(තිලකරත්න දිසානායක)
යක්කල පොලිස් බල ප්‍රදේශයට අයත් ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බව කියන නීති විරෝධී සම්බාහන මධ්‍යස්ථාන දෙකක් වටලා ඒවායෙහි කටයුතු කළ කාන්තාවන් හය දෙනෙකු සහ පිරිමියෙකු අත් අඩංගුවට ගත් බව යක්කල පොලීසිය සදහන් කරයි.
අදාල පළාත් පාලන ආයතනය මගින් වෙළඳ ස්ථානයක් පවත්වාගෙන යාම පිනිස ලබාගත් වෙළඳ බලපත්‍ර පමණක් තබා ගනිමින් එම ස්ථාන පවත්වා ගෙන ගොස් ඇතත් සම්බාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම පිනිස රජයේ නියමිත බලපත් නොවුයෙන් මධ්‍යස්ථාන දෙක වටලා ඒවායෙහි සේවය කරමින් සිටි පිරිස මෙලෙස අත් අඩංගුවට ගනු ලැබූ බව පොලීසිය පවසයි.
සේවයෙහි නියැලී සිටි බව කියන කාන්තාවන් වයස අවුරුදු 25-40 ත් අතර වයසේ පසුවන වැලිමඩ, රත්නපුර යන ප්‍රදේශයන්හි පදිංචිකාරියන් වන බවත් විවාහක කාන්තාවන් වන මොවුන් ඇගළුම් කම්හල් ඇතුලු විවිධ ස්ථානයන්හි රැකියා කරන බව පවසා පැමිණ සම්බාහන මධ්‍යස්ථානවල සේවය කොට ඇති බවත් අනාවරණයවී යැයි පොලීසිය සදහන් කරයි.
යක්කල පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සිතාර කරුණාරත්න යන මහතාගේ උපදෙස් පරිදි දුෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක වසන්ත කරුණාරත්න මහතාගේ මෙහෙයවීම යටතේ කාන්තා පොලිස් කොස්තාපල් අනුරාධා ( 5727) සහ කොස්තාපල් බෝපෙගෙදර (89116) විසින් මධ්‍යස්ථාන දෙක වටලා සැකකාරියන් සහ සැකකරු අත් අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසරණ මිනිස්සු අත්අඩංගුවට ගන්නවා. හොරුන්, මංකොල්ලකාරයින්ට තියෙන බය නිසා ඔවුන් අල්ලන්නේ නැහැ...