ගොවීන්ට තුවක්කු දෙනවාට සත්ව අයිතින් සුරකින්නන් විරෝධයේ කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ගොවීන්ගේ වගා ආරක්ෂාව සඳහා තුවක්කු ලබාදීමට කටයුතු සූදානම් කර ඇතිබව පවසා සත්ව අයිතිවාසිකම් ක්‍රියාකාරීන් පිරිසක් රාජගිරිය වන ජීවි හා වන රක්ෂන අමාත්‍යාංශය ඉදිරිපිටදී අද (03) විරෝධතාවක් පැවැත්විනි. 03 October 2022
උ.පෙළ කල් දැම්මොත් පාසල් 10,000ක් වහන්න වෙනවා අපොස උසස් පෙළ විභාගය පැවත්වීමේ දින තවත් මාස දෙකකින් කල් දැමුහොත් ඒ වෙනුවෙන් පෙබරවාරි මාසයේදී පාසල් දස දහසක් වසා දැමීමට සිදුවන බව අධ්‍යාපන ඇමැති, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (03) පැවසීය. 03 October 2022
මූල්‍ය අර්බුදය ගැන සොයා බැලීමට කමිටුවක් පත් කරනවාද? නැද්ද? අක්රමිකවත් මූල්‍ය කළමනාකරණය හේතුවෙන් ඇති වී තිබෙන මූල්‍ය අර්බුදය පිළිබඳව සොයා බැලීම සඳහා කමිටුවක් පත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කොට ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගන්නවාද? නැද්ද? යන්න පිළිබද නියෝගය ලබන 07 වැනිදාට ප්‍රකාශයකට පත්කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) දැනුම් දුන්නේය. 03 October 2022
කෝටි 532ක ආදායම් බදු පැහැර හැරි අර්ජුන් ඇලෝෂියස්ට ඇප රුපියල් කෝටි 532 ක ආදායම් බදු මුදලක් රජයට නොගෙවා පැහැර හැරීමේ සිද්ධියකට අදාළව අධිකරණයේ පෙනී සිටි පර්පචුවල් ටේෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා රුපියල් ලක්ෂ 75ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. ඉලංගසිංහ මහතා අද (03) නියෝග කළේය. 03 October 2022
මහනුවරටත් බහුවිධ ප්‍රවාහන පර්යන්තයක් ජාත්‍යන්තර මට්ටමේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයකට ඇතුළත් වන බස් හා දුම්රිය ඒකාබද්ධ ප්‍රවාහන සේවාවන් සහ පෞද්ගලික වාහන නවතා පොදු ප්‍රවාහන සේවාවන් භාවිත කිරීමේ පහසුකම් ඇතුළු සියලු පහසුකම් සහිත බහුවිධ ප්‍රවාහන පර්යන්තයක් මහනුවර ස්ථාපිත කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 03 October 2022
95 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 159ක ලාභයක් ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 159.61 ක ලාභය ලබන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 03 October 2022
මානව හිමිකම් කවුන්සිල යෝජනා ක්‍රියාත්මක කිරීම 6වැනිදා ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර් ධනය කිරීම යන මාතෘකාව යටතේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත්වන 51/1 යෝජනා කෙටුම්පත ක්‍රියාත්මක කිරීම සඳහා ලබන 6වැනිදා යොදා ගැනෙනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 03 October 2022
කැනඩා මහකොමසාරිස් සහ ප්‍රංශ තානාපති ජනපති හමුවෙති සේවා කාලය නිම කර සිය රට බලා පිටත්ව යන ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් ඩේවිඩ් මකිනන් (David McKinnon) සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලවෙ(ර්)තු (Eric Lavertu) මහතුවරු අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූහ. 03 October 2022
