දුම්රිය පොළේ නින්ද ගිය එස්.අයිට සුද්දයක් දීලා
දුම්රියක් පැමිණෙන තෙක් රත්මලාන දුම්රිය ස්ථානයේ පුටුවක වාඩිවී සිටියදී නින්ද ගිය අතරවාරයේ උප පොලිස් පරීක්ෂකවරයකුගේ ගමන් බෑගයේ තිබූ නවීන පන්නයේ ජංගම දුරකථනයක්, රත්තරන් මුද්දක්, ගෙල පැලැඳ සිටි පවුම් හයක් බර සුරය සහිත රන් මාලයක් සහ රුපියල් 2000 සහිත පසුම්බිය කොල්ලකා ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලීසිය පවසයි.