
(විමුක්ති එස් රුද්‍රිගු)
ලෝකයේ සිටින බිලියනපතියන්ගේ ධනය දිනකට ඇමෙරිකානු ඩොලර් 2.7 කින් ඉහළ යන බව ඔක්ස්ෆෑම් සංවිධානය නිකුත් කළ නවතම වාර්තාව පෙන්වා දෙයි.
බිලියනපතියන්ගේ ධනය මෙසේ වැඩිවන විට ලෝකයේ බිලියන 1.7 ක වැඩකරන ජනතාවක් ඉහළ උද්ධමනය සහිත රටවල ජීවත් වීම හේතුවෙන් ඔවුන් උපයන මාසික වැටුපේ අගය අඩු වී දුෂ්කරතා රැසකට මුහුණ දී සිටින බව එම වාර්තාවේ දැක්වේ.
ලෝකයේ සිටින මිලියනපතියන් සහ බිලියනපතියන් මත සියයට 5 බද්දක් පැනවූහොත් ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.7 ක් උපයා ගත හැකි බවත් එම මුදලෙන් ලෝකයේ බිලියන 2 ක ජනතාවක් දුගීභාවයෙන් මුදවා ගත හැකි බවත් එම වාර්තාව පෙන්වා දෙයි.
2020 වසරේ සිට මේ දක්වා ලෝකය උපයා ඇති සමස්ත ධනයෙන් තුනෙන් දෙකක් අත්පත් කරගෙන ඇත්තේ ලෝකයේ සියයට එකක් වූ ධන කුවේරයන් බවත් එය අගයක් ලෙස ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 42 ක් බවත් එම වාර්තාවේ දැක්වේ. එම මුදල ලෝකයේ ඉතිරි සියයට 99 ඉපැයූ ධනය මෙන් දෙගුණයක් බවත් එම වාර්තාව පෙන්වා දෙයි.
2025 දෙසැම්බර් මස 18
245
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
986
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බිලියනපතියන්ගේ ධනය ඉහළ යාමෙන් දුප්පතුන් පීඩාවට