
( පද්මසිරි ගාර්දියවසම්)
අවුරුදු තුනක් වයසැති සිගිති දරුවෙකු නිවසේ ජල ටැංකියට ඇද වැටී දියේ ගිලී මියගොස් ඇතැයි මිද්දෙනිය පොලිසිය පැවසීය .
මෙලෙස මියගොස් ඇත්තේ, නැගෙනහිර මිද්දෙනිය ලිපිනයේ පදිංචිව සිටි සමරකෝන් මුදියන්සේ ලාගේ අයෝන් කොවිජ නමැති දරු සිගිත්තාය.
දරුවාගේ මව සිය නව හැවිරිදි දරුවා සහ මියගිය තුන් හැවිරිදි දරුවා රාත්‍රි ආහාරය ගැනීමෙන් පසු ඔවුන්ගේ ඇග සෝදා නින්දට යැවීමට නිවස පිටත තනා ඇති ජල ටැංකිය වෙත කැදවා ගෙන ගොස් තිබේ .
නව හැවිරිදි දරුවාගේ ඇග සේදූ මව කුඩා දරුවා ජල ටැංකිය අසල සිටියදී වැඩිමහල් දරුවා සමග නිවස තුලට ගොස් තිබේ .
නැවත පැමිණ සොයා බැලීමේදී කුඩා දරුවා ජල ටැංකිය තුලට වැටී සිටිනු දැක ඔහු ගොඩට ගෙන මිද්දෙනිය රෝහලට ඇතුළත් කර තිබේ .
මිද්දෙනිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කුඩා දරුවා ජීවිතක්ෂයට පත්වූ බව රෝහල් ආරංචි මාර්ග පැවසීය .
2025 දෙසැම්බර් මස 18
563
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
279
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1081
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිඟිත්තා ජල ටැංකියට බිලි
Ruwan De Silva Monday, 08 July 2024 09:43 AM
අපේ තාත්තගේ සහොදර, සහොදරියන් 9ක් ඉන්නවා තාම 9 දෙනාම ඉන්නවා, අපේ පවුලේ 5ක් අපේ දෙමාපියන්ට පින් අපි ගැන සෙවිල්ලෙන් හිටිය එකට, මේ වගේ නොසැලකිල්ල හින්දා නම් අපේ පවුලේ 5න් 1යි ඉතුරු. තාත්තගේ පවුලේ 9න් 2යි. දෙමව්පියන් වුනාම දරුවන් ගැන වගකීමක් තියෙනවා නැතුව සත්තු වගේ ළමයි වදලා විතරක් වැඩක් නෑ.
Bunny Preena Monday, 08 July 2024 01:09 PM
දරුවන්ගේ ජිවිත ගරන කිසිම වටිනාකමක් නොදන්න මෙහෙමත් මෝඩ අම්මාලා ඉන්නවාද?