බිම්ගත සූර්ය පැනල ව්‍යාපෘතියට අස්සන් කරයි මෙගාවොට් 100 ක බිම්ගත සූර්ය පැනල විදුලිබලය උත්පාදන ව්‍යාපෘතියේ විදුලිය මිලදීගැනීමේ ගිවිසුමට ලංකා විදුලිබල මණ්ඩලය සහ රිවිදනවි පෞද්ගලික සමාගම අද (8) අස්සන් තැබීය. 08 February 2024
සනත් ගැන කතානායක දුක්වෙයි රාජ්‍ය අමාත්‍ය සහ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ අභාවය පිළිබඳව තමා බලවත් කණගාටුවට පත්වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය. 08 February 2024
කෘත්‍රිම බුද්ධි චීන ළමයා විද්‍යා ප්‍රබන්ධ කතා යථාර්තයක් කරමින් ලොව ප්‍රථම කෘතිම බුද්ධියෙන් බලගැන්වුණු ළමයා චීන විද්‍යාඥයන් විසින් පසුගිය 28 - 29 බෙයිජිං නුවර පැවැති කෘතිම බුද්ධි තාක්ෂණය පිළිබඳ ප්‍රදර්ශනයකදී ලොවට හඳුන්වා දෙනු ලැබුවේය. 08 February 2024
ආසියාවේ වැඩිම විදුලි ගාස්තු ලංකාවේ දකුණු ආසියාවේ ඉහළම විදුලි ගාස්තු ඇත්තේ ශ්‍රී ලංකාවේ බව නවතම විශ්ලේෂණයකින් අනාවරණය වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය. 08 February 2024
වැට් වැඩි කිරීම අයහපත් පාලනයේ ප්‍රතිඵලයක් වැට් වැඩි කිරීම රජයේ අයහපත් ආර්ථික කළමනාකරණයේ ප්‍රතිඵලයක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 08 February 2024
දසුන් ශානක එක්දින සංචිතයෙන් ඉවත් කරයි ඇෆ්ගනිස්තානයට එරෙහිව පල්ළෙකැලේදී හෙට (9) ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයෙන් හිටපු නායක, තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක ඉවත් කර තිබේ. 08 February 2024
හිමි නමගේ මැණික් ජාවාරම අතේ පත්තු වෙයි රුපියල් කෝටි 37කට අලෙවි කිරීමට සුදානම් කර තිබු කාකා නිල් මැණික් කැට 2 ක් සමග වැලිවේරිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක සහ පුද්ගලයකු අත්අඩංගුවට අද (7) අත්අඩංගුවට ගත් බව යුද හමුදාව පවසයි. 08 February 2024
විශ්‍රාම වැටුප් හිමියන් ලක්ෂ හතක් අමාරුවේ රජයේ විශ්‍රාම වැටුප් හිමියන් ලක්ෂ හතකට අධික සංඛ්‍යාවක් විශේෂ දීමනාව නොලැබීමෙන් සහ විශ්‍රාම වැටුප සකස් කිරීම ප්‍රමාද වීමෙන් අපහසුතාවට පත්ව සිටින බව විශ්‍රාම වැටුප් හිමියෝ පවසති. 08 February 2024
මැතිසබේ මුලසුනට එන මන්ත්‍රීවරුන් මෙන්න නව වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභා වාරයේ මුලසුන දරන සභාපති නාමාවලිය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (8) ඉදිරිපත් කළේය. 08 February 2024
සිහිනෙන්වත් ආණ්ඩුවට එකතු වෙන්නේ නෑ වර්තමාන ආණ්ඩුවේ වැඩපිළිවෙළ ඉදිරියටගෙන යෑමෙන් රටේ හෙට දවසට යපතක් නොවන්නාක් මෙන්ම එම වැඩපිළිවෙළින් රට අර්බුදයේ අගාදයට ගමන් කරන බවත් ඒ හේතුවෙන් ආණ්ඩුවේ දේශපාලන වැඩපිළිවෙළට එකතු වීමට සිහිනෙන්වත් අදහසක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (8) පැවසීය. 08 February 2024
යුද හමුදා පොලිසියේ මැගසිනයක් අතුරුදන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය පොල්හේන්ගොඩ කදවුරේ ටි 56 ගිනි අවියකට අයත් උණ්ඩ 30 ක් පුරවන ලද මැගසිනයක් අස්ථානගතව ඇති බවට කිරුළපන පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 08 February 2024
ඉතාලි ජාත්‍යන්තර සංචාරක සමුළුව මහ ඉහළින් ජාත්‍යන්තර සංචාරක සමුළුව, පෙබරවාරි 4,5, 6 යන දිනවල , ජාතික සහ ජාත්‍යන්තර ගැනුම්කරුවන් සහ ප්‍රදර්ශකයන් සඳහා මිලානෝ ඇලෙන්සි හි පැවැත්විය. 08 February 2024
රනිල්ට අවුරුදු 12ක් දෙමුයි වජිර කියයි අවුරුද්දයි මාස අටකදී රට හරි පාරට ගත් ජනපතිට වසර දොළහක් රට බාර දුන්නොත් ආසියාවේම බලවත් රටක් බවට පත් කිරීම සුළු කාරණයක් වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. 08 February 2024
පූජා කළාට පස්සේ හරි මල් වට්ටියට අත ගහන්න පවතින ක්‍රමය වෙනස් කරන්නැයි උද්ඝෝෂණය කළ විපක්ෂය රටේ සැබෑ වෙනසක් වෙමින් තිබිය දී පාර්ලිමේන්තුවේ ද නොමැති බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 08 February 2024
සජිත්ගේ ප්‍රතිපත්තිය අහන්න ෆොන්සේකා නෑ ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අහන්නට පාර්ලිමේන්තුවේ සිටි සමගි ජන බලවේගයේ සරත් ෆොන්සේකා ඇතුළු ප්‍රබලයින් අද සජිත් ප්‍රතිපත්තිය කියන විට සභාවේ නැතැයි පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 08 February 2024
දෙණියාය රෝහලේ සැත්කම් නැවතිලා දෙණියාය මූලික රෝහලේ සේවය කරමින් සිටි එකම විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයා රෝහල හැර විදේශගතවීම හේතුවෙන් රෝහලේ සිදු කරන සියළු සීසේරියම් සැත්කම් ඇතුළු අනෙකුත් සැත්කම් ඇනහිට තිබෙන බව දෙණියාය මූලික රෝහලේ වැඩ බලන වෛද්‍ය අධිකාරී රන්දිව් අබේවික්‍රම මහතා මෙවර කොටපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සම්බන්ධීකරණ කමිටුවේදී අනාවරණය කළේය. 08 February 2024
රට බංකොලොත් කළ අයගෙන් වන්දි ගෙන මිනිස්සුන්ට දෙනවා ආර්ථිකය බංකොලොත් කළ නායකයන්ගෙන් ගෙන රටේ ජනතාවට වන්දි ලබා දෙන වැඩසටහනක් සමගි ජන බලවේගයේ රජයක් යටතේ ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 08 February 2024
මත්පෙති 1200 ක් සමඟ දෙදෙනෙක් දැලේ අළෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ මත්පෙති 1200 ක තොගයක් සමඟ සැකකරුවක් සහ සැකකාරියක් සිලාවතුර, නානට්ටාන් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසීය. 08 February 2024
රැඳවියාගෙන් බන්ධනාගාර නියාමකට කොසු පහර වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැදවියකු කොසුමිටකින් පහරදීමෙන් බන්ධනාගාර නියාමකවරයෙක් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 08 February 2024
ලංකාදීප ’’ඒ’’ තුමා නිහඬවෙයි සමාජ අසාධාරණයට රටට බරක් වූ දේශපාලකයින්ට එරෙහිව පෑනෙන් තෙළිතුඩෙන් සටන් කළ ප්‍රවීණ චිත්‍ර ශිල්පී තලංගම ජයසිංහ මහතා ඊයේ (07) රාත්‍රියේ සිය ජීවන ගමන නිමා කළේය. 08 February 2024
කුඩු නැතිව සිටි තරුණයා කපාගෙන රෝහලේ මත්ද්‍රව්‍ය (අයිස් සහ හෙරොයින්) භාවිතය සදහා දීර්ඝ කලක සිට ඇබ්බැහි සිටි පුද්ගලයකු මත්ද්‍රව්‍ය ලබා ගැනීමට නොහැකිව කුරුණෑගල බස් නැවතුම්පොළේ දී ගෙල පිහි තලයකින් කපා තුවාල කරගැනීම හේතුවෙන් රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි. 08 February 2024
කඳුළුගෑස් ගැහුවේ විපක්ෂ නායක මරන්න සජබ උද්ඝෝෂණයේදී කඳුළු ගෑස් උණ්ඩ ගැසුවේ විපක්ෂ නායකවරයාගේ ජීවිතයට හානියක් කිරීමට බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අද (8)පැවසීය. 08 February 2024
