IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඕමාන් සුරක්ෂා නිවසෙන් පැමිණි කාන්තාවක් පනී

(යොහාන් භාසුර)

ඕමානයේ රැකියා සඳහා පිටත්ව ගොස් විවිධ අපහසුතාවයන්ට පත්ව ඕමාන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවසේ සිටියදී අද (16) ශ්‍රී ලංකාවට පැමිණි කාන්තාවන් 14 දෙනාගෙන් කාන්තාවක් ගුවන්තොටුපළේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරීන් මගහැර පලාගොස් ඇති බව එම කාර්යංශය පවසයි.

ඕමාන් සුරක්‍ෂා නිවසෙන් අද පැමිණි කාන්තාවන් 14 දෙනාත් ඇතුළුව කාන්තවන් 32 ක් මේ වන විට ශ්‍රී ලංකාවට ගෙන්වා ගෙන ඇති බව එම කාර්යංශය සඳහන් කරයි.

එම කාන්තාවන් 14 දෙනාගෙන් 7 දෙනෙක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ ගතවී ඇති අතර ඉතිරි 7 දෙනා නීති විරෝධීව විදේශ ගතවී ඇති බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී නීතිවිරෝධී අයුරින් විදේශ ගතවන පුද්ගලයින් ගෙන්වාගැනීම සඳහා මුදල් වැයකිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට නීතිමය ප්‍රතිපාදන නොමැති බවත් එම කාර්යංශය කියයි.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ මැදිහත්වීම මත ලබාගත් විශේෂ කැබිනට් අනුමැතියකින් මෙම පිරිස ගෙන්වාගැනීමට කටයුතු කළ බව කී විදේශ සේවා නියුක්ති කාර්යංශය යම් පුද්ගලයෙකු විදේශ ගතවන අවස්ථවේදී තම ඥාතීන් හෝ මිතුරන් බැලීමට යන බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන්ට අසත්‍ය තොරතුරු ලබාදී විදේශ ගතවී ඇත්නම් ඔවුන්ට සහ ඔවුන් විදේශ ගතකිරීමට කටයුතු කළ පුද්ගලයින්ට එරෙහිව නිත්‍යානුකුලව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.

 



අදහස් (0)

ඕමාන් සුරක්ෂා නිවසෙන් පැමිණි කාන්තාවක් පනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site