
නිව්මෝනියා ආසාදන තත්ත්වයක් ඇති කරමින් චීනයේ නගර කීපයක පැතිරෙන නව වයිරස උණ සම්බන්ධයෙන්, චීන සෞඛ්‍ය අංශ ලෝක සෞඛ්‍ය සංවිධානයට පැහැදිලි කිරීමක් කර තිබේ.
චීන සෞඛ්‍ය බලධාරීන් එම පැහැදිලි කිරීම කළේ, නව වයිරස රෝගය සම්බන්ධයෙන් වහා පැහැදිලි කිරීමක් කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කළ ඉල්ලීමට ප්‍රතිචාර දත්වමිනි.
එය නව වයිරස රෝගයක් නොවන බවත්, නිව්මෝනියා රෝගීන්ගේ වැඩිවීම සාමාන්‍ය සිදුවීමක් බවත්, චීන සෞඛ්‍ය බලධාරීන් ලෝක සෞඛ්‍ය සංවිධානයට පැහැදිලි කර තිබේ.
මේ වනවිට චීනයේ බෙයිජීං අගනුවර ද ඇතුළු නගර කීපයක රෝහල් නිව්මෝනියා රෝගීන්ගෙන් පිරී ගොස් ඇති අතර, ඔවුන්ගෙන් වැඩි දෙනා කුඩා දරුවන්ය.
2019 වසරේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ‘කොවිඞ් 19’ කොරේනා වයිරසය හිස එසවූයේත්, පසුව ගෝලීය වසංගතයක් බවට පත් වී ලොව පුරා ව්‍යාප්තවූයේත් මේ අයුරිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd