කමිටු බලය වැඩි කිරිමට විශේෂ කෙටුම්පතක් කතානායකට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) සහ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා විසින් පසුගිය වසර කිහිපයේදී කෙරුණු නිර්දේශ දහස් ගණනක් හමස් පෙට්ටියට ගොස් ඇතැයි වාර්තා වෙයි. 26 May 2022
’’ගෝඨා ගෝ ගම’’ අදහස් අහන්න අගමැති කාර්යාලයෙන් වෙබ් අඩවියක් ’’ගෝඨා ගෝ ගම’’ අරගලකරුවන් මෙන්ම රට පුරා වෙනසක් ඉල්ලන තරුණ තරුණියන්ගේ ගැටලු හා යෝජනා ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය කාර්යාලය වෙබ් අඩවියක් හදුන්වා දී ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි. 26 May 2022
මෝටර් රථ-යතුරුපැදි ලියාපදිංචියේ විශාල අඩුවක් මෙම වසරේ පසුගිය මාස හතරේ වාහන සහ යතුරුපැදි නව ලියාපදිංචි කිරීමේ විශාල පහත බැසීමක් ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. 26 May 2022
‘මහ බැංකුවට කාය වර්ධන උපදේශකයෙක් බඳවා ගැනීම නවත්වයි‘ ශ්‍රී ලංකා මහ බැංකුව සඳහා කායවර්ධන උපදේශකවරයෙක් බඳවා ගැනීම වහාම නතර කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(26) උපදෙස් දුන්නේ ය. 26 May 2022
කෝටියක කසිප්පු-උපකරණ සමඟ 4ක් දැලේ කටුනායක පොලිස් ඉතිහාසයේ විශාලතම කසිප්පු වැටලීම ඉකුත් සිදු කරමින් රුපියල් කෝටියක් පමණ වටිනා නීතිවිරෝධී කසිප්පු තොගයක් සහ ඒවා පෙරීම සදහා භාවිතා කළ උපකරණ විශාල තොගයක් අත් අඩංගුවට ගෙන ඇති බව කටුනායක පොලීසිය කියයි. 26 May 2022
මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ ලබන සතියේ දී එති ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණෙති. 26 May 2022
මහින්ද ආපහු එනවා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා යළි පැමිණෙනු ඇතැයි හිටපු රාජ්‍ය අමාත්‍ය බී හේරත් මහතා පැවසීය. 26 May 2022
රුපියල ශත 34කින් බාල්දු වෙයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයේ අද (26) ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ශත 34 කින් ඉහළ ගියේය. 26 May 2022
රාජකාරි සීමා කළත් වැටුප් කප්පාදුවක් නෑ රාජ්‍ය සේවකයන් රාජකාරි සඳහා කැඳවීම සීමා කර ඇතත් ඔවුන්ගේ වැටුප් කප්පාදුවක් සිදු නොකරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි 26 May 2022
‘රටේ ප්‍රශ්න විසඳීමට මැතිවරණ කොමිසමෙනුත් තල්ලුවක්‘ මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් හෙට (27) පැවැත්වීමට නියමිතය. 26 May 2022
ඩෙංගු යළි හිස ඔසවයි පවතින වැසි සහිත කාලගුණ තත්වයත් සමඟ ඩෙංගු රෝගය සීඝ්රයෙන් පැතිර යන බව ඩෙංගු මර්දන ඒකකය පවසයි. 26 May 2022
පොලීසියට පාට් දැමූ පොහොට්ටුවේ මන්ත්‍රීට වැඩ වරදී පහරදීමක් හා තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අත්තනගල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයෙකු අඩංගුවට ගත් බව අත්තනගල්ල පොලීසිය පවසයි. 26 May 2022
පියා සහ දරුදෙන්නා වැවට බිලි මහියංගණ දම්බරාව පොඩිවැව විනෝදයට මසුන් ඇල්ලීමට ගිය විශ්‍රාමික යුදහමුදා නිළධාරියකු හා දරුවන් දෙදෙනා එම වැවේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බවට මහියංගණ පොලිසිය පවසති. 26 May 2022
ඩොලර් ඉතිරි කරන හැටි පරිපාලන නව ලේකම් කියයි රට තුළ ඩොලර් ඉතිරි කරගැනීම සඳහා රාජ්‍ය සේවය ‘ඊ රාජ්‍ය සේවාවක්’ බවට පරිවර්තනය කිරීමේ අවශ්‍යතාවයක් මතුව ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වැඩ බාරගත් ප්‍රියන්ත මායදුන්න මහතා පැවසීය. 26 May 2022
ගුවන් යානා තෙල් ගැටළුවට දැන්ම සිට විසඳුම් සොයා යයි ගුවන් යානා සදහා ඉන්ධන ලබා ගැනීමේදී සිදු විය හැකි ගැටළු අවම කර ගැනීම සදහා විකල්ප විසදුමක් ලෙස ඉන්දියාවේ චෙන්නායි , ඩුබායි සහ සිංගප්පූරුව වැනි ගුවන් තොටුපළ වෙත ගුවන් යානා යොමු කිරීමට ගුවන් සේවා සමාගම් කටයුතු කරන බව ශ්‍රී ලංකා ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කරයි. 26 May 2022
මහින්දගෙන් සි.අයි.ඩිය ප්‍රශ්න කරයි අරලියගහ මන්දිරය සහ ගාලුමෝදර දේශයේදී ඉකුත් (9) ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධිය සහ . එයට මුල් වූ හේතු සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (25) පැය තුනක ප්‍රකාශයක් ලබාගෙන ඇත. 26 May 2022
පළාත් රැසකට අදත් තද වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑලිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (26) දිනයේත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 26 May 2022
21 නොගෙනාවොත් ජනතාව කුපිත වේවි 19 වැනි සංශෝධනය ශක්තිමත් කර ප්රජාතන්ත්රවාදී රටක් වශයෙන් බලවත් රටවල් වල විශ්වාසය දිනාගෙන ආධාර උපකාර ලබා ගැනීමට හැකිව තිබියදී පොදුජන පෙරමුණේ එක් පාර්ශවයක් මෙම සංශෝධන වලට එකඟ නොවීමෙන් ඔවුන්ගේ බලලෝභී දේශපාලනය පෙන්නුම් කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා කොළඹ දී ප්‍රකාශ කළේය. 26 May 2022
මන්ත්‍රී අමරකීර්තිගේ පෞද්ගලික ආරක්ෂකට වෙඩි තැබූ සැකකරු අල්ලයි නිට්ටඹුව ප්‍රදේශයේ දී පසුගියදා ඝාතනයට ලක් වු පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරාල මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන්වරයාට ඔහුගේ රාජකාරි පිස්තෝලයෙන් වෙඩි තැබීම සහ එම පිස්තෝලය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවකු නිට්ටඹුව ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 25 May 2022
දේශබන්ධු මාරු නොකළාට පොලිස්පතිට උත්තර දෙන්න වෙයි ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති සාමකාමී විරෝධතා ව්‍යාපාරවල සිටි පිරිසට පහරදීමේ සිද්ධියට අදාළ විමර්ශනවලට බාධා වන බව සඳහන් කරමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනත් ප්‍රදේශයකට ස්ථාන මාරු කර යවන ලෙසට නිතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබාදෙනු ලැබ තිබියදීත් එම උපදෙස ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් වහාම අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පොලිස්පති සී. ඩී 25 May 2022
