(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
විදුලිය නිපදවන්නට යන පිරිවැයට වඩා 12 ගුණයකට විදුලිබල විදුලිබල මණ්ඩලය ජනතාවට විදුලිය විකුණමින් සිටින බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ගිනි පොලී කාරයෙක් වත් මෙවැනි දේවල් කරන්නේ නැතැයි ගම්මන්පිල මහතා සඳහන් කළේය.
අතීත වැරදි සියල්ල දැන් විදුලි බිලෙන් අය කර ගනිමින් සිටින බව කී ගම්මන්පිල මහතා සිංගප්පූරුවේ විදුලි ඒකකයකට අය කරන මිල සහ ලංකාවේ විදුලි ඒකකයකට අය කරන මිල සමාන යැයි පැවසීය.
මුළු රටම අඳුරට යවා විදුලිබල මණ්ඩලයේ ශේෂ පත්‍රය පමණක් ලස්සන කර ගැනීමේ ඵලය කිම දැයි ගම්මන්පිල මහතා ප්‍රශ්න කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි ඔව්, මෙයා කරපු කාලේ හරියට නිකන් දුන්නා වගේ කතාව...!