IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කෙහෙලියගේ වටේ අයගෙත් ගිනුම් ගැන සොයයි

(රංජිත් පද්මසිරි)

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ වත්කම් පිළිබඳව සිදුකරන විමර්ශන කටයුතු පුළුල් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කළේය.

ඒ අනුව කෙහෙළිය රඹුක්වැල්ලගේ සමීපතම ඥාතීන්ගේ සහ සේවකයන්ගේ ඉපැයීම් පිළිබඳවද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සොයා බලනු ඇත.

ඒ සඳහා අවශ්‍ය ඉදිරි පියවර ඉදිරි දින කීපයේදී ගනු ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කළේය. කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඔවුන්ගේ ධනය උපයාගත් ආකාරය සම්බන්ධයෙන් ලබාදී ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවද ඔහු පැවැසුවේය. ඒ හේතුවෙන් රඹුක්වැල්ලගේ සමීපතම ඥාතීන්ගේ සහ සේවකයන්ගේ ඉපැයීම් පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සොයා බැලීමට තීරණය කළ බව එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා ප්‍රකාශ කළේය.

හිටපු අමාත්‍යවරයාගේ, ඔහුගේ බිරිඳගේ, දියණියන් තිදෙනාගෙ සහ බෑණාගේ ස්ථාවර තැන්පතු 16ක්, රක්ෂණ ඔප්පු තුනක් එළඹෙන ඔක්තෝබර් 4 වැනිදා දක්වා අත්හිටුවීමට කොළඹ මහාධිකරණය මීට පෙර නියෝග කර තිබිණි.



අදහස් (7)

කෙහෙලියගේ වටේ අයගෙත් ගිනුම් ගැන සොයයි

Muthu Sunday, 07 July 2024 10:42 PM

ඔයත් නිකමට වගේ කියල බලන්න, සීඅයිඩී එක... මට ඉන්න දෙන්නේ නෑ අප්පා....ඔලුවත් රිදෙනවා වගේ කියලා....සමහරවිට මොකක් හරි හොඳ දෙයක් වෙන්න පුළුවන්....

:       0       7

Prabha Sunday, 07 July 2024 11:21 PM

කෙහෙලියට නම් ව්‍යාපාර හරි තබුණා කියලා කියන්න පුළුවන්.ඒ උනාට බලහන්කො චිචී බේබිලා ඉන්න විදිහ

:       3       7

Dharmasiri Monday, 08 July 2024 04:25 AM

නෑයො සේවකයින් පමණක් නොවෙයි ඉතාමත් හිතවතුන්ගේ ඒවා ගැනත් බලන්න දේපළ ගන්නවිට නෑයො සේවකයින්ට වඩා වෙනත් ප්‍රදේශවල හිතවතුන් නමින් ගන්න පුළුවන් කියලා හිතෙනවා

:       0       9

sam Monday, 08 July 2024 05:15 AM

කෙහෙළිය විතරක් නෙමෙයි .රාජපක්ෂ කට්ටියගේත් ඔය වගේම පරීක්ෂා කාලානම් හොරා කාපු සල්ලි බුරුතු පිටින් හොයාගන්න පුළුවන්

:       3       10

Ruwan De Silva Monday, 08 July 2024 09:44 AM

කෙහෙලියගේ අනියම් බිරින්දෑවරුගේ ගිණුම් එහෙමත් 5-6ක් ඇති

:       1       11

fairoos Monday, 08 July 2024 11:50 AM

මෙතුමාට දඩුවම් ලැබුනොත් ලංකාවේ නමවැනි පුදුමයට එකතු වෙනවා.

:       0       8

DHARMATILEKE Monday, 08 July 2024 05:24 PM

ඊළඟට රාජපක්ෂ නඩයේ සහ එයාලගේ කල්ලියේ කොහොමද සල්ලි උපයාගත්තේ කියලා බලන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site