(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ නිමාලි කහවල)
ඉංගිරියේ පැවති සැණකෙළියක් නරඹා ආපසු යමින් සිටි තිදෙනකු රැගත් යතුරු පැදියක් සහ වෑන් රථයක් ඉංගිරිය පාදුක්ක මාර්ගයේ රයිගම් වත්ත ප්‍රදේශයේ දී අද අලුයම මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි ඉංගිරිය පොලීසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ හඳපාන්ගොඩ වියවෙල ඉහළ පදිංචිව සිටි ජයලත් කුමාර (36) හා , හඳපාන්ගොඩ පන්සල පාර පදිංචි තරිඳු පිය රංග (27) යන දෙදෙනායි.
ඉංගිරිය ප්‍රදේශයේ පැවති වෙළඳ ප්‍රදර්ශනයක් හා සැණකෙළියක් නරඹා ඉංගිරිය පාදුක්ක මාර්ගයේ හඳපාන්ගොඩ දෙසට යමින් සිටි තිදෙනකු රැගත් යතුරු පැදියක් සහ අඹු සැමි යුවලක් සහ කුඩා දරුවෙක් ගමන් ගත් වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.
අනතුරින් සිඟිති දරුවාට කිසිදු අනතුරක් වී නැත.
අනතුරත් සමගම ප්‍රදේශවාසීන් යතුරුපැදි යතුරු පැදියෙන් ගමන් ගත් තිදෙනා සහ වෑන් රථයේ සිටි අඹුසැමි යුවළ ඉංගිරිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව යතුරු පැදියේ ගමන් ගත් එක් අයකු මිය ගොස් තිබූ අතර අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා සෙසු පුද්ගලයන් හොරණ මූලික රෝහල ඇතුලත් කිරීමෙන් අනතුරුව පැදිකරු මියගොස් තිබූ බව පොලිසිය කියයි .
2025 දෙසැම්බර් මස 18
240
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉංගිරියේ අනතුරින් තරුණයෝ දෙකක් මරුට