(ඩයනා උදයංගනී)
උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්‍ථානවලට අද (26) මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි
බස්නාහිර, සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ද ඔහු පැවසීය.
ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු සිදුවිය හැකි බැවින් ජනතාව අනතුරු අවම කරගැනීමට ක්‍රියා කළ යුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ එම ප්‍රකාශකයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd