(මහින්ද නිශ්ශංක)
ලංකා සතොස භාණ්ඩ ආනයන කරුවන්ගෙන් පරිප්පු සහ සැමන් වැඩි මිලට ගෙන පාරිභෝගිකයන් හට පරිප්පු කිලෝවක් රුපියල් 89 ක් සහ සැමන් ටින් එකක් රුපියල් 110ක් මිල අඩුවෙන් අලෙවි කිරීම හේතුවෙන් රුපියල් කෝටි 600ක පමණ අලාභයක් භාණ්ඩාගාරයට සිදුවී ඇතැයි රජයේ ආරංචි මාර්ග වලින් අනාවරණය වේ .
ඒ අනුව පරිප්පු කිලෝව රුපියල් 154 කට ආනයන කරුවන්ගෙන් මිලදී ගෙන පරිප්පු කිලෝවක් රුපියල් 65කටත්, රුපියල් 210 බැගින් මිලදී ගත් සැමන් ටින් එකක් රුපියල් 100 කටත් සතොස මගින් මහජනතාවට අලෙවි කෙරිණ.
හිටපු ජනාධිපති ඉකුත් කොරෝනා සමයේදී මහජනතාවට දෙන ලැබූ පොරොන්දුවක් මත මෙසේ අඩු මිලට පරිප්පු සහ සැමන් ලංකා සතොස හරහා අලෙවි කෙරිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
69 ලක්ෂ ජනවරම, තුනෙන් දෙකක බලය තිබූ පාර්ලිමේන්තුව සහ විසිවැනි ව්‍යවස්ථාවත් සම්මත කරගත්තු හිටපු ජනාධිපති ගෝඨාභය ක්‍රියාත්මක කළ සහ ගත්තු තීන්දු තීරණ සේරම ඉතා මෝඩ තීන්දු බව දැන් ඉතා පැහිදිලියි. ඉතින් තවම සමහර මිනිස්සු කියන්නේ යුද්ධය මෙහෙයවූයේ ඔහුලු. රටේ ඡන්ද දායකයෝ ඊළඟ ඡන්දයේදී කාවද රවට්ටන්නේ? සෑම මැතිවරණවලදීත් කියන්නේ රට බේරගන්න තියන අවසන් අවස්ථාවත් මේක කියලා ජනතාව රවට්ටනවා. දැන් විමල්ලාත් කියන්නේ ඔවුන් ගොඩ වුනාළු වැරදි බස් රථයකට... ඒ නිසා එම බස් රථයෙන් ඔවුන් බැස්සාලු. ඔවුන්ම බැස්සුවේ නැහැ. රියදුරා ඔවුන්ව පන්නලා දැම්මා. වැරැදුනේ ඔවුන්ට නොවේ, ජනතාවට වැරදුනේ...!
ඔය කොයි කොයි කිල්ලෝටෙත් හුණු තියෙනවා. ඒ හින්දා කිල්ලෝටවල තියෙන හුණුවලින් ටික ටික ගත්තා නම් ඔය පාඩුව පියවාගන්න පුළුවන්. ආ අමතක වුණාද සතොසේ ඉන්න අය ඔය වැඩේට දක්ෂ විත්තිය. සුදුළූණු කේස් එකේදී එළියට ආවේ බඩු ගෙනැල්ලා නරකයි කියලා කුණු කොල්ලෙට විකුණලා පස්සේ එම බඩුම ආපහු ගන්නවා කියලා..
මේක අයකරගන්න ඕනෑ පොහොට්ටු පක්ෂයෙන්...!
එදිනෙදා අවශ්‍ය පරිප්පු, සැමන්, හාල්මැස්සන් වගේම කුළුබඩු ආදිය සතොස හරහා කෙළින්ම ආනයනය කර ජනතාවට බෙදාහැරීමේ ක්‍රමයක් මගින් මේ පිල්ලිගැසීම්, කොමිස් ආදිය නතරකරගැනීමට බැරිද?
බන්දුලගෙ වැඩ
ඊලගට කියයි සතොස පඩු ලබන හිද වහන්න ඔන කියල . විදුලි බල මණඩලයට කරන්න යන්නෙත් ඔකමයි.