බුද්ධ ධර්මය ප්‍රශ්නපත්‍රයට වෙනත් ආගමක ප්‍රශ්නපත්‍රයක් දීලා දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් පාසලක පහ වසර ශිෂ්‍යත්ව විභාග බුද්ධ ධර්මය පෙරහරු ප්‍රශ්න පත්‍රය වෙනුවට එම විද්‍යාලයේ වැඩ බලන විදුහල්පතිවරිය බලහත්කාරයෙන් සිසුන් පිරිසකට අන්‍යාගමික ප්‍රශ්න පත්‍රයක් ලබාදීමට එරෙහිව වහාම පරීක්ෂණයක් පවත්වා නීතිමය පියවර ගන්නා ලෙස දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියෝ අද( 08 )විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් පැවසූහ. 08 February 2024
හිරේ ඉන්න ඉම්රාන් තැපැල් ඡන්දය දාලා දූෂණ චෝදනාවලට වරදකරු වී, බන්ධනාගාරගතව සිටින හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, තැපැල් ඡන්දයකින් සිය ඡන්දය ප්‍රකාශ කර ඇතැයි පාකිස්තාන මාධ්‍ය පවසයි. 08 February 2024
මල්වතුහිරිපිටියේ හිමිනම ඝාතනයේ රියදුරු අල්ලයි මල්වතුහිරිපිටිය පොලිස් වසමේ හිමිනමක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වාහනයේ රියදුරු ලෙස කටයුතු කල බවට සැකකරන පුද්ගලයෙක් ගිනි අවි 2 ක්, අත්බෝම්බයක් සහ උන්ඩ පහළොවක් සහ අයිස් මත්ද්‍රව්‍ය 15g 300mg සමග බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිළධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 08 February 2024
හොඳ හිත රැකෙන විදියට චීන පෝර ගැටලුව විසඳන්න තීරණයක් චීන සමාගමකින් කාබනික පොහොර මිල දී ගැනීම සම්බන්ධව පැන නැගී ඇති ගැටළුව දෙරට අතර සුහදතාව රැකෙන පරීදි සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 08 February 2024
වෛද්‍යවරියකට අතවර කළැයි වෛද්‍යවරයා අත්අඩංගුවට අරණායක දිසා රෝහලේ සේවය නිරතව සිටි සිය 28 හැවිරිදි වෛද්‍යවරියකට රාජකාරියේ නිරතව සිටියදි බලහත්කාරයෙන් ලිංගික අතවර කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම රෝහලේ වෛද්‍යවරයකු අද (8) අත්අඩංගුවට ගත් බව අරණායක පොලිසිය කියයි. 08 February 2024
හමාස් සටන් විරාමයට ඊශ්‍රායල අගමැති කැමති නෑ සටන් විරාමයක් සඳහා, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉදිරිපත් කළ කොන්දේසි, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එකපයින් ප්‍රතික්ෂේප කළේය. 08 February 2024
ඉරාන හිතවාදී සටන්කාමී නායකයා ඇමෙරිකන් ප්‍රහාරයෙන් මරුට ඉරාකයේ, ඉරාන හිතවාදී සටන්කාමීන් කල්ලියක නායකයා ඇමෙරිකන් ඩ්‍රෝන ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්විය. ඩ්‍රෝන ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූයේ ඉරාකයේ ක්‍රියාත්මක කටාබි හිස්බුල්ලා සටන්කාමී කල්ලියේ නායකයාය. පසුගියදා ජෝර්දානයේ ඇමෙරිකන් හමුදා කඳවුරට පහර දුන් බව පැවැසුණේ මෙම සටන්කාමී කල්ලියයයි. 08 February 2024
ඇමෙරිකන් හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටේ ඇමෙරිකන් හමුදාවේ මැරීන් භටයන් රැගත් හෙලිකොප්ටර් යානයක් ඊයේ (8) අනතුරට පත් වී කඩා වැටුණි. යානය කඩා වැටුණේ, නෙවාඩා ක්රීච් ගුවන් කඳවුරේ සිට දකුණු කැලිෆෝනියාවේ ගුවන් කඳවුරක් වෙත පියාසර කරමින් සිටිද්දීය. 08 February 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026