(ඉන්දිකා රාමනායක)
සමාජවාදී තරුණ සංගමය විසින් කොළඹ දී ඊයේ සංවිධානය කළ විරෝධතාව අතරතුර පුද්ගලයින් 83 දෙනකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයාගෙන් කඩිනම් වාර්තාවක් කැඳවා ඇතැයි එම කොමිසම් ආරංචි මාර්ග පවසයි.
එම වාර්තාව හෙට (26) පෙරවරුවේ කොමිසම වෙත යොමු කරන්නැයි පොලිස්පතිවරයාට දැනුම් දුන් බව ද කොමිසම් ආරංචි මාර්ග සදහන් කරයි.
පොලිසිය මගින් අත්ඩංගුවට ගෙන රඳවා සිටින පුද්ගලයන්ගේ තත්ත්වය පරික්ෂා කිරීම සදහා කොමිසමේ නිලධාරීන් අදාළ පොලිස් ස්ථාන වෙත යොමු කළ බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd