(නිමල කොඩිතුවක්කු)
ඖෂධ හිඟය මෙන්ම වෛද්‍යවරුන්ගේ හිගයෙන් සෞඛ්‍ය පද්ධතියට විශාල බලපෑමක් හටගෙන ඇතැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා කොළඹදී අද(25) පැවසීය.
ඉතා දරුණු ඖෂධ හිගයක් රජයේ රෝහල්වලත් පුද්ගලික අංශයේත් පවතින බවත් බොහෝ ඖෂධ ෆාමසි මගින් මුදල් දී ලබාගැනීමටවත් නොමැති බවත් සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.
පිළිකා වලට අවශ්‍ය ඖෂධ, ජීවිත ආරක්ෂක ඖෂධ ඇතුලු අත්‍යවශ්‍ය ඖෂධ රැසක් හිඟ වීමෙන් රෝගීන් දැඩි පීඩාවට පත්ව ඇති බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
මෙවැනි දරුණු ඖෂධ හිගයක් ලංකා ඉතිහාසයේ කිසි දිනක සිදුව නොමැති බවත් මෙම ගැටලුව දිගින් දිගටම පැවතියත් සෞඛ්‍ය අමාත්‍යංශයට ඒ සඳහා විසදුමක් නොමැති බවත් සේනාරත්න මහතා තවදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයත් මෙව්වට වගකියන්න ඕනෑ කියලා අමතක වුණාද? දත් දොස්තර...!
ගුටි කෑවත් ගුටි කෑවේ නෑ වගේ ඉන්න ලජ්ජා නැති බුවෙක්
ඉස්සර ගහපු මාටියා පාරවල ප්‍රතිපල තමයි දැන් ජනතාව විදවමින් ඉන්නේ . 225 ම බබාලා, අවරුදු 20ක් විතර කිරි බිබී පාර්ලිමේන්තුවේ නිදාගෙන ඉදල . පව් .
මොන ප්‍රශ්න තිබ්බත් මෙතුමගෙ කලෙ බෙහෙත් තිබ්බ අඩුවටත් දුන්න, ඔපරේෂන් සඳහා හොඳමදේ ගෙනත් දුන්න, මිලත් අඩු කරා. සේනක බිබිලෙ මහත්මයාගෙ ප්‍රතිපත්ති ක්‍රිාත්මක කාරා. බෙබෙතෙ නමින් නිකුත් කරන්න ක්‍රම සැලැස්සුව. අනිත් අයට වඩා මෙයා හොඳයි.
මේ ඉන්නේ තව නොම්මර 1 කෙනෙක්.., ඇමැති වෙනකොට මෙයාගේ දොස්තර අඹුව ලේකම්, හෙද ඇමැතිකාලේ ලංකාවේ ඉස්පිරිතාල මෙයාට හොඳ මදි.., ජනාධිපති අරමුදලෙන් කෝටි ගානකට දුන්නා... පපුවේ අමාරුවට සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට සැත්කමට පැනලා. මොකද මොවුන්ගේ ජීවිත, රත්තරන්.... අපේ ජීවිත මේ අයට සත 5ක් වටින්නේ නෑ... පුතාවත් ගත්තා දියවන්නාවට... රටේ වාසනාවට ඒක පැරදුණා... මේ සැරේවත් මොවුන් ඔක්කොම ගෙදර එලවලා හොරකම් කරපු සල්ලි හිරේ විලංගුවේ දාලා හරි මොවුන්ගෙන් ගන්න ඕනේ...
කිඹුල් කඳුළු... මෙයාගේ කෙරුවාවත් අපිට මතකයි. ගහපු ගැහිලි බෙහෙත්වලින්...!