(අංජුල මහික වීරරත්න)
ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේ මුලසුන දැරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා ලැබ තිබේ.
ඒ අනුව සැප්තැම්බර් 28 වැනි දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන සංචාරය නිම කර පිලිපීනය බලා පිටත්ව යාමට නියමිතය.
එහිදී ජනාධිපතිවරයා පිලිපීන ජනාධිපති බොංබොං මාකෝස් (Bongbong Marcos) මහතා සමග මෙන්ම ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සත්සුගු අසකාවා (Masatsugu Asakawa) මහතා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ජපාන සහ පිලිපීන නිල සංචාරය නිමා කර සැප්තැම්බර් 30 වැනිදා නැවත දිවයිනට පැමිණීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිලිපීනයේ මහ බැංකුවට අබසරණයි...!
ඇත්ත දන්න අය රනිල්ට ගරු කරනවා. රනිල් වැරැදියි කියලා මිනිස්සු කිව්වාට ඒවා නිවැරදි කරන්නේ නැහැ
ඉදිරිපත් කිරීමට සුදුසු ජනාධිපති කෙනෙක් ඉන්නවා.
පුළුවන් තරම් පිටරට යන්න රනිල්. නැවත මෙහෙම පිනා චාන්ස් එකක් ලැබෙන එකක් නැහැ.
අර්ජුන් මහේන්ද්රන් හා නිවාඩ් කබ්රාල් ඊට සහභාගී නෙවුනේ ඇයි?
ආසියානු සංවර්ධන බැංකුවටත් අර්ජුනමහේන්ද්රන් දාන්න කතාකරගෙන එයිද?