නුවරඑළියේ නායයෑමේ අවදානමක් පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 03 October 2022
ඩීසල්වලින් රුපියලක ලාභයක් ලැබෙන බව ඇමති පිළිගනී ඩීසල් ලීටරයකින් අද වනවිට රුපියලක ලාභයක් ලැබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (03) පැවසීය. 03 October 2022
බණ්ඩාරනායකගේ ස්වභාෂා ප්‍රතිපත්තිය නිසා අපි මොට්ටයන් වුණා බණ්ඩාරනායක මහත්තයාගේ ස්වභාෂා ප්‍රතිපත්තිය නිසා අපි මොට්ටයන් වුණා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේදී පැවසීය. 03 October 2022
ලිට්රෝ ගෑස් මිල යළිත් අඩුවෙයි ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල මේ මස 5 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට නැවත අඩු කරන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය. 03 October 2022
ශ්‍රී ලාංකිකයන්ට ජපානයේ සාත්තු සේවක රැකියා 1000ක් ජපානයේ සාත්තු සේවක අංශයේ රැකියා දහසකට වැඩි සංඛ්‍යාවක් ලබන වසරේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට හිමිවීමට නියමිත බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය. 03 October 2022
මියන්මාර ගුවන් මගියකුට උඩු ගුවනේදී වෙඩි වැදිලා මියන්මාරයේ නෙපිටෝ නුවර සිට ලොයිකෝ නුවර තෙක් පියාසර කරමින් තිබුණු ගුවන් යානයක ගමන් ගත් මගියෙකු වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ බව මියන්මාර මාධ්‍ය පවසයි. 03 October 2022
පාන් පිටි මිල අඩු වෙයි? පාන් පිටි කිලෝවක මිල එන සතියේදී රුපියල් 250 දක්වා අඩු කිරීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (3) පැවසීය. 03 October 2022
පුනුරුත්ථාපන පනතට එරෙහිව පෙත්සම් හයක් “පුනරුත්ථාපන කාර්යාංශය” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් හයක පිටපත් තමා වෙත ලැබී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 03 October 2022
අලි අනාථාගාරයේ අපද්‍රව්‍යවලින් ජීව වායු නිපදවන්න යයි පින්නවල අලි අනාථාගාරයෙන් බැහැර කෙරෙන අපද්‍රව්‍ය භාවිත කර මහා පරිමාණ ජීව වායූ නිෂ්පාදනාගාරයක් ඇරඹීමට අවශ්‍ය ශක්‍යතා අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පින්නවල අලි අනාථාගාරයේ ක්ෂේත්‍ර චාරිකාවක නිරත විය. 03 October 2022
ජුලී චන්ග් දකුණු ආසියාවේ ප්‍රථම සබ්මැරීන් කේබල් මධ්‍යස්ථානයේ චාරිකාවක ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය පසුගියදා ගාල්ල ප්‍රදේශයේ පිහිටා ඇති දකුණු ආසියාවේ ප්‍රථම සබ්මැරීන් කේබල් මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූවාය. 03 October 2022
වික්ටර් රත්නායකට ඕස්ට්‍රේලියාවෙන් සම්මානයක් ශ්‍රී ලාංකීය ප්‍රවීණ සංගීතඥයකු වන ආචාර්ය වික්ටර් රත්නායක මහතාට ඕස්ටේ්රලියාවේ දී ඊයේ (2) උපහාර සම්මානයක් හිමිවිය. 03 October 2022
’’සුරාබදු ආදායම අපේක්ෂිත ලෙස සපුර ගන්න බෑ’’ සුරාබදු ආදායම මේ වසරේදී (2022) රුපියල් බිලියන 185 දක්වා ඉහළ දමන්නැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාටිය මහතා ඉල්ලීම කළද හේතු ගණනාවක් නිසා එම අපේක්ෂිත ආදායම සපුරා ගත නොහැකිවනු ඇතැයි මත්පැන් නිෂ්පාදකයෝ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට පෙන්වා දී තිබේ. 03 October 2022
