ඊජිප්තු ජනපතිගෙන් රනිල්ට සහතිකයක් ශ්‍රී ලංකාව ප්‍රගතිය සහ සෞභාග්‍යය කරා ගෙන යාමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇති හැකියාව පිළිබඳ ඊජිප්තු රජය විශ්වාසයෙන් පසුවන බව ඊජිප්තු අරාබි ජනරජයේ ජනාධිපති අබ්දෙල් ෆටා අල් සිසි මහතා සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. 08 August 2022
අද ‘කොවිඩ්’ ආසාදිතයන් 180 ක් ‘කොවිඩ්’ ආසාදිත රෝගීන් 180 දෙනකු අද (8) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය. 08 August 2022
කොවිඩ් මරණ තවත් දෙකක් ‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් දෙදෙනකු ඊයේ (7) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (8) පස්වරුවේ තහවුරු කළේය. 08 August 2022
සැර කොරෝනා සෙවීමේ පරීක්ෂණ ඇරඹේ සැර කොරෝනා වයිරස ප්‍රභේද සෙවීමේ තවත් පරීක්ෂණ වටයක් අද(8) ආරම්භ කළ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය 08 August 2022
ලිප්ටන් වටරවුමේත් විරෝධතා ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය කොළඹ ලිප්ටන් වටරවුමේදී අද (8) පස්වරුවේ උද්ඝෝෂනයේ නිරත විය. 08 August 2022
ලිට්රෝ ගෑස් මිල 246කින් පහළට ලිට්රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල අද (8) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 246 කින් අඩු කරන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (8) පස්වරුවේ පැවසීය. 08 August 2022
බස් සදහා වෙනම කිව්. ආර් කේතයක් පොදු ප්‍රවාහන සේවයේ නියැළී සිටින ලංගම බස් රථ සහ පෞද්ගලික බස් රථ සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය වෙන්වෙන් වශයෙන් හඳුනාගෙන එය වෙනුවෙන් වෙනමම කිව්. ආර් කේතුවක් හඳුන්වාදීමට තීරණය කර තිබේ. 08 August 2022
අරගලකරුවෙක් අත්අඩංගුවට අධිකරණ නියෝග කඩ කිරීම, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ රජයේ දේපළ වලට හානි කිරීම සම්බන්ධයෙන් අරගල සාමාජිකයකු මෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයකු අද (8) කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් කොළඹ 7 මහජන පුස්තකාලය අසලදී අත්අඩංගුවට ගෙන ඇත. 08 August 2022
ලක්ෂ 20 මත්කුඩු සමග කතක් ගෑන්ඩ්පාස්හිදී අත්අඩංගුවේ රුපියල් ලක්ෂ 20 ට අධික වටිනා මත්කුඩු තොගයක් සමග කාන්තාවක්, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී අද (8) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 08 August 2022
මත් රකුසාට වැට බඳින්න අලුත් නීති නාගරික ජනාවාස වල දරුවන් හා තරුණ පරපුර මත්ද්‍රව්‍ය ජාවාරමෙන් සහ සමාජ විරෝධී ක්‍රියා වලින් බෙිරා ගැනීමට නව නීති සම්පාදනය කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (8) පැවසීය. 08 August 2022
ඉන්ධන පිරවුම්හල් 1,246 කිව්.ආර්. වැඩ ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. පද්ධතිය හරහා පසුගිය සතියේ රටපුරා ඉන්ධන පිරවුම්හල් 1,246 කදී වාහන ලක්ෂ 43 කට ඉන්ධන ලීටර 36,599,301 ක් ලබාදී ඇතැයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. 08 August 2022
පුත්තලමේ රසායනාගාර මාෆියාවක් පුත්තලම මූලික රෝහලට නේවාසික ප්‍රතිකාර ලබා ගැනිමට පැමිණේන රෝගීන්ගේ රසායනාගාර පරික්ෂණ සඳහා පෞද්ගලික රෝහලකට යැවිමේන් රෝගීන්ට අනවශ්‍ය මුදලක් දැරිමට සිදුව ඇතැයි රෝගීහු චෝදනා කරති. 08 August 2022
අලුත් මන්ත්‍රීවරියක් දිවුරුම් දෙයි බොරලැස්ගමුව නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරියක ලෙස සුජීවනී නානායක්කාර මහත්මිය අද (08) පෙරවරුවේදී එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ඉදිරියේදී දිවුරුම් දුන්නාය. 08 August 2022
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් අද සවස ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (8) පස්වරු 5.00ට පැවැත්වීමට නියමිතය. 08 August 2022
බොරතෙල් මිල ඉහළට ලෝක බොරතෙල් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල පෙරදිනට සාපේක්ෂව අද (08) සුළු ඉහල යාමක් පෙන්නුම් කළේය. 08 August 2022
ජෝසප් ස්ටාලින්ට ඇප අධිකරණ නියෝග කඩකළැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (08) නියෝග කළේය. 08 August 2022
නාවික හා ගුවන් හමුදාවට ඕස්ට්‍ර්ලියාවෙන් නොමිළේ ඉන්ධන රටතුළ පවතින ඉන්ධන අර්බුධය හේතුවෙන් සමුද්‍රීය මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා ඕස්ට්‍ර්ලියානු රජය විසින් ශ්‍රි ලංකා නාවික හමුදාවට හා ගුවන් හමුදාව වෙත නොමිළේ ඉන්ධන තොගයක් ප්‍රධාන කර ඇත. 08 August 2022
කිව්.ආර්. නව ලියාපදිංචි කිරීම් නැවත අරඹයි ‘ජාතික ඉන්ධන බලපත්‍රය’ හෙවත් කිව්.ආර්. කේතයේ නව ලියාපදිංචි කිරීම් නැවත ආරම්භ කළ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (8) පැවසීය. 08 August 2022
ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන විවාදය හෙට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිත සභාව කල් තබන අවස්ථාවේ තෙදින විවාදය හෙට (9) පස්වරු 1.00ට ආරම්භ කෙරේ. 08 August 2022
හමුදාව කන්දකාඩුවෙි බඩ ඉරිඟු වවයි ලබන මාස් කන්නයේ දී වගාවට අවශ්‍ය බඩ ඉරිඟු බීජ ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පොලොන්නරුව කන්දකාඩු ගොවිපළේ අක්කර 100ක බීජ බඩඉරිඟු මේ වගා කර තිබේ. 08 August 2022
කොටුවේ අදත් විරෝධතා රාජ්‍ය මර්ධනයට හා විරෝධය පෑමට ඇති අයිතිය සුරකින ලෙසත් හදිසි නීතිය වහා හකුලා ගන්නා ලෙස රජයට බලකරමින් අන්තර් ආගමික කමිටුව සංවිධානය කරන ලද නිහඬ විරෝධතාවයක් කොළඹ කොටුව දුම්රිය ඉදිරිපිට අද (08) පැවැත්වේ 08 August 2022
අයි.ඔ.සී පිරවුම්හල් 50ක් විවෘත කිරීමට අවසර ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට (අයි.ඔ.සී) දිවයින පුරා නව ඉන්ධන පිරවුම්හල් 50ක් විවෘත කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයෙන් අවසර දුන් බව එම අමාත්‍යංශය උසස් නිලධාරියෙකු පැවසීය. 08 August 2022
මංකි පොක්ස් පරීක්ෂණ ඇරඹේ මංකි පොක්ස් රෝගයේ ආසාදිතයන් හඳුනාගැනීමේ පරීක්ෂණ ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවසීය. 08 August 2022
කිරිඇල්ලගෙන් රනිල්ට ප්‍රශ්නයක් අලුතින් පිහිටුවීමට යන සර්වපාක්ෂික ආණ්ඩුව ක්‍රියාත්මක වන කාල සීමාව අනෙක් සෑම දේටම පෙර මුලින්ම රටට හෙළි කරන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය. 08 August 2022
මැයි 9 කලහට සජබ ආසන සංවිධායක අත්අඩංගුවට පිළියන්දල පොලිස් වසමේ ඉකුත් මැයි නම වෙනි දින සිදුවූ කලහ කාරී සිද්ධීන් 6කට මූලිකත්වය ගෙන ක්‍රියා කළ බව කියන සමගි ජන බලවේගයේ කැස්බෑව ආසන සංවිධායක ගයාන් ද මෙල් මහතා අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි. 08 August 2022
පොදුරාජ්‍ය මණ්ඩලය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවේ දහයක් ගල්වෙති එංගලන්තයේදී දැන් පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ නිලධාරීන් ඇතුළු දස දෙනකු මේ වන විට අතුරුදහන් අතුරුදහන්ව ඇතැයි එංගලන්තයෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි. 08 August 2022
ලිට්රෝ ගෑස් ලාභ ලබයි ලිට්රෝ ගෑස් සමාගම පසුගිය ජූලි මස සුළු ලාභයක් ඉපයූ බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය. 08 August 2022
පළාත් කීපයකට වැසි වාර කිපයක් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් අද (8) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 08 August 2022
ගිනි අවි සමග දෙකක් සැකපිට ඇඹිලිපිටිය, මොදරවාන, වල්ඌරුමඩ ප්‍රදේශයේ දී ටී 56 ගිනි අවියක්, මැගසිනයක්, පතුරොම් සමග මත්කුඩු ද සමග පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව උඩවලව විශේෂ කාර්ය බළකා කඳවුර පවසයි. 07 August 2022
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026