
(විමුක්ති එස් රුද්‍රිගු)
යුක්රේනයේ රුසියානු හමුදා ග්‍රහණයේ සිටි ශ්‍රී ලාංකිකයන් 7 දෙනාගෙන් හතර දෙනෙක් වෛද්‍ය සිසුන් බවත් තුන් දෙනෙක් ශ්‍රමිකයන් බවත් ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය පවසයි.
එම ශ්‍රී ලාංකිකයන්ගේ අනන්‍යතාවය ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය අනාවරණය කළේය. ඒ අය නමින් නිලෝජන් වසන්තකුමාර් (20),උදයකමර් මේරි එඩිඩ් ප්‍රේමා (50),ශාරුජන් ඥානේෂ්වරන් (25), තිනීස් ජොකෙන්තිරන් (34), දිලුක්ෂාන් රොබට්ක්ලයිව් (25), දිලුජන් පත්තිනජකන් (20), අයිංකරනාදන් ගනේෂමූර්ති (38) නම් වේ.
මෙම සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ යුක්රේන පොලිසියේ පරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානියාද මුදවා ගත් ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් පැවැත්වූ මාධ්‍ය හමුවට සහභාගී විය.එහිදී ශ්‍රී ලාංකිකයන් 7 දෙනා වධ හිංසා වලට ලක්ව ඇතැයි ප්‍රකාශ විය.
මෙම පිරිස වොව්චාන්ස්ක් නගරයේ තවත් යුක්රේන ජාතිකයින් 20 දෙනකු සමග රඳවාගෙන සිටි බව පැවැසෙයි.එහිදී මොවුන් සනීපාරක්ෂක සේවකයින් ලෙස සේවය කළ බව ප්‍රකාශ කර ඇත.පිරිමි හයදෙනා උඩුමහලේ විශාල කාමරයක රඳවා ගෙන සිටි බවත් කාන්තාව කලුවර කුටියක රඳවාගෙන සිට ඇත.
මොවුන් රඳවාගෙන සිටි කාර්මාන්ත ශාලාව වධකාගාරයක් බව යුක්රේන පොලිසිය පවසා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩයස් පෝරා නාඩගම ලංකාව, රුසියාව කොටවන්න...
ලංකාවේ දේශපාලු අමාත්‍ය මේක ගැනත් රටේ ජනතාවට කිව්වේ පට්ටපල් බොරුවක් නේ. ඔවුන් සියලු දෙනා අනවසරයෙන් යුරෝපයට යන්න ගිය සංචාරකයන් කිව්වා. ඉතින් මේ ඇමැතිලාගෙන් රටේ ජනතාවට වැඩක් තියේද?
අනිවාර්යයෙන්ම මේක කොටි ඩයස්පෝරාව අටවපු උගුලක්. රජය මේගැන ඉතා වගකීමෙන් ක්‍රියාකළ යුතුයි. නැත්නම් නැවත වතාවක් රුසියාව අමනාප කරගන්නවා කොටි නිසා...