(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නව සාමාජිකයන් ඉදිරි සති දෙක තුළ පත් කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද(24) පැවසීය.
ව්‍යවස්ථාදායක සභාවේ පත්කිරීම් ගැන කාටවත් දොස් පැවරීමෙන් පලක් නැති බවත් පත් කිරීම් කිහිපයක් කිරීමට නොහැකි වූයේ විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩුවක් නිසා බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.
ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ලියා යවන බවද ඔහු කීවේය.
කතානායකවරයා මෙසේ පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd