(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
පාර්ලිමේන්තුවෙන් මන්ත්‍රීවරුන්ට සැපයෙන බත් පතේ මිල රුපියල් 100 කින්ද මාධ්‍යවේදීන්ට සැපයෙන බත් පතේ මිල රුපියල් 50 කින්ද ඉහළ දමා ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ බත් පතේ මිල මෙයට පෙර පැවතුණේ රුපියල් දෙසීයක් ලෙසය. නව මිල සංශෝධනය අනුව එය රුපියල් 300 දක්වා ඉහළ යනු ඇත.
පාර්ලිමේන්තු මාධ්‍යවේදියකුගේ ආහාර වේලක් සඳහා මෙතෙක් වැය කෙරුණු මුදල රුපියල් සීයක් වන අතර එය 150ක් දක්වා ඉහළ ගොස් ඇත.
පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව පසුගියදා රැස්වී ගත් තීරණයක් අනුව එම මිල ගණන් මෙලෙස සංශෝධනය කර ඇත.
පාර්ලිමේන්තුව නිලධාරීන්ගේ සහ සේවකයන්ගේ බත් පතේ මිල ගෘහ කාරක සභාව ගත් තීරණයක් අනුව මෙයට පෙර වැඩි කෙරිණ.
මේ අතර පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් මන්ත්‍රීවරුන් ඇතුළු විවිධ කණ්ඩායම් සඳහා සැපයෙන ආහාර රටේ ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන සීමා කරනු ලැබ ඇත.
පාර්ලිමේන්තුවෙ ආහාර සහ විවිධ පාන වර්ග සඳහා වසරකට රුපියල් කෝටි 15 කට ආසන්න මුදලක් වැයවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
පාර්ලිමේන්තුවේ ජලය වෙනුවෙන් වාර්ෂිකව වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ අනුවකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ ගොල්ලන්ට බත් එකක් ගෙදරින් අරන් ඇවිල්ලා කන්න බැරි..? එන ගමන් කඩේකින් වතුර එකකුත් ගන්න කියන්න. එතැනම ලක්ෂ කීයක් ඉතුරුයිද රටට..?
දැන් තේරෙනවා අර ගෝනි නූල් දාලා තියෙන්න ඇත්තේ ගාන වැඩිකරගන්න කියලා බව...
පාර්ලිමන්ට් එකේ කැන්ටින් එක මුලුමනින්ම වසාදමා එකෙ 225 ට ගිල්ලවන සුඛොපබොගී කෑම වට්ටොරුව ඉවත් කල දාට, රටට ඉතුරුවන අති විාල දනස්කන්දයෙන්, රටෙ දුගී දුප්පත් පවුල් ලක්ශයකගෙ කුසගිනි නිවා දැමිමට පුලුවද කිා මෙදාම එකම මන්ත්‍රි කෙනෙක්වත් "මීක්' නැත ! " මගේ බඩගොස්තතරය පිරිනොත් එ ඇති....දුප්පතා හාමතේ මරුනට මට මොකො " යන ආකල්පය මෙ ගොබ්බ 225 න් කේ හො ඉවත් කල යුතුය.... ...
ඕකෙන් නොකා කැන්ටින් වහලා ගෙදරින් හරි, කඩේකින් හරි කන්න බැරිද? අහිංසක මිනිස්සුන්ගෙන් යැපෙන කාලකන්නි. ඕවා හින්දා නුඹලාගේ දරු මුනුබුරු පරම්පරා වලටත් සහ ගහනවා.
මේ වගේ ඉන්නේ අඩු අදායම් ලාභීන්ද? ඇයි මෙයලාටත් රටේ අනෙකුත් ආපනශාලාවල මිලට ආහාර දෙන්න බැරි..? එතකොටවත් මොවුන්ට මිලගණන් ගැන තේරෙයිද බලන්න...
මම හිතුවේ නිකන් දෙන්නේ කියලා.. වැරදිලා වෙන්න ඇති වැඩි කරලා තියන්නේ.