(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මාධ්‍යවේදීන්ට සැපයූ දිවා ආහාර වේලේ හාල්මැස්සන් බැඳුමක තිබී අඩියක් පමණ දිගැති ගෝනි නූල් කැබැල්ලක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාගේ නියෝගයෙන් පරීක්ෂණයක් ආරම්භවී ඇත.
මෙලෙස පරීක්ෂණ අරඹා ඇත්තේ එම සිද්ධිය සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවය.
සිද්ධිය පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ දැඩි අවධානයට යොමුවී ඇතැයිද වාර්තා වේ. මෙවැනි සිද්ධීන් මින් ඉදිරියට ඇති වීම වැළැක්වීමට වහාම ක්‍රියාමාර්ග ගන්නැයි ඔහු අදාළ අංශයේ නිලධාරීන්ට දැනටමත් උපදෙස් දී ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පැවසූහ.
මාධ්‍යවේදීන්ට ආහාර සපයන පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් ඊයේ දිවා ආහාරය ලබා ගත් මාධ්‍යවේදියකුගේ කෑම පිඟානේ හාල්මැස්සන් බැදුමක තිබී මෙම ගෝනි නූල් නූල සොයාගෙන තිබිණ. ඒ මාධ්‍යවේදියා එම ගෝනි නූල සෙසු මාධ්‍යවේදීන්ට පෙන්වා ඒ අවස්ථාවේදීම භෝජනාගාර අංශයේ නිලධාරීන්ට බාරදීමට කටයුතු කර ඇත.
පාර්ලිමේන්තුවේ ආහාර වල නොයෙකුත් අපවිත්‍ර දේ තිබී මෙයට පෙරද සොයාගෙන තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් අපවිත්‍ර දේවල් මිශ්‍ර වෙනවා. ඒත් මේ කාලයේ මිශ්‍ර වෙන්න ඕනම වස වගේ දෙයක් එකතු වෙන්නෙම නෑනෙ රටේ කරුමෙට...
සිර ගෙවල්වල රැදවියන්ට බෙදා දෙන"කෑමවල" මීට වඩා දහ ජරාව තිබුන කියන්නෙ !!! මතක් වෙන කොටත් වමනෙ යනව. ඉතින් ඔය හාල්මැස්සො ගොනියෙ තිබුන නුල් අඩිය ගැන කවර කතාද ??? හිර ගෙදරටත් මාද්‍යවෙදීන් යා, එකෙ ක ෑම ගැනත් විපරම් කරමුද ???