(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (23) රැස්වූ අවස්ථාවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පදනම් අංක 100 කින් අඩු කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 9 දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 10 දක්වාත් අඩු කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දුන්නේය.
මධ්‍යකාලීනව උද්ධමනය ඉලක්ක ගත සියයට 5 සීමාවේ තබා ගනිමින් ආර්ථික මට්ටම ඉහළ නංවමින් ස්ථාවර කිරීමේ හැකියාව ඇති කිරීම සඳහා දේශීය සහ ගෝලීය ආර්ථිකය වර්තමාන වර්ධනයන් සහ අනාගතයේ සිදු විය හැකි වර්ධනයන් ඉතාමත් සැලකිලිමත්ව විශ්ලේෂණය කරමින් මුදල් මණ්ඩලය මෙම තීරණයට එළඹි බව ශ්‍රී ලංකා මහ බැංකුව පැවැසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd