ශ්‍රීලනිපයේ තවත් කීප දෙනක්ට රාජ්‍ය ඇමති ධූර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු රාජ්‍ය අමාත්‍ය ධුරවල ඉදිරියේදී දිවුරුම් දෙන බව කෘෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 25 May 2022
ඉන්දියාෙව් මන්ත්‍රී නිවාස ගිනි තියලා ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ අමලපුරම් නගරයේ විරෝධතා පැවැත්වූ වැසියන් පිරිසකට පොලිසිය හරස් වීමත් සමඟ එම විරෝධතා ප්‍රචණ්ඩකාරී විය. 25 May 2022
මන්ත්‍රීවරුන්ගේ උපකරණවලට මුදල් ගෙවීමත් නවතියි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පසුගිය කාලයේදී සිය කාර්යාලයීය අවශ්‍යතා සඳහා මිලදී ගත් විවිධ උපකරණ වෙනුවෙන් මුදල් ගෙවීම මහ භාණ්ඩාගාරයෙන් මුදල් නිකුත් නොකිරීම නිසා මෙතෙක් කළ නොහැකි වී ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ. 25 May 2022
කැස්බෑව නගරාධිපති නිවසට පහර දීමේ සිද්ධියට 27 අත්අඩංගුවට කැස්බෑව නගරාධිපති ලක්ෂ්මන් පෙරේරා මහතාගේ මඩපාත නිවසට පහර දී ගිනි තබා දේපල කොල්ල කෑමට සම්බන්ධ කාන්තාවක් ඇතුළු 27 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය කියයි 25 May 2022
ඖෂධ ගන්න ක්‍රිකට් ආයතනයෙන් කෝටි 73ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රිජ්වේ ආර්යා ළමා රෝහලට සහ මහරගම අපේක්ෂා රෝහලට අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට ඇමරිතානු ඩොලර් මිලියන 2 ක් (රුපියල් කෝටි 73) ප්රදානය කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා ‘ලංකාදීප’යට පැවසීය. 25 May 2022
ස්වාධීන මන්ත්‍රී සංසදයෙන් ජනපතිට ලිපියක් මෙරට ඉකුත් 09 දා සිට ඇතිවූ කලහකාරී තත්වය පිළිබඳ සෙවීමට විශේෂ ජනාධිපති කොමිසමක් (සත්‍ය කොමිසමක්) පත්කරන්නැයි ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර ඇත. 25 May 2022
’’සිටි හොටෙල් කලම්බො’’ හෝටලයට හානි කළැයි 2ක් රිමාන්ඩ් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් කොළඹ කොම්පඤ්ඤවීදියේ පිහිටි ’’සිටි හොටෙල් කලම්බො’’ හෝටලයට ඉකුත් 9 වැනිදා ප්‍රචණ්ඩකාරී ලෙසින් හැසිරී අනර්ථයක් සිදු කළැයි කොම්පඤ්ඤවීදිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු ලබන 6 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (25) නියෝග කළේය. 25 May 2022
ඉන්ධන රැස්කළ 137 ක් අත්අඩංගුවට නීති විරෝධීව ඉන්ධන රැස් කළ පුද්ගලයින් 137 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව පැවසීය. 25 May 2022
සති හයකින් අන්තර්කාලීන අයවැයක් සති හයක් ඇතුළත තම රජය අන්තර් කාලීන අයවැයක් ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 25 May 2022
'රනිල් ආවෙි රාජපක්ෂලාගෙන් රට බෙිරා ගන්න' රනිල් බලයට ආවේ රාජපක්ෂවරුන් බේරා ගැනීමට නොව රාජපක්ෂවරුන්ගෙන් රට බේරා ගැනීමට බව එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය. 25 May 2022
වරාය අධිකාරියේ සභාපති ගැන ඉංජිනේරුවෝ ඇමතිට ලියති ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය ආයතන ව්‍යූහය සහ බදවාගැනීමේ පටිපාටිය අත්තනෝමතිකව වෙනස් කරමින් ක්‍රියාකිරීම පාලනය සඳහා මැදිහත් වන ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉංජිනේරු සංගමය, වරාය හා නාවික අමාත්‍යවරයාගෙන් ලිපියක් මගින් ඉල්ලා තිබේ. 25 May 2022
ගොවීන්ට රස්තියාදු නොවී ඉන්ධන ගන්න වැඩපිළිවෙළක් යල කන්නයේ වී ගොවිතැන සඳහා අවශ්‍ය ඉන්ධන කඩිනමින් ගොවීන්ට ලබාදීම සඳහා වැඩපිළිවෙළක් සකස් කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 25 May 2022
ලෝක බැංකුවෙන් රතු එළියක් අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට මුදල් නොමැතිව සිටින ශ්‍රී ලංකාවට නිශ්චිත සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් සකස් කරන තෙක් නව මූල්‍ය පහසුකම් සැපයීමට සැලසුම් නොකරන බව ලෝක බැංකුව ඊයේ (24) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 25 May 2022
තර්ජන හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් 40 ක් වහයි හිමිකරුවන්ට සහ සේවකයන්ට බලපෑම් එල්ල වීම නිසා ඉන්ධන පිරවුම්හල් 40 ක් පමණ වසා ඇතැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි. 25 May 2022
අගමැති මුදල් ඇමති ලෙස දිවුරුම් දෙයි මුදල් ,ආර්ථික ස්ථායිතා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධුරයෙහි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්නේ ය. 25 May 2022
ඇමෙරිකන් පාසලක වෙඩි තැබීමක් ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ ප්‍රාථමික පාසලක සිදුවුණු වෙඩි තැබීමකින් 21 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 25 May 2022
පළාත් රැසකට විටින් විට වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑලිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 25 May 2022
ලක්ෂ 46 ලාභයක් ගන්න ගිය ඉන්ධන හලට වුණ දේ ඉන්ධන ලීටර් 50,000 ආසන්න ප්‍රමාණයක් සඟවාගෙන සිට නව මිළට අලෙවි කිරීමට තැත්කළ මුල්ලේරියාව ගල්වාන හංදිය ඉන්ධන පිරවුම් හලක්, ඛණිජ තෙල් නීතිගගත සංස්ථාව හා මුල්ලේරියාව පොලිසිය එක්ව අද (24) වටලා එහි තිබු සියලු ඉන්ධන තොග ජනතාව වෙත පැරණි මිළටම අලෙවි කරන ලෙසට නියොග කළ බව මුල්ලේරියාව පොලිසිය පවසයි. 25 May 2022
මැයි 9 ප්රචණ්ඩ ක්‍රියා ගැන ජනාධිපති කොමිසමක් ඉල්ලයි අරලිගහ මන්දිරය සහ ගාලුමුවදොර කේන්ද්‍රකරගනිමින් පසුගිය 9 වැනිදා ඇතිවූ සිද්ධියත් සමඟ රට තුළ දියත් වූ ප්රචණ්ඩත්වය සම්බන්ධයෙන් සොයා එම අපරාධවලට දඩුවම් නිර්දේශ කිරීම සඳහා සුදුසු ආකාරයේ බලයක් ඇති විශේෂ ජනාධිපති කොමිසමක් පත්කරන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ අටක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. 25 May 2022
මෙන්ඩිස් සමාගම එකම දේපළකට බැංකු දෙකකින් කෝටි 700ක් අරගෙන සිමාසහිත ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගමේ එකම දේපළක් රාජ්‍ය බැංකු දෙකකට ඇපයට තබා රුපියල් කෝටි 700 ක ණය මුදලක් ලබාගෙන ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ( කෝප් කමිටුව) තොරතුරු හෙළිවී ඇත. 25 May 2022
මන්ත්‍රී ගෙනා අමාත්‍යංශ වාහනය ප්‍රචණ්ඩකාරීන් පහරදි විනාශ කළ පසු පොලිසියේ දමා ගිහින් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා සහ ඔහුගේ ආරක්ෂකයා පැමිණී වෙළෙඳ අමාත්‍යාංශයට අයත් වී 8 වර්ගයේ ජීප් රථය කොළඹදී ඉකුත් 09 වැනිදා ඇතිවූ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලදී විනාශයට පත්වීමෙන් පසු පොලීසියට දමා ගොස් තිබියදී හමුවූ බව කුරුදුවත්ත පොලීසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඉදිරියේ අද (24) කරුණු වාර්තා කළේය. 24 May 2022
ද්විත්ව පුරවැසියන්ට වැට බඳින 21 මෙන්න ද්විත්ව පුරවැසියන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් පත් කිරීම සුදුසු නැති බවට වන වගන්තියක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙි 21වැනි සංශෝධනයට ඇතුළත් කර තිබේ. 24 May 2022
මැති ඇමැති හයකගේ ගමන් බලපත් අධිකරණය බාරයට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්වන නාමල් රාජපක්ෂ, පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන යන මහත්වරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 06 දෙනකු සිය විදේශ ගමන් බලපත්‍ර කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට අද භාරදී තිබේ. 24 May 2022
නව ලේකම්වරු 23ක් පත් වෙති කැබිනට් අමාත්‍යාංශ සඳහා නව ලේකම්වරු 23 දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද පත්කරනු ලැබූහ. 24 May 2022
අපේ විරුවෝ 100ක් මාලි බලා යති එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා යුද්ධ හමුදාවේ සියයක කණ්ඩායමක් මාලි රාජ්‍යය බලා පිටත්ව ගියහ. 24 May 2022
ප්‍රතිපත්තිමය තීරණවලට පක්ෂ භේදයක් එපා ශ්‍රී ලංකා මහ බැංකුවේ යහපත් ප්‍රතිපත්තිමය තීරණයන්ට පක්ෂ භේදයකින් තොරව සහය ලබා දෙන්නැයි දේශපාලන අධිකාරියෙන් ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී අද පැවසීය. 24 May 2022
හෙටත් ගෑස් දෙන්නේ නෑ ගෘහස්ථ ගෑස් බෙදාහැරීම හෙට (25) දිනයේ ද ක්‍රියාත්මක නොවන බව ලිට්රෝ ගෑස් සමාගම අද (24) පස්වරුවේ නිවේදනය කළේය. ඒ අනුව බර ප්‍රමාණ තුනේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර නිකුත් නොකරන බව ද එම සමාගම වැඩි දුරටත් කීය. 24 May 2022
නව වැනි දා විනාශ වූ වාහන ගැන අධිකරණයට කරුණු දක්වයි ගාලුමුවදොර සහ කොල්ලුපිටියේ සාමකාමී අරගලයට පහරදීමේ සිද්ධියෙන් පසු ඇති වූ ප්‍රචන්ඩකාරි සිදුවීමෙන් විනාශයට පත් වාහන සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද කරුණු වාර්තා කළේය. 24 May 2022
ස්ථිර මාර්ග බාධක ඉවත්කරන්නැයි පෙත්සමක් කොළඹ නගරය තුළ ඉදිකර ඇති ස්ථීර මාර්ග බාධක ඉවත් කරන ලෙස පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනුකර ඇති පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා ලබන ජුනි මස 22 වන දින කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) නියෝග කළේය. 24 May 2022
කොත්තු, රයිස් සහ බත් මිල සියයට 10කින් ඉහළට කොත්තු, රයිස් සහ බත් පැකට්ටුවක මිල සියයට 10 කින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය. 24 May 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026