දළදා මලිගාවේ ප්‍රථම රන්දෝලි පෙරහර වීදි සංචාරය කරයි මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහර පෙරහැර වීදි සංචාරය අද ආරම්භ කෙරිණි. 07 August 2022
ලිට්රෝ ගෑස් මිල පහළ දැමීම තවත් කල්යයි ලිට්රෝ ගෑස් මිල පහළ දැමීම හෙට (8) පස්වරුවේ නිවේදනය කිරීමට නියමිත බව ලිට්රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියකු අද (7) පස්වරුවේ පැවසීය. 07 August 2022
කිසිදු ආකාරයක ඇමතිධුර බාර ගැනීමට සජබය සූදානම් නැහැ පවතින තත්ත්වයෙන් රට ගොඩ ගැනීම සදහා රටේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය සර්ව පාක්ෂික, ඒකාබද්ධ රට ගොඩනගන වැඩපිළිවෙළක එකඟ වුවත් එහි දී කිසිදු ආකාරයක ඇමති ධුර ආදී තනතුරු බෙදා ගැනීම වැනි ඩීල්වලට එකතු නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 07 August 2022
රනිල්ට ඉඩක් දෙන්නැයි වජිරගෙන් ඉල්ලීමක් වසරක් තිස්සේ දෑසට නොදුටු ගෑස් ,දෙවසරක් තිස්සේ නුදුටු රසායනික පොහොර දැන් ටිකෙන් ටික ඇසට යළි පෙනෙන්නට පටන්ගෙන තිබෙන හෙයින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට මාස හයක් නිරවුල්ව රට ගෙන යන්නට ඉඩ දෙන්නැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. 07 August 2022
පැයක අඳුර තවත් දින 3ක් විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (8) සිට මේ මස 10 වැනිදා දක්වා දිනකට පැයක් පමණක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (6) පස්වරුවේ පැවසීය. 07 August 2022
මාස හතරකදී ඉන්ධන, විදුලි ඉල්ලුම කැපී පෙනෙන ලෙස අඩුවෙලා පසුගිය මාර්තු සිට ජූලි දක්වා ගත වූ මාස 4ක කාලයේදී මෙරට ඉන්ධන භාවිතය සියයට 65 කින් සහ විදුලිය භාවිතය සියයට 25 කින් පමණ අඩුවී ඇති බවත්, මෙය රටේ ආර්ථිකයෙහි සීඝ්‍ර කඩා වැටීම පැහැදිලි වන අවස්ථාවක් බවත් 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 07 August 2022
බදුලු දුම්රිය නවය සිට යළි දුවයි අධික වර්ෂව හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයට සිදුවූ හානිය නිසා නාවලපිටියේ සිට බදුල්ල දක්වා අත්හිටුවා ඇති දුම්රිය ධාවනය ලබන අඟහරුවාදා (9 වැනිදා) පස්වරුවේ නැවත ආරම්භ වන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලනිලධාරියෙක් පැවසීය. 07 August 2022
කිංස්ලි - ශෂි සභාපති ධූරවලට නැවත පත්කරයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ධූරවලට හිටපු සභාපතිවරු වන කිංස්ලි රණවක සහ ශෂි වෙල්ගම යන මහත්වරු නැවත පත්කළ බව ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පැවසීය. 07 August 2022
නල්ලතන්නි පාර ගිලා බසී මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දිනවල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග මස්කෙලිය ශ්‍රි පාද නල්ලතන්නිය මාර්ගය ගිලා බැසිමේ අවදානමක් හේතුවෙන අද සිට තාවකාලිකව වසා දමන බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය. 07 August 2022
පොලිසිය තුළදී පිහි පහරින් අයෙක් මරුට නවගමුව පොලිසියේ සුළු පැමිණිලි අංශය තුළදී පැමිණිල්ලක් විභාග කරමින් සිටියදී සිදුවූ පිහි ප්‍රහාරයකින් පුද්ගලයකු රෝහල් ගත කිරීමේ දී මියගිය බව නවගමුව පොලිසිය කියයි. 07 August 2022
කොළඹ සරසවිය මුලට එයි ලෝකයේ විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීමේ ‘වෙබෝමෙටි්‍රක්ස්’ ශේණිගත කිරීම් අනුව මෙරට විශ්ව විද්‍යාල අතර පළමු ස්ථානය කොළඹ විශ්ව විද්‍යාලයට හිමිව ඇත. 07 August 2022
මධ්‍යම අධිවේගය අතරමඟ නතර වෙයි? ශ්‍රී ලංකාවේ මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර ඉදිකිරීම සඳහා චීනයේ එක්සිම් බැංකුව ලබා දී තිබූ ණය පහසුකම අත් හිටුවා ඇතැයි වාර්තා වෙයි. 07 August 2022
මද්ද සමග කොටියා ගසේ එල්ලෙයි මද්දකට හසු වු කදුකර කොටියකු මද්ද කඩාගෙන ගොස් ගසක් මැද සිර වි සිටින බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පවසයි. 07 August 2022
හදිසි නීතිය සංශෝධනය කරමින් ජනපතිගෙන් ගැසට් නිවේදනයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහජන ආරක්ෂක පනත යටතේ ජුලී මස 18 වැනිදා නිකුත් කෙරුණු හදිසි අවස්ථා නීති කිහිපයක් සංශෝධනය කරනු ලැබ ඇත. 07 August 2022
රට හරි මඟට මෙහෙයවන්න ජනපති සමත් වෙලා ඉතා අසීරු අවස්ථාවක රට බාර ගනිමින් නිවැරදි මාවතට මෙහෙයවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමත් වී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ඉත්තෑපානේ ධම්මාලංකාර ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නා හිමියෝ පැවසූහ. 07 August 2022
ජනපති ස්ටාලින් අමතයි ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තිබෙන්නේ නීතිමය කටයුත්තක් බවත් තමා ඒ ගැන ස්ටාලින් මහතා සමග කතා කළ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 07 August 2022
යුවාන් වැන්ග් 5 රාජ්‍ය තානත්‍රික ගැටළුවක් වෙයි ද චීන පර්යේෂණ නෞකාවක් වන යුවාන් වැන්ග් 5 හම්බන්තොට වරායට පැමිණීම දින නියමයක් නොමැතිව කල් දමන ලෙස ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය චීන තානාපති කාර්යාලයෙන් ලිඛිතව ඉල්ලා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. 07 August 2022
ආදිවාසීහු ප්‍රනීත මී පැනිවලින් බුදුන් පුදති මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ ප්‍රථම රන්දෝලි පෙරහර දින ආදිවාසීන් විසින් තිලෝගුරු බුදුපියාණන් වහන්සේ වෙනුවෙන් සිදුකරනු ලබන ප්‍රනීත වූ මි පැණි පූජාව අද පෙරවරුවේ සිදු කරන ලදී . 07 August 2022
ණය කොන්දේසියක් ලෙස රාජ්‍ය ආයතන 40 විකුණයි ණය ලබාදීමේ කොන්දේසියක් ලෙස රාජ්‍ය ආයතන හතළිහක් පෞද්ගලීකරණය කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉල්ලීමක් කර ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය. 07 August 2022
අත්සන හොරට යොදා නඩු වාර්තාවක් ගත් අධිකරණ සේවකයා මාට්ටු කළුතර මල්වත්ත බන්ධනාගාරයේ රදවා සිටින රැදවියකු ගේ අත්සන හොරට යොදා පානදුර මහාධිකරණයෙන් නඩුවාර්තා පිටපත් ලබාගත් එම මහාධිකරණයේම සේවය කළ සේවකයකු අත්අඩංගුවට ගත්බව පානදුර විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි. 07 August 2022
බරණගේ ඝාතකයාට ඇප කලාවැව සහ නාමල් උයන ඇතුළු අවට ප්‍රදේශවල වසර ගණනාවක් තිස්සේ සැරිසරමින් පරිසරයට ඉමහත් සුන්දරත්වයක් එක් කළ පිරිපුන් දළ යුගලකින් හෙබි බරණ දළ ඇතාට විදුලි සැර වද්දවා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුව ගත් පොලිස් කොස්තාපල්වරයා රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කැකිරාව වැඩ බලන මහේස්ත්‍රාත් එම්. පී ගස්සාලි මහතා නියෝග කළේය. 07 August 2022
සර්ව පාක්ෂික ආණ්ඩුවට කකුල් මාට්ටු දාන අය ගැන මෛත්‍රිපාල කියයි සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට යන ගමනේදී කකුලෙන් අදින පිරිසක්ද සිටින බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. 07 August 2022
කාබනික කෘෂිකර්ම ප්‍රතිපත්ති ඉදිරියටත් කාබනික කෘෂිකර්ම ප්‍රතිපත්තිය රජය ඉදිරියටත් පවත්වාගෙන යන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 07 August 2022
බස්නාහිර ඇතුළු පළාත් කීපයකට විටින් විට වැස්ස සබරගමුව පළාතේත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (7) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 07 August 2022
මත්කුඩු ජාවාරමේ නිරත දෙකක් මාට්ටු විදේශ රටක සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු හා මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ගනේමුල්ල සංජීවගේ ප්‍රධානම ගෝලයන් දෙදෙනකු හෙරොයින් සහ මුදල් තොගයක් සමග ගම්පහ මාකේවිට ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 07 August 2022
ජනපති රනිල්ට ජපානයෙත් සහාය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට උනන්දුවෙන් සිටින බව ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් පණිවිඩයක් එවමින් සඳහන් කරයි. 06 August 2022
මර්දනයට එරෙහිව නුගේගොඩ රැළියක් ‘‘අරගලය ඉවර නෑ දිනන තුරු හැරෙන්නේ නෑ‘‘ යන තේමාව යටතේ මර්ධනයට, හදිසි නීතියට, ත්‍රස්ත පනතට, පැහැර ගැනීම්වලට එරෙහි විරෝධයක් නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්විණි. 06 August 2022
සර්ව පාක්ෂික ආණ්ඩු යෝජනා සඳුදා එළියට සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා දේශපාලන පක්ෂ සමග දින ගණනාවක් පුරා සිදු කළ සාකච්ඡාවලදී ඒ ඒ පක්ෂ ඉදිරිපත් කළ යෝජනා ලබන සඳුදා (08) වන විට සහභාගී වූ සියලු පක්ෂවලට පොදුවේ ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 06 August 2022
රිජ්වේ රෝහලෙන් කොවිඩ් දරුවන් 12ක් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් කොවිඩ් රෝගී දරුවන් 12 දෙනකු පමණ වාර්තාවී ඇතැයි එහි අධ්යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා පැවසීය. 06 August 2022
උඩින් උතුරට ගිය හේතුව රවී හෙලි කරයි තමා උතුරට හෙලිකොප්ටරයෙන් ගියේ රටට ඩොලර් හොයන ව්‍යාපෘතියක් වෙනුවෙන් යැයි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. 06 August 2022
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026