සනත් -මිලාන් - සමන්ලාල් ඇතුළු පිරිස තවදුරටත් රිමාන්ඩ් ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති සාමකාමී විරෝධතා ව්‍යාපාරවල සිටි පිරිසට පහරදීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිෙම්න්තු මන්ත්‍රී සනත් නිශානත් සහ මිලාන් ජයතිලක ඇතුළු සැකකරුවන් 1 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (25) නියෝග කළේය. 25 May 2022
බස්වලට ඩීසල් ගහද්දී පොම්පකරුවන් පගාව ඉල්ලනවා අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු බස් රථ ධාවනයෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කොළඹදී අද (25) පැවසීය. 25 May 2022
අගමැතිවරයා ලෙස වගකීම බාර ගන්න මම අදත් සූදානම් අගමැතිවරයා ලෙස වගකීම් භාර ගෙන පිරිසිදු පාලනයක් ගෙන යාමට තමන් අද දිනයේත් සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී අද (25) පැවසීය. 25 May 2022
මුහුණු පොතේ ‘ගෝ ෆන්ඩ් මී’ ව්‍යාපෘතියට අගමැති කාර්යාලය සම්බන්ධ නෑ අග්‍රාමාත්‍ය කාර්යාලය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ කරගෙන go fund me ව්‍යාපෘතිය නමින් මුහුණු පොතේ ගෙන යන ප්රචාරක වැඩසටහන සහ රැකියා ලබාදෙන බව පවසා වංචනිකයින් විසින් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ කිසිදු සම්බන්ධයක් නොමැති බව එම කාර්යාලය අවධාරණය කරයි. 25 May 2022
ඉන්ධන සහනාධාර නොලැබුණොත් ලංකාවේම ධීවර යාත්‍රා නවතී දිනෙන් දින ඉහළ යන ඉන්ධන මිල හමුවේ තම රැකියාව කරගෙන යාමේ අසිරුතාවයක් පවතින බවත් රජය ඉන්ධන සහනාධාරයක් ලබා නොදුනහොත් සමස්ථ දිවයිනේම බහුදින යාත්‍රා හිමියන් ධිවර කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමය පවසයි. 25 May 2022
ව්‍යවසායකයින් ගොඩගන්න වැඩපිළිවෙළක් ඉක්මනින් හදන්න පවතින ආර්ථික අර්බුදය හමුවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නගාසිටුවීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා එක්සත් ජාතික ව්‍යාපාරිකයන්ගේ සංසදයේ සභාපති ටානියා විජේසුන්දර මහත්මිය කොළඹදී අද (25)පැවසුවාය. 25 May 2022
1990 සිහිපත් කිරීමක් රටපුරා ඉන්ධන අර්බුදයක් පවතින මොහොතක හදිසි රෝගාබාධ තත්ත්වයකදී 1990 ඇමැතීමෙන් ඉතා ඉක්මනින් නොමිලේ ගිලන් රථයක් ගෙන්වා ගැනීමට හැකියාව ඇත. 25 May 2022
ආර්ථික අර්බුද ඇතිකළ අය සොයන්න විශේෂ කාරක සභාවක් වත්මන් ආර්ථික අර්බුදය ඇතිවීමට බලපෑ සහ වගකීම් පැහැර හරින ලද නිලධාරීන් ඇතුළු සියලු දෙනා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා සුදුසු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සදහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන්නයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් ) සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා අද (25) නිර්දේශ කළේය. 25 May 2022
හෙටත් ගෑස් දෙන්නේ නෑ ගෘහස්ථ ගෑස් බෙදාහැරීම හෙට (26) දිනයේ ද ක්‍රියාත්මක නොවන බව ලිට්රෝ ගෑස් සමාගම අද (25) පස්වරුවේ නිවේදනය කළේය. 25 May 2022
හිඟ ඖෂධ මොනවාදැයි ඉක්මනට කියන්න ලංකාව සතුව පවතින අත්‍යවශ්‍ය ඖෂධ වර්ග සහ හිඟ ඖෂධ වර්ග පිළිබඳ වහාම ලේඛනයක් ඉදිරිපත් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශය අද (25) දැනුම් දුන්නේය. 25 May 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026