තඹුත්තේගම කොල්ලය වැළැක්වූ බුද්ධිකට උසස්වීමක් තඹුත්තේගමදී බැංකු කොල්ලකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් පොලිස් සැරයන් බී.ඒ. බුද්ධික කුමාර මහතා උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කළ බව පොලිස් මූලස්ථානය පවසයි. 03 October 2022
නිවාස ඔප්පු ඉල්ලා වතුකම්කරුවෝ විරෝධතාවක 1987 සිට නිර්මාණය කරන ලද 3700ක වතු කම්කරුවන්ගේ නිවාස සඳහා නිත්‍යානුකූල ඔප්පු ලබා දෙන ලෙස රජයට බලකරමින් වතුකම්කරු සමාජ සංවර්ධන ආයතනය සංවිධානය කරන ලද විරෝධතාවයක් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට අද (03) පැවැත්විය. 03 October 2022
ව්‍යවස්ථාදායක කාරක සභාව පත් කෙරෙයි මාසයකට ආසන්න කාලයක් තිස්සේ අක්‍රියව පැවතුණු පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවද අද (3) පත් කෙරිණ. 03 October 2022
හම්බන්තොට සෆාරි උයනේ දෙවෙනි කොටස හෙට විවෘත කරයි හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයේ දෙවෙනි කලාපයට අයත් කුඩා සත්ව කලාපය, සත්ව අභිජනන සංරක්ෂණ සහ පර්යටන පක්ෂීන් ගළවාගැනිමේ මධ්‍යස්ථානය හෙට(4) විවෘත කරන බව වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යංශය පවසයි. 03 October 2022
මානව හිමිකම් කොමිසමෙන් අලුත් වැඩක් රටේ ආර්ථික අර්බුදය ඇතිවීමට තුඩුදුන් හේතු කාරණා සම්බන්ධයෙන් පුළුල් කරුණු සොයා බැලීමක් කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර ඇත. 03 October 2022
කෝප් කමිටුවට මන්ත්‍රීවරු 27ක් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝප් කමිටුව) සඳහා පත් කෙරුණු සාමාජික මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද ප්‍රකාශයට පත් කළේය. 03 October 2022
පාසල් නිල ඇඳුම් සියයට හැත්තෑවක් චීනයෙන් දෙයි 2023 වසර සඳහා සදහා පාසල් සිසු සිසුවියන්ට අවශ්‍ය නිල ඇඳුම් ප්‍රමාණයෙන් සියයට හැත්තෑවක් චීන රජයෙන් ලබාදීමට එකඟතාව පළකර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය. 03 October 2022
කෝපා කමිටුව නම් කරයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝපා කමිටුව) සඳහා පත්කරනු ලැබ සිටින සාමාජික මන්ත්‍රීවරුන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශයට පත් කළේය. 03 October 2022
පස් කන්දක් නිවසක් මතට කඩා වැටී තිදරු මවක් මරුට තලවකැලේ, පතන, මවුන්ට්වර්නන් වත්තේ උඩ කොටසේ වතු නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් වතු කම්කරු කාන්තාවක් අද (03) ජීවිතක්ෂයට පත්ව ඇතැයි දිඹුලපතන පොලීසිය පවසයි. 03 October 2022
ආර්ථික අර්බුදය ජය ගන්න සහාය වන බව යුරෝපා සංගමය කියයි ශ්‍රී ලංකාවේ ජනතාව පෙර නොවූ විරූ අභියෝගවලට මුහුණ දී සිටින මොහොතක අවශ්‍ය ප්‍රතිසංස්කරණමය ක්‍රියාවලියක් සහිතව එම අර්බුදය සාර්ථකව ජය ගනිමින් රට සෞභාග්‍යය කරා ගෙන යාමට සහ කල්පවත්නා ජාතික සංහිඳියාවේ මාවතකට ප්‍රවේශ වීමට ශ්‍රී ලංකාව දරන ප්රයත්නයන්ට සහාය වීමට යුරෝපා සංගමය කැපවී සිටින බව යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් (Ursula Von Der Leyen) මහත්මිය සඳහන් කළාය. 03 October 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026