(රන්ජන් කස්තුරි)
විදේශ රැකියාවල නිරතව සිටින ශ්‍රමිකයන් වෙනුවෙන් නව විශ්‍රාම වැටපු ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.
වයස අවුරුදු 18 සිට 59 දක්වා වයස් කණ්ඩවලට අයත් විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් ‘මනුසම්‘‘ නමින් එම විශ්‍රාම වැටුප් සැලසුම හඳුන්වා දෙන බව ද නානායක්කාර මහතා කීවේය.
මනුසවි විශ්‍රාම වැටුප් සැලසුමට ඇතුළත්වීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචිය ලබගෙන විදේශ රැකියාවක නිරතවිම අනිවාර්ය බව ද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 59 විශ්‍රාම යන සිරිතක් මේ රටවල්වල නැහැ. ඒක නිසා ඔය වයස් සීමාව 65වත් කළොත් දායක මුදල් වශයෙන් වැඩිපුර ගාණක් ආණ්ඩුවට කපාගන්න පුළුවන්...
ගුටි කෑවත් ගුටි කෑවේ නෑ වගේ ඉන්න ලජ්ජා නැති බුවෙක්
මම කටාර් රාජ්‍යයෙහි ගිනි නිවන අංශයක සේවය කරන්නේ. අපිට වයස අවුරුදු 60 දක්වා පමණයි සේවය කළ හැක්කේ... මෙච්චර කල් ආපු ගොඩක් රජයවල් මේ වගේ සුරංගනා කතා කිව්වා. මේ පාරවත් ඒවා සත්‍ය බවට පත්වේ දැයි අපි බලාගෙන ඉන්නවා...
මේ අයගේ ගිණුමට දාගන්නයි මේ හදන්නේ.. මෙයාගේ නම දාගෙන දේශපාලනේ කරන්නයි හදන්නේ...
ඒ මිනිස්සු දාඩිය මහන්සියෙන් හොයන සල්ලි වලින් ගාණකට විදින්න වගේ යන්නේ... දෙන්නම් කාසිවලට... අද ගන්න ඩොලර් එකට ලැබෙන්නේ රුපියල් 360යි. විශ්‍රාම වැටුප දෙන්න යන්නේ රුපියල්වලින් ඩොලර් එක රුපියල් 10000ක් වුණා ට පස්සේ. ඒ දෙන ඩොලර් ටික අනේවාසික ගිණුමක පොළී නැතිව තැන්පත් කරලා රුපියල් වලින් ගත්තත් ඒ ගෙවන්න යන ගාන වගේ දහ ගුණයක් ලැබෙනවා. මෙව්වා හොඳයි කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට...
අම්මෝ... ඒකටත් මෙයාගේ නම දාගෙන...
හොඳ පොල්පිති ඔලුවකින් මෙයාගේ ඔලුවට 2-3ක් දුන්නා නම් විශ්‍රාම යවන්න තිබුණා.
අපේ රටේ ඉතිහාසයේ කිහිප වතාවක්ම රට ගිය අයගෙන් සල්ලි එකතු කරලා විශ්‍රාම වැටුප දකිනවා තියා දුන් සල්ලිත් පිල්ලි යැව්වා කියන්නේ හැබෑද? ඇමැති නිලධාරි කට්ටි දෙකම එක් එක්කෙනාට හොරා කියනවිට ජනතාවට දැනෙන්නේ හැමතැනම හොරුයි කියලා...
ඉස්සර නම් හිටියා සුරංගනා කතාවලට රැවටුණු අය. තවමත් ඒ වර්ගය ඉතිරිව ඇතැයි සිතිය නොහැකියි. පසුගිය දිනවල විදුලි කාර් බෝලයක් එවපු බව මතකද දන්නේ නැත.