සියයට 25 අධිභාරය නවති අයවැයෙන් යෝජිත සියයට 25 අධිභාර බද්ද සේවක අර්ථසාධක අරමුදලෙන් සහ සේවක භාරකාර අරමුදලෙන් අය නොකරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (14) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත . 15 February 2022
හොරෙන් දුම්වැටි ගෙනත් වසර හතරක් හිරගෙට ලීබඩු ආනයනය කරන මුවාවෙන් රුපියල් දස කෝටි පනස් ලක්ෂයක වටිනාකමකින් යුත් විදේශීය සිගරට් ලක්ෂ 420ක් මෙරටට ගෙන්වා දුම්කොළ බදු පනත ප්‍රකාරව වරදක් සිදුකර අධිකරණය හමුවේ වරදකරු වූ ව්‍යාපාරිකයින් දෙදෙනකුට වසර හතරක බරපතල වැඩ සහිත සිරදඩුවමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය ඊයේ (14) නියම කළාය. 14 February 2022
12 හැවිරිදි දරුවාගේ කටට වෙඩි තියලා කොස්ලන්ද කැළිපනාවෙල ප්‍රදේශයේ දී 12 හැවිරිදි දරුවකුගේ කටට බෙහෙත් කොටන තුවක්කුවකින් වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇත. 14 February 2022
විභාග දීමනා කැපුවොත් තීන්දුවක් ගන්නවා අපොස උසස් පෙළ විභාගයේ පරිපාලන රාජකාරිවල නිරතව සිටින නිලධාරීන්ගේ දීමනා බරපතල ලෙස කප්පාදුකර කිරීමට විරෝධය පළකරන බවත් වගකිවයුතු ගුණාත්මක ඇගයීම් සේවාවක් පවත්වාගැනීමට ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන වෙන්නොකරන්නේ නම් අධ්‍යාපන ක්ෂේත්රයේ සෙසු සංගම් ඒකාබද්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් ලංකා ගුරුසේවා සංගමය අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ලිඛිතව දැනුම් දී තිබේ. 14 February 2022
අසුචි ප්‍රහාරය - මාලක අත්අඩංගුවට ගැනීම අගරදගුරු හෙළා දකියි සිවිල් සමාජ ක්‍රියාකාරියකු වන ෂෙහාන් මාලක ගමගේ සහ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවෙසට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධීන් දෙක කොළඹ අගරදගුරුතුමා හෙළාදකින බව කොළඹ අගරදගුරු පදවියේ සන්නිවේදන කමිටුවේ සාමාජික සිරිල් ගාමිණි පියතුමෝ පැවැසූහ. 14 February 2022
කැබිනට් ඇමැතිවරුන්ගේ වගකීම ජනපති කියයි වැඩකටයුතු පහසු කිරීම සඳහා රාජ්‍ය අමාත්‍යවරුන්ට විෂය වෙන්කර දී ඇතත් අමාත්‍යංශවල අවසන් වගකීම ඇත්තේ කැබිනට් අමාත්‍යවරුන්ට බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (14))රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත . 14 February 2022
සී.අයි.ඩී හිටපු ලොක්කෙක් ගැන විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලයක් දැරූ පොලිස් නිලධාරියකුට එරෙහිව විමර්ශන රැසක් සිදුකරන බව එම දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. 14 February 2022
ගුවන් හමුදාව ගොයම් කපන්න කුඹුරට බසියි මෙරවැව, කනුගහවැව සහ අම්පාර ප්‍රදේශවල අඩු ආදායම් ලාභී ගොවි පවුල්වල මෙම කන්නයේ ගොයම් අස්වැන්න ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බහුකාර්ය ගොයම් කැපීමේ යන්ත්‍රවලින් නොමිලයේ නෙළාදීමේ ව්‍යාපෘතියක් ගුවන් හමුදාව ආරම්භ කර තිබේ. 14 February 2022
සුව වර්ජනය ගැන තීන්දුව හෙට සෞඛ්‍ය වෘත්තීය වේදීන් ආරම්භ කර තිබෙන අඛන්ඩ වැඩ වර්ජනය නතර කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් හෙට තීන්දුවක් ගන්නා බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා පවසයි. 14 February 2022
ලොවපුරා යන කොරෝනා අලුත්ම තත්ත්වය ලොවපුරා යන ඔමික්‍රොන් රැල්ලේ සති කීපයක වාර්තා සැකසීමේදී මෙම රැල්ල වේගයෙන් සමනය වෙමින් පවතින බව කැනඩාවේ ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා සිදු කළ සමීක්ෂණයකින් තහවුරු වී ඇත. 14 February 2022
කොරෝනා මරණ වැඩි වීමක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 36 දෙනකු ඊයේ (13) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (14) තහවුරු කළේය. 14 February 2022
කෝර්න්වෝල් ආදිපාදවරිය කැමිලා පාකර්ට කොරෝනා කෝර්න්වෝල් ආදිපාදවරිය කැමිලා පාකර්ට කෝවිඞ් 19 ආසාදනය වී ඇතැයි ”ක්ලැරන්ස් හවුස්” නිවේදනය කරයි. 14 February 2022
විභාග මධ්‍යස්ථානය ඉදිරිපිට විරෝධතාවට පොලිසියෙන් පොල්ලක් උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට බාධාවන අයුරින්ම හනුවර නගරයේ විභාග මධ්‍යස්ථානයක් ඉදිරිපට විරෝධතාවක් පැවැත් වූ කම්කරු සංවිධානයක් විසුරුවා හැරීමට මහනුවර පොලිිසිය කටයුතු කළේය. 14 February 2022
හොර වෙදා මත් පෙති සමග මාට්ටු වෛද්‍යවරයකු ලෙස පෙනි සිටිමින් ප්‍රදේශයේ තරුණයන්ට මත්පෙති අලෙවි කිරිමේ ජාවාරමක නිරතව සිටි ජාවාරම්කරුවෙක් හැටන් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 14 February 2022
‘‘ දෝෂ හදා දුම්රිය මැදිරි ධාවනයට යොදවන්න‘‘ දැනට ආනයනය කර ඇති දුම්රිය මැදිරිවල තාක්ෂණික දෝෂ නිවැරදි කර වහාම ධාවනයට යොදවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රවාහන නිලධාරිනට අද උපදෙස් දුන්නේය. 14 February 2022
සුව සේවක වර්ජනයෙන් ගර්භණියන් - කුඩා දරුවන් අමාරුවේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ අඛණ්ඩ වැඩ වර්ජනය හේතුවෙන් ගර්භණී මාතාවන්ගේ සහ ළමයින්ගේ සායන කටයුතු නතර වීම නිසා ඔවුහු දැඩි අපහසුතාවයට පත්ව සිටිති. 14 February 2022
පාස්කු ප්‍රහාරය ගැන ප්‍රකාශයක් කළ අයකු අත්අඩංගුවට මාධ්‍ය හමුවක් පවත්වමින් පාස්කු ප්‍රහාරය ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ බව කියන සිද්ධියකට අදාළව සිවිල් ක්‍රියාකාරිකයකු වන ශෙහාන් මාලක ගමගේ නැමැති අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද (14) සවස පානදුරේ දී අත්අඩංගුවට ගනු ලැබීය. 14 February 2022
වෙඩි සද්ද සමඟ ගල් මුල් වරුසාවක් එල්ල වුණා තමා බිරිඳ සහ දියණිය නිවෙසේ නිදාගෙන සිටියදී අලුයම 2ට පමණ හතර වටින් ඇසුණු විශාල වෙඩි සද්ද සමඟ නිවෙසට ගල් මුල් වරුසාවක් එල්ලවූ බව ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා ලංකාදීපයට පැවැසීය. 14 February 2022
ආරච්චිකට්ටුවේ අනතුරින් දෙකක් මරුට පුත්තලම - කොළඹ මාර්ගයේ ආරච්චිකට්ටුව ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් දෙදෙනකු මිය ගොස් ඇති බව බව ආරච්චිකට්ටුව පොලීසිය කියයි. 14 February 2022
බොරැල්ලේ බෝම්බ සිද්ධියට වෛද්‍යවරයා රිමාන්ඩ් බොරැල්ල සියළු සාන්තුවරයන්ගේ දේවස්ථානය ට ජීව අත්බෝම්බයක් තැබීමේ සිද්ධියට අදාළව රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන සිටි පිළියන්දල පදිංචි වෛද්‍යවරයා ලබන 28 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද (14) නියෝග කළාය. 14 February 2022
ගංගාරාමයේ නවම් මහා පෙරහැර හෙට සහ අනිද්දා කොළොම්පුර මහා කලා මංගල්‍ය හෙවත් කොළඹ, හුණුපිටිය ගංගාරම විහාරස්ථානයේ නවම් මහා පෙරහර හෙට (15) සහ අනිද්දා (16) රාත්‍රී 7.00 සිට වීදි සංචාරය කෙරේ. 14 February 2022
විදුලි ඇමැති වෛද්‍ය පරික්ෂණයට සිංගප්පූරු යයි විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා සිංගප්පූරුවට පිටත්ව ගියේය. 14 February 2022
කරඬු සොරකමේ පරික්ෂණ සී.අයි.ඩීයට රඹුක්කන දැලිවල කොටවෙහෙර රජමහා විහාරස්ථානයේ ධාතු මන්දිරයේ තිබූ ඓතිහාසික වටිනාකමකින් යුතු රන් සහ පළිඟු කරඬු 9ක් සොරාගැනීමට සිද්ධියේ පරීක්ෂණ අද (14) සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි. 14 February 2022
චමුදිතට එල්ල වූ ප්‍රහාරය ගැන අපක්ෂපාති පරීක්ෂණයක් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ල වූ ප්‍රහාරය වැනි සිද්ධීන් සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිවිටක දේශපාලන වශයෙන් මැදිහත් නොවන බවත් එම සිද්ධිය පිළිබඳව අපක්ෂපාති පරීක්ෂණයක් පැවැත්වෙනු ඇති බවත් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (14) පැවසීය. 14 February 2022
‘‘උසාවි නියෝගවලට පිටුපාන වෘත්තිය සමිති ක්‍රියාකාරින් අත්අඩංගුවට ගත යුතුයි‘‘ අධිකරණ නියෝග නොතකමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වල යෙදෙන පුද්ගලයන් අත්අඩංගුවට ගත යුතු බව ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පැවසීය. 14 February 2022
අක්‍රීය වූ විදුලි බලාගාර දෙක යථා තත්වයට තාක්ෂණික දෝෂයක් හේතුවෙන් දින දෙකක් අක්‍රීයව පැවැති කෙරවලපිටිය බටහිර වෙරළ විදුලි බලාගාරය සහ සොජිට්ස් විදුලි බලාගාරය අද (14) පස්වරුවේ යථා තත්වයට පත්කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික එරංග කුඩාහේවා මහතා අද පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය. 14 February 2022
සෞඛ්‍ය බලධාරීන් හදිසි සාකච්ඡාවක සෞඛ්‍ය වෘත්තීයවේදීන් දින අටක් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් සිටින වැඩවර්ජනයට විසඳුම් සෙවීම සඳහා සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ ජනධිපති ලේකම්වරයා ප්රමුඛ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ මේ වන විට හදිසි සාකච්චාවක් ආරම්භ වී තිබේ. 14 February 2022
පාර්ලිමේන්තුවේ ප්‍රධානීන් තිදෙනකු ඇතුළු 28කට කොවිඩ් පාර්ලිමේන්තුවේ අංශ කීපයක ප්‍රධානීන් තිදෙනකු ඇතුළු සේවකයන් තවත් 28 දෙනකුට කොවිඩ් ආසාදනයවී ඇතැයි අද (14) තහවුරුවී ඇත. 14 February 2022
’’දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට දහයක් බොල් ණය’’ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට දහයක් පමණ මේ වන විට බොල් ණය තිබෙන අතර එම ප්රශ්නය විසඳුවෙි නැතිනම් බැංකු ක්‍රමය කඩා වැටීමේ අවදානමක් තිබෙන බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 14 February 2022
පි.එච්.අයි රුපියල් 5000 තනතුර පාවා දෙයි පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා එම රෝහල් පරිශ්‍රයේ පිහිටි ආපන ශාලවේ හිමිකරුගෙන් රුපියල් පන්දහසක අල්ලස් මුදලක් ගනින්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි. 14 February 2022
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026