(අජන්ත කුමාර අගලකඩ)
කැබිනට් ඇමතිධුර මෙතෙක් නොලැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ගණනාවක් කනස්සල්ලට පත්ව සිටින බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
කැබිනට් අමාත්‍යධුර සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දොළොස් දෙනකුගේ නම් මීට සති ගණනාවකට පෙර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යවනු ලැබූ අතර , එහෙත් මෙතෙක් ඒවා නොලැබීම සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු දැඩි කනස්සල්ලෙන් පසුවන බව දැනගන්නට ඇත.
. කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් තිස්දෙනාගෙන් 18 දෙනකු දැනටමත් පත්කර ඇති අතර, තවත් පත් කිරීමට ඉතිරිව ඇත්තේ දොළොස් දෙනෙකි.
. පොදුජන පෙරමුණෙන් ඒ සඳහා මන්ත්‍රීවරුන් දොළොස් දෙනකුගේ නම් යවා ඇතත්,අනෙකුත් පක්ෂවලටද අමාත්‍යධුර කිහිපයක් දීමට සිදුවන නිසා, එය අටක් පමණ දක්වා අඩු වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පැවසේ.
අනෙකුත් පක්ෂ නියෝජනය කරන ඒ එල් .එම්. අතාවුල්ලා,ජීවන් තොන්ඩමන්,වජිර අබේවර්ධන සහ දුමින්ද දිසානායක යන මහත්වරුන්ටද කැබිනට් ඇමතිධුර හිමිවීමට නියමිතව ඇතැයි දැනගන්නට තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජපාන සංචාරයෙන් අනතුරුව කැබිනට් ඇමතිවරුන් පත් කරනු ඇතැයි ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටට හෝ එහි වැසියන්ට ආදරේටද? නැහැ හලෝ නැහැ. නුඹලාට හෙණ... අපේ බඩ...!
මේ අය ඉන්නකන් රටට කිසිම සෙතක් නැහැ.
දූෂිත බලලෝභී, බඩගෝස්තරවාදී දේශපාලුවන්ට තියෙන තණ්හාව... ඇමැතිකම් අරන් හිටපු කාලේ කරපුවා අපි නොදන්නවා නෙවෙයි. රාජ්‍ය ඇමැතිකම් ගත්තු අයටවත් දැන් එළියට බැහැලා යන්න පුළුවන්ද?
කාලකණ්ණි ගසාකන්නෝ... රට බංකොළොත් වෙලා.. මිනිස්සු බඩගින්නේ... මේ අයට ඕනෑ තනතුරු තාන්න මාන්න. මේ අයට හෙණම ගහන්න ඕනෑ...