(යොහාන් භාසුර)

විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සහ නේවාසිකයන් ශ්‍රී ලංකාවට එවන සහ පැමිණිමේදී කැටුව නොඑන ගමන්මලු සහ භාණ්ඩ ආනයනය කිරීමේදී භාණ්ඩ අස්ථානගත වීම සහ හානිවීම් පිළිබඳව රේගුවට ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවත් ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට භාණ්ඩ එවීමේදී ශ්‍රී ලංකා රේගුවේ ලියාපදිංචි ආයතන හරහා පමණක් කළ යුතු බවත් ශ්‍රී ලංකා රේගුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

භාණ්ඩ අස්ථානගත වීම සහ හානිවීම ලියාපදිංචි නොවූ ආයතනය හරහා භාණ්ඩ එවීමේදී අස්ථානගත වීම සහ හානිවීම් වීමේ වැඩි අවස්ථාවක් ඇති බව රේගුව කළ පරීක්‍ෂණවලදීහෙළි වී ඇති බව ද රේගුව නිවේදනයෙන් වැඩි දුරටත් දැනුම් දෙයි.