිඳුල, ලෝගී වත්තේ කූමුඩ් කොටසේ වතු කම්කරු නිවසක වහලය මතින් කාමරයක් තුළට වැටුණු කඳුකර කොටියකු නිර්වින්දනය කර කැලැයට මුදා හල බව ලිඳුල පොලීසිය පවසයි. 05 August 2022
පාර්ලිමේන්තු කමිටු පිහිටුවීම ලබන සතියේ පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමග අහෝසිවූ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා ) ඇතුළු එහි සියලු කමිටු පිහිටුවීමේ කටයුතු ලබන සතියේ අරඹන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවැසීය. 05 August 2022
අ‘පුර කතක් සයිකල් 12ක් උස්සලා අනුරාධපුර නගරයේ වෙළඳසල් ඉදිරිපිට නවතා තිබෙන අගුල් නොදැමූ පා පැදි සොරා ගත්තෙ යැයි කියන කාන්තාවක අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසියේ විවිධ පැමිණිලි අංශය කියයි. 05 August 2022
හොර තක්කඩි එලවීම භාවනාවෙන් කරන්න බැහැ ලෝකයේ අරගල සාමකාමී නැති බවත් රටක හොර තක්කඩි එලවීම භාවනා කර පන්සිල් අරගෙන කළ නොහැකි බවත් සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. 05 August 2022
ජනපති අමරපුර මහා නා හිමි බැහැදකී රටෙි දැවෙන ප්‍රශ්න වලට කඩිනම් විසඳුම් සෙවීම සඳහ සර්වපාක්ෂික ආණ්ඩුව ඉතා වැදගත් බව අග්ගමහා පණ්ඩිත දොඩම්පහල චන්දසිරි ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නා හිමියෝ පැවසූහ. 05 August 2022
අරගලකරුවෝ අදත් කූඩාරම් ඉවත් කර ගනිති ගාලුමුවදොර අරගල භූමියේ රැඳී සිටින අරගල කරුවන් සඳහා අද පස්වරු 5,00 ට පෙර අරගල භූමියෙන් ඉවත් වන ලෙස පොලිසියේ නිවේදනය කිරීමත් සමග අද දිනයේත් විශාල කූඩාරම් ප්‍රමාණයක් ඉවත් කරගන්නා ආකාරය දක්නට ලැබිණි 05 August 2022
බොරතෙල් මිල පහළට ලෝක බොරතෙල් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල පෙරදිනට සාපේක්ෂව අද (05) තවදුරටත් පහළ ගියේය. 05 August 2022
තෙල් බෙදීම කාර්යක්ෂම කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධාරණය ඛනිජ තෙල් බෙදා හැරීම දැනට වඩා කාර්යක්ෂමව සහ විධිමත්ව සිදු කිරීමේ අවශ්‍යතාව ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) අවධාරණය කළේය. 05 August 2022
වැලිගම ඖෂධහල් 20කින් 18ක් නුසුදුසු තත්ත්වයේ වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පිහිටි ඖෂධ 20 කින් ඖෂධ හල් 18කම පිළිගත් ඖෂධවේදීන් නොමැති බව සිදු කළ විමර්ශනයකදී අනාවරණය වූ බව වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 05 August 2022
සතොසට නව සභාපතිවරයෙක් ලංකා සතොස නව සභාපතිවරයා ලෙස හිටපු දකුණු පළාත් පළාත් සභා මන්ත්‍රී පසද යාපා අබේවර්ධන මහතා පත්කර තිබේ. 05 August 2022
ඇමෙරිකාවේ ‘වඳුරු උණ’ හදිසි තත්ත්වයක් වඳුරු උණ සම්බන්ධයෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට ඇමෙරිකන් සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබේ. ඇමෙරිකන් සෞඛ්‍ය බලධාරීන් මෙසේ තීරණය කළේ, රටේ ‘වඳුරු උණ’ ව්‍යාප්තිය ඉතා වේගයෙන් ඉහළ යමින් පවතින බැවිනි. 05 August 2022
සර්ව පාක්ෂික ආණ්ඩුවකට ජනපති - සජබ සාකච්ඡාව අද රටේ ආර්ථික සහ සමාජ අර්බුදයන්ට පිළියම් සෙවීම සඳහා ජනාධිපතිවරයා සිදුකර ඇති ආරාධනාව මත අද (5) පස්වරු තුනට ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවකට එක් වීමට තීරණය කර ඇති බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. 05 August 2022
පඩව්ගම දෙදරු පියකු වෙඩි තබා මරයි ලුණුගම්වෙහෙර පඩව්ගම ප්‍රදේශයේ නිවසක සිය දරුවන් සමග රාත්‍රී ආහාර ගනිමින් සිටි 34 හැවිරිදි දෙදරු පියකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි. 05 August 2022
වැස්ස අදින් පසු අඩු වෙයි දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වය අදින් (5) පසු ක්‍රමයෙන් අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 05 August 2022
මහනුවරදී පැහැරගත් නව හැවිරිදි දරුවකු මහරගමදී අල්ලයි 9 හැවිරිදි පිරිමි දරුවකු රවටා ගෙන කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වූ දුම්රියකින් රැගෙන යමින් සිටි පුද්ගලයකු මගීන් විසින් අල්ලා මහරගම දුම්රිය ස්ථානයේදී පොලීසියට බාර දී ඇත. 05 August 2022
පෞද්ගලික බස් වර්ජනයක් පෞද්ගලික බස් රථ ධාවනයට ප්‍රමාණවත් පරිදි ඉන්ධන නිකුත් නොකිරීමට විරෝධය පළ කරමින් පෞද්ගලික බස් රථ වර්ජනයක් අද (5) දින ක්‍රියාත්මක කරන බව බස්රථ වෘත්තීය සමිති කීපයක් ප්‍රකාශ කළේය. 05 August 2022
අහංගම වෙඩි තැබීමකින් අයෙක් මරුට අහංගම ගොවියාපාන හෝටලයක් තුලදි අද රාත්‍රි සිදුවු වෙඩි තැබිමකින් එක් අයකු එම ස්ථානයේම මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි අහංගම පොලිසිය පවසයි. 04 August 2022
හමුදා කපිතාන් යතුරු පැදිකරුගේ කන පළයි යුද හමුදා කපිතාන්වරයකුගේ පහරදීමක් හේතුවෙන් යතුරු පැදිකරුවකු කනට බරපතල තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කර ඇත. 04 August 2022
බසයක් ප්‍රපාතයට:අයෙක් මරුට:12ක් රෝහලට පුඬළුඔය සිට ගම්පොල දක්වා ධාවනය වු පෞද්ගලික බසයක් මල්හෑව ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන අඩි 80 ක පමණ ප්‍රපාතයකට පෙරළීයාමෙන් එහි ගමන් ගත් එක් අයකු මිය ගොස් තවත් 12 කු තුවාල ලබා ඇතැයි පුඩළුඔය පොලීසිය පවසයි. 04 August 2022
කොරෝනා ආසාදිතයන් 146 වාර්තා වෙයි කොවිඩ් ආසාදිත මරණ කිසිවක් ඊයේ (3) වාර්තා වී නැතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි. 04 August 2022
ජෝසප් ස්ටාලින් 12 තෙක් රිමාන්ඩ් අධිකරණ නියෝග කඩකළැයි කොටුව පොලිසිය අත්අඩංගුවට ගත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ලබන 12 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (04)නියෝග කළේය. 04 August 2022
‘‘කේතය පරිස්සම් කර ගන්න‘‘ ජාතික ඉන්ධන බලපත්‍රයට අදාල කිව්.ආර්. කේතය සෙසු පුද්ගලයන්ට පෙනෙන සේ ප්‍රදර්ශනය නොකළ යුතු බවත් වෙනත් පුද්ගලයකු එය නීති විරෝධී ලෙස භාවිතා නොකරන බවට වගබලා ගැනීම සඳහා එය ආරක්ෂා කළ යුතු බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 04 August 2022
අරගල ක්‍රියාකරු දනීෂ්ට දින 14ක සිරදඬුවමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණ මගින් රිමාන්ඩ් බාරයට පත්කර සිටි අරගල ක්‍රියාකාරිකයකු වන දනීෂ් අලීට මැගසින් බන්ධනාගාර තුළ ජංගම දුරකතනයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් වරද පිළිගැනීම නිසා ඔහුට දින 14 ක සිරදඩුවම් නියම කළ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි. 04 August 2022
විදුලි කප්පාදුව පැයකට සීමා වෙයි විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා මසක පමණ කාලයක් ක්‍රියාත්මක කළ පැය 3 ක අඛණ්ඩ විදුලි කප්පාදුව හෙට (5) දිනයේ පැයක් දක්වා අඩු කළ බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (4) පස්වරුවේ පැවසීය. 04 August 2022
වරාය අධිකාරියේ නව සභාපති ආචාර්ය සරත් ඔබේසේකර ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ආචාර්ය ප්‍රසන්න ජයමාන්න මහතා එම තනතුරෙන් ඉවත් කර නව සභාපතිවරයා ලෙස ආචාර්ය සරත් ඔබේසේකර මහතා පත්කර තිබේ. 04 August 2